ශ්‍රී ලංකාවේ තරුණ ගොවියෙකු, මහළු ගොවියෙකු සහ තරුණ ගොවි කාන්තාවක සමග වැවක් අසල කුඹුක් ගසක් යට සාකච්ඡා කරමින් සිටින කෘෂිකර්ම නිලධාරියෙකුගේ සහ නිලධාරිනියකගේ ඡායාරූපයක් නිර්මාණය කරන්න.

මෙම ඡායාරූපයේ පසුබිම දර්ශනීය විය යුතු අතර වැව තුළ නෙළුම් මල් පිපී තිබිය යුතුය.

තරුණ ගොවියා මුහුණ පුරා රැවුල වවාගත් කඩවසම් පුද්ගලයෙකු විය යුතු අතර ඔහු දුඹුරු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටිය යුතු අතර තොප්පියක් හිසේ දමාගෙන සිටිය යුතුය. ඔහුගේ අතේ උදැල්ලක් තිබිය යුතුය.

‍තරුණ ගොවි කාන්තාව රෝස පැහැති මල් ගවුමකින් සැරසී සිටිය යුතු අතර ඇගේ අතේ නෙළුමල් තිබිය යුතුය. ඇය රූමත් තරුණියක් විය යුතුය.

මහළු ගොවියා සුදු සරමකින් සහ සුදු අත්කොට කමිසයකින් සැරසී සිටිය යුතු අතර ඔහුගේ අතේ ද උදැල්ලක් තිබිය යුතුය. ඔහු කඩවසම් පුද්ගලයෙකු විය යුතු අතර මුහුණ පුරා රැවුල වවා ගෙන සිටිය යුතුය.

තරුණ නිලධාරියා ලා නිල් පැහැති අත් දිග කමිසයකින් සහ තද නිල් කලිසමකින් සැරසී සිටිය යුතු අතර ඇස් කණ්ණාඩියක් දමා ගෙන සිටිය යුතුය. ඔහුගේ අතේ කැමරාවක් තිබිය යුතුය.

තරුණ නිලධාරිනිය රෝස පැහැති මල් සහිත සුදු සාරියකින් සැරසී සිටිය යුතු අතර ඇයගේ අතේ ටේප් රෙකෝඩරයක් සහ ලිපි ගොනුවක් තිබිය යුතුය.

Leave A Comment