ලාල් විජේනායක යනු අපේ රටේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙක් – කරු ජයසූරිය
ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කරමින් සාධාරණ …
Continue Reading
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන, මහාචාර්ය ටී. ජයසිංගම් යන යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ. මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම …
Continue Reading
PSTA ගැන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ 09ක්
ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ ඇතුළත් කර ඇති අතිරේක ආරක්ෂණ විධිවිධාන සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සාදරයෙන් පිළිගන්නා බව ද එය …
Continue Reading
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විශේෂ වාර්තාවක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (28) නිකුත් කළේය. මෙම වාර්තාව සැකසීමට, මාධ්‍ය වාර්තා, කොමිසම වෙත ලැබුණු සහ කොමිෂන් සභාව රැස් කර ගන්නා ලද තොරතුරු මෙන් ම සටහන් කරගන්නා ලද ප්‍රකාශයන් මූලිකව පදනම කර ගෙන ඇත. 2026 ජූලි මස 05 සහ …
Continue Reading
ට්‍රම්ප් බ්‍රසීල ජනපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි
බ්‍රසීල ජනාධිපතිවරණයෙන් වාමාංශික වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ අනපේක්ෂිත ජයග්‍රහණය “තවත් දූෂිත මැතිවරණයක් මෙන් පෙනුන” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. නමුත් පරාජිත දක්ෂිණාංශික ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ පක්ෂය පසුව ප්‍රතිඵලය පිළිගත්තේය. හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත් ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඉරිදා පැවති ජනාධිපතිවරණයේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ලූලාගේ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින බව පවසා තිබේ. කෙසේ …
Continue Reading
බ්‍රසීල ජනපතිවරණයෙන් ලූලා ද සිල්වාට ඓතිහාසික ජයක්
බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයේදී සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කිරීමෙන් පසු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සිව්වන වරටත් ජනාධිපතිවරයා තේරී පත්ව ඇත. මේ වන විට ඡන්ද පෙට්ටිවලින් 98.87% ක් ගණන් කර ඇති අතර, බ්‍රසීලයේ මැතිවරණ අධිකරණය (TSE) ලූලා ගණිතමය වශයෙන් තේරී පත් වූ බව ප්‍රකාශ කළේය. වත්මන් ජනාධිපතිවරයා බොල්සොනාරෝගේ 48.21% ට එරෙහිව 51.79% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර …
Continue Reading
පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කළ පෙත්සම් සම්බන්ධයෙන් කතානායකගෙන් නිවේදනයක්
2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට …
Continue Reading
සිරගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ යෝජිත නීති ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයේ අනුමැතිය
බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාවට මහා සංඝරත්නයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ පූජනීය ත්‍රෛනිකායික …
Continue Reading
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට
රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා …
Continue Reading