නොවැම්බර් පළමු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතුවල සංශෝධනයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී මේ බව තීරණය වී තිබේ. පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග …

Continue Reading

පාර්ලිමේන්තු කාරක සභා සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ …

Continue Reading

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී. ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, අමාත්‍ය විජිත හේරත් …

Continue Reading

ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් …

Continue Reading

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන …

Continue Reading

ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ දවසේ තමා මුහුණ දුන් උභතෝකෝටික තත්ත්වය හිටපු ජනපති රනිල් කරයි

පසුගිය දා කොළඹ – මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඥාණසාර හිමියන්ට ලබා දුන් සිරදඬුවම සහ උන් වහන්සේ අධිකරණයට රැගෙන ඒමේ දී සිවුර ගළවා ගිහි ඇඳුම් ඇන්දවීම ගැන ද විශේෂයෙන් කරුණු දැක්වීය. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් සම්පූර්ණයෙන්ම පහත දැක්වේ. “ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු …

Continue Reading

බන්ධනාගාරය තුළ චීවරය සහ ලෝගුව ගැන අවුල ලිහා ගන්න වහාම සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කැඳවන්න – විපක්ෂ නායක

දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත. අදාළ නිත්‍ය …

Continue Reading

ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොවෙයි සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙසත් හඳුනාගත යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොව ඔවුන් ද සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයින් සහ පෙරගමන්කරුවන් ලෙස හඳුනාගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඔක්තෝබර් 07 වන දින කොළඹදී පැවති ආසියා-පැසිෆික් කලාපයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන නවෝත්පාදන මැයෙන් පැවති සමුළුවේ (Asia – Passific conference on Innovation in Rural Development) සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් …

Continue Reading

ඔක්තෝබර් 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ. මේ අනුව, ඔක්තෝබර් 06 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා …

Continue Reading