ලාල් විජේනායක යනු අපේ රටේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙක් – කරු ජයසූරිය
ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කරමින් සාධාරණ …
Continue Reading
උද්ධමනය 8.3% දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව
-
Editor
-
October 30, 2026
-
ආර්ථික, සිංහල Header
-
Economy
-
0 Comments
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8.0හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම නිල නිවේදනයේ මෙසේ ද සදහන් වේ. වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය …
Continue Reading
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන, මහාචාර්ය ටී. ජයසිංගම් යන යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ. මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම …
Continue Reading
නොවැම්බර් පළමු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ
නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතුවල සංශෝධනයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී මේ බව තීරණය වී තිබේ. පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග …
Continue Reading
PSTA ගැන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ 09ක්
ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ ඇතුළත් කර ඇති අතිරේක ආරක්ෂණ විධිවිධාන සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සාදරයෙන් පිළිගන්නා බව ද එය …
Continue Reading
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විශේෂ වාර්තාවක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (28) නිකුත් කළේය. මෙම වාර්තාව සැකසීමට, මාධ්‍ය වාර්තා, කොමිසම වෙත ලැබුණු සහ කොමිෂන් සභාව රැස් කර ගන්නා ලද තොරතුරු මෙන් ම සටහන් කරගන්නා ලද ප්‍රකාශයන් මූලිකව පදනම කර ගෙන ඇත. 2026 ජූලි මස 05 සහ …
Continue Reading
වන අලි – මිනිස් ගැටුමට විසඳුම් දීමට සැබෑ දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි – පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ
-
Editor
-
October 29, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම – 02 – කොටස මාලක ඔබ වැදගත් කරුණක් අනාවරණය කළා. ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම ගැන ලියන්න අවශ්‍ය සියල්ල ලියලා අවසන් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවලුත් කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේ පියවර අසාර්ථක වීමට හෝ ඒවායේ අඩුපාඩු ඇති …
Continue Reading
සමූහ මිනීවළවල් තුළ සත්‍යය සහ යුක්තිය සෙවීම – ජෙහාන් පෙරේරා
චෙම්මනි සමූහ මිනීවළ පැවැති ස්ථානය අද වන විට උතුරේ මහජන අවධානයට ලක්වූ ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති අතර, එය දෙමළ ජනතාව හමුවේ රජයේ විශ්වසනීයත්වයට ද අභියෝගයක් වී තිබේ. මාස ගණනාවක් තිස්සේ සිදුකළ කැණීම් සහ මිනිස් සැකිලි 580 කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවක් මගින් නිගමනය කර ඇත්තේ, අපරාධකාරී ක්‍රියාකාරකම් සහ සාම්ප්‍රදායික නොවන …
Continue Reading
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කළ හැක්කේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළින් පමණයි – පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ
-
Editor
-
October 28, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
කාවන්තිස්ස ඇතා මිය යාම පරිසරවේදීන්ගේ, වන සත්ත්ව ලෝලීන්ගේ පමණක් නොව පොදුවේ ගත් විට සාමාන්‍ය ජනතාව තුළ ද දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කරන බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තමේන්තුව දැඩිව විවේචනය කරන අතර ඔවුන්ට නිමක් නැතිව දොස් පවරනු ද දැකගත හැකිය. කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මා කෘත්‍රිම බුද්ධියෙන් කළ විමසීමක දී …
Continue Reading