පොහොර තියෙනව ද? – ‘අරුත’ සංවිධානයේ සම අධ්‍යක්ෂිකා, රෙහානා තවුෆික්
- Editor
- May 7, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments

ශ්‍රී ලංකාවේ රසායනික පොහොර අවශ්‍යතාවෙන් 100%ක්ම ආනයනය කරනු ලැබේ. මේ පසුබිම තුළ ආනයන කටයුතු යම්කිසි කම්පනයකට ලක් වුවහොත් කෘෂිකර්මාන්තයට යම් බලපෑමක් සිදුවේ. ඒ අනුව ඉදිරි යල කන්නයේ සැලසුම් සහගත නිෂ්පාදනය සඳහා යූරියා මෙට්රීක් ටොන් 200,000ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.
ආණ්ඩුවේ වාර්තාවලට අනුව මේ වන විට සංචිත වශයෙන් පවතින්නේ පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් පමණය. එහි අදහස වන්නේ මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවයෙන් රට තුළ පවතින්නේ 50%ක් පමණ වන බවයි. මේ හිඟය හේතුවෙන් පොහොර සැපයුම්දාමය තුළ ගැටලුවක් ඇති වීම අනිවාර්ය තත්ත්වයකි.
2025 දී පොහොර ආනයනයෙන් 57%ක් චීනයෙන් සිදු කළ නමුත් 2026 දී චීන පොහොර ආනයනය අර්බුදයකට ලක්ව ඇත. ඊට හේතුව වන්නේ වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ චීනය පොහොර ආනයනය තහනම් කිරීමය. මේ අතර දේශීය පොහොර අවශශ්යතාවෙන් 20%ක් මැදපෙරදිග කලාපයෙන් ආනයනය කර තිබුණේය. නමුත් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමීම හේතුවන් මැදපෙරදිග කලාපයෙන් පොහොර ආනයනය කිරීම ඇණහිට තිබේ.
අර්බුදයේ මුල
“පොහොර සැපයුමේ පවතින හිඟය හේතුවෙන් පොහොර මිල ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම සීමිත සැපයුම දිනා ගන්න රටවල් බහුතරයක් තරඟ කරනවා” පොහොර සැපයුම සම්බන්ධ අර්බුදයේ ප්‍රමාණය ගැන දත්ත පැහැදිලි කරමින් රෙහානා තවුෆික් පැවසුවාය.
“යුද්ධයට කලින් යූරියා ටොන් එකක් ඩොලර් 380ක්. නමුත් මේ වන විට යූරියා ටොන් එකක් ඩොලර් 700ක් හෝ ඊට ආසන්න හෝ ඉහළ අගයකට මිල ඉහළ යාමයි. නමුත් වෙළෙඳ මිල සහ සැබෑ මිල අතර පැහැදිලි වෙනසක් තිබිය හැකිය” ඇය ඉන්දියාවෙන් උදාහරණයක් ද ඉදිරිපත් කළාය. එහිදී රෙහානා පැවසුවේ ඉන්දියාව ඩොලර් 900කට පොහොර මෙට්‍රික් ටෙන් ලක්ෂ 25ක් මිල දී ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකවේ ධාන්‍ය සැපයුමෙන් 33%ක් පමණ ආනයනික ධාන්‍ය මත රඳා පවතී. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුගේ ආහාර සැපයුමෙන් 2/3ක් ලැබෙන්නේ ධාන්‍ය සහ අල වර්ග වලිනි. මේ පසුබිම තුළ ශ්‍රී ලාංකිකයෙකුගේ ආහාර අවශ්‍යතාවයෙන් 20%ක් පමණ අවදානමට ලක්ව ඇත.
“අපි ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලින් පරිප්පු, අල, ළුැණු, කඩල හ කිරි නිෂ්පාදන ආනයනය කරනවා. ඒ රටවල් වලටත් වත්මන් පොහොර හිඟය බලපානවා. මේ හරහා ලංකාවටත් ඍජු බලපෑමක් සිදුවෙනවා.
මෙහි දී රෙහානා පෙන්වා දුන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් 80%ක් පමණ ඇමෙරිකාවෙන් ආනයනය කරන බවයි. වර්තමානයේ අමෙරිකාව ද පොහොර හිඟයකට මුහුණ දී සිටි පසුබිම තුළ ශ්‍රී ලංකාව සත්ත්ව නිෂ්පාදන වල මිල ඉහළ යාමකට මුහුණ දෙන බව ඇය පෙන්වා දුන් අතර ඉන්ධන මිල ඉහළ යාම මේ සමස්ත ක්ෂේත්රවලට දැඩිව බලපාන බව ද පැහැදිලි කළාය.
එළවළු තොග වශයෙන් මිල දී ගන්නා ව්‍යාපාරිකයින්ගේ පැමිණීම පහත වැටීම හේතුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ද ඇය මෙහි දී පැවසුවාය.
අර්බුදයෙන් ගොඩ ඒම
කිසිදු හානියකින් තොරව වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩඑනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉදිරියට යාමට නොහැකි බව කී රෙහානා ලංකාවට ද පොහොර සහ ආහාර අර්බුදයට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීය.
“යුද්ධයට කලින් පවා අහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලංකාව යහපත් තත්ත්වයක පසු වුණේ නැහැ. 2022 ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාවය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර ‘නියම වැටුප’ 30%කින් පමණ පහළ වැටී තිබෙනවා. 2024 දී 43%ක් පමණ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක සිටියා.. වර්තමානය වන විට පවා එහි සැලකිය යුතු වෙනසක් සිදුව නැති බව දත්ත පැහැදිලි කරනවා” මෙහි දී රෙහානා පෙන්වා දුන්නේ අර්ථික අර්බුදයෙන් පසු ළමා මන්පෝෂණය ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සැලකිය යුතු හානියක් සහ අලාභයක් සිදු වූ බව සිහිපත් කළ රෙහානා මෙය බරපතළ තත්ත්වයක් බව ද පෙන්වා දුන්නාය.
“මැදපෙරදිග යුද්ධයට කලින් පවා ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය යහපත් තත්ත්වයක තිබුණේ නැහැ. වර්තමාන අර්බුදය තුළ එම තත්ත්වය තව දුරටත් තීව්රර කරනවා” මෙහි දී ඇය පෙන්වා දුන්නේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
“අංක එක තමයි මුදල් වැය කර හෝ ආහාර ලබා ගැනීමට හැකියාවක් තිබේද ? කියන කාරණය. දෙවැනි කාරණය තමයි, ඒවා සාධාරණ මිලකට මිල දී ගැනීමට හැකියාවක් තිබේ ද ? යන්න. මෙම ප්‍රශ්න දෙකටම මම විසඳුම් කිහිපයක් යෝජනා කිරීමට කැමතියි. ‘පොහොර තිබේද ?’ යන ප්රශ්නය ඉතාම වැදගත්. 2026 යල කන්නයේ දී හෙක්ටයාර් 200,000ක් වගා කිරීමට සැලසුම්කර කර තිබෙනවා. පොහොර හිඟය නිසා මේ ඉලක්කය කරා යාම අසීරු විය හැකියි. ඒ නිසා සැලසුම් කළ වගා බිම් ප්‍රමාණයට වඩා අඩු බිම් ප්‍රමාණයක් වගා කිරීමට සිදුවිය හැකියි. ඒ නිසා මේකට අවශ්‍ය බෝගවලට ප්‍රමුඛතාවක් ලබාදිය යුතුයි. ඒ වගේම අසාමාන්‍ය ලෙස වෙළෙඳපොළ හැසිරෙන නිසා, ‘ගොවියා වගා කළ යුත්තේ මොනවාද ?’ යන තොරතුරු ඔහුට ලබාදිය යුතුයි. පොහොර සීමිත නිසා අපට විකල්ප දෙස බැලීමටත් හැකියාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස සෙමෙන් වියෝජනය වන පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට හැකියාව තිබුණත් ඒවා පාවිච්චි කරන පිරිස අඩුයි” රෙහානා පැවසුවාය.
තේ නිෂ්පාදනය
තේ කර්මාන්තය සඳහා පොහොර මෙට්රීක් ටොන් 62,000ක් අවශ්‍ය වේ. එසේම ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25%ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර තේ වලින් 52%ක් මැදපෙරදිගට අපනයනය කරනු ලැබේ. මේ පසුබිම තුළ පොහොර හිඟය නිසා තේ වගාව අඩු වුණාට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බව රෙහානා පෙන්වා දුන්නාය.
මෙහි දී ඇය තර්ක කළේ ශ්‍රී ලංකාව සතුව මේ මොහොතේ පවතින සීමිත සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමේ අභියෝගයක් පවතින බවයි.
ආහාර තිබේද ?
‘ආහාර තිබේද ?’ යන ප්‍රශ්නයට විසඳුම් යෝජනා ද රෙහානා තවුෆික් ඉදිරිපත් කළාය. පසු අස්වනු හානි ලංකාවේ බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දුන් ඇය 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ආහාර නාස්තිය සිදුවන බව ද හෙළි කළාය.
එළවළු ප්‍රවාහනය පසුඅස්වනු හානියට පුළුල්ව විවෘත වෙමින් අවිධිමත්ව සිදුවන හෙයින් එළවළු නාස්තිය ද සැලකිය යුතු ඉහළ ප්රතිශතයක පවතින බය ඇය කීවාය.
“මගේ අධ්‍යයන අනුව වාර්ෂිකව එළවළු සහ පලතුරු මෙට්‍රික් ටොන් 500,000ක් පමණ විනාශයට පත්වෙනවා. මේ හානිය අවම කර ගැනීමට ප්ලාස්ටික් කූඩ ආදි පසු අස්වනු හානි අවම කරන ක්‍රමවේද භාවිතය ප්‍රවර්ධනය කළ යුතුයි. මේ ක්‍රමවේද මීට කලින් ක්‍රියාත්මක කළත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ නිසා යළි පසුවිපරමක් සහිතව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි” රෙහානා පැවසුවාය. මෙහි දී ඇය පෙන්වා දුන්නේ එළවළු සහ පලතුරු ආශ්රිත පසු අස්වනු හානි අවම කර ගැනීම වෙනුවෙන් ශීතාගාර පහසුකම් සහිත ප්‍රවාහන පද්ධතියක් ප්‍රවර්ධනය කළ යුතු බවත් ඒ හරහා පසු අස්වනු නාස්තිය අවම කරගත හැකි බවත්ය.
මෙහි දී ඇය කීල්ස් ආයතනය එළවළු සහ පලතුරු ප්‍රවාහනයට අනුගමනය කරන ක්‍රමවේද හේතුවෙන් පසු අස්වනු හානිය 5%ක් දක්වා අඩු කරගෙන ඇති බව ද හෙළි කළාය.
“අපේ සාමාන්‍ය පසුඅස්වනු හානිය 15%-20% අතර පවතින නමුත් කීල්ස් සමාගමේ එම අගය 5%යි. ඒ කියන්නේ අවශ්‍යතාව තිබේ නම් ජාතික වශයෙන් එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය 5%ක් දක්වා අඩුකර ගන්න පුළුවන්. නමුත් ඒක පහසු ඉලක්කයක් නොවෙයි. නමුත් සැලසුම් සහගතව වැඩපිළිවෙළක් තුළින් මේ ඉලක්කයෙන් යම් ප්‍රතිශතයක් වෙත ගමන් කළ හැකියි” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
වටිනාකම එකතු කිරීම
මෙම ක්‍රියාවලිය තුළ අලෙවි කරගත නොහැකිව ඉතිරි වන නිෂ්පාදන අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමේ හැකියාව ඇය මෙහි දී ඉස්මතු කළාය.
“උදාහරණයක් ලෙස ශීත කළ එළවළු, විජලනය කළ පලතුරු සහ එළවළු ආදි අගය එකතු කළ නිෂ්පාදන වෙත අපට ගමන් කිරීමට හැකියාව තිබෙනවා” රෙහානා පෙන්වා දුන්නාය.
මෙහි දී ඇය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ හෝටල් සහ ආපනශාලාවල ආහාර නාස්තියෙන් 75%ක් වළක්වා ගත හැකි තත්ත්වයේ පවතින බවයි. දෛනිකව ආහාර මෙට්‍රික් ටොන් 110ක් නාස්ති වන බව හෙළිකළ ඇය, ආහාර නාස්තිය අවම කර ගැනීමට නම් බුෆේ වැනි ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවිය යුතු බව නිර්දේශ කළාය.
“මේවා තහනම් කරන්න පුළුවන් නම් වඩාත් වැදගත්. ඒකට හේතුව තමයි ආහාර අර්බුදයක් වැනි සංවේදී තත්ත්වයක දී රැඩිකල් තීන්දු – තීරණ ගැනීමට සිදුවෙනවා” මෙහි දී ඇය වැඩි දුරටත් සඳහන් කළේ යම්කිසි ආකාරයකින් ආහාර ආනයනය කිරීමට හැකියාවක් තිබේ නම් ඉදිරි මාස කිහිපයේ දී උද්ගත විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආරක්ෂිත තොග පවත්වා ගෙන යාමට පියවර ගත යුතු බවයි.
“එපමණක් නොවෙයි අපේ රාජ්‍ය තාන්ත්‍රික් සම්බන්ධතා භාවිතා කරලා චීනය වැනි මිත්‍ර රටවල් වලින් පොහොර ආදිය ලබා ගැනීමට වැඩපිළිළෙක් සකස් කළ යුතුයි.
ආහාර සාධාරණ මිලට
ආහාර සාධාරණ මිලකට ලබා ගැනීමට ඇති හැකියාවේ වැදගත්කම අවධාරණය කළ රෙහානා තවුෆික් වර්තමමාන ප්රවණතා අනුව ඉදිරි මාස වල උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවූවාය.
“මේ පසුබිම තුළ අනිවාර්යයෙන්ම ආහාර උද්ධමනයත් ඉහළ යයි. මීට කලින් යම්කිසි මට්ටමට උද්ධමනය පහළ අගයක තිබුණ නිසා ආරක්ෂිත තත්ත්වයක් අපට තිබෙනවා. නමුත් මේ තත්ත්වය තිබෙන්නේ කෙටි කාලයක් පමණයි. දීර්ඝ කාලීනව අපි ආහාර උද්ධමනයට වඩාත් නිරාවරණය වෙනවා.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් පවත්වන කතිකා සංවාද මාලාවේ 272 වැනි වැඩසටහනට එක්වෙමින් පළකරන ලද අදහස් ඇසුරෙනි.)

