ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එනවා වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පෙළ ගැසෙමු – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
- Editor
- August 14, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මගේ අදහස අනුව මෙතන ලොකු ප්‍රශනයක් තිබෙනවා. එය සංකීර්ණ ප්‍රශ්නයක්. 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරන පෙත්සම විභාග කරන්න වෙන්නේ මේ සංශෝධනය හරහා විශ්‍රාම වයස දීර්ඝ වීමක් ලබන, විශ්‍රාම නොයා තවත් කාලයක් එම තනතුරේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන විනිසුරුවරුන්ට. ඒ වගේම මේ සංශෝධනය නිසා තමන්ගේ උසස් වීම නොලැබෙන විනිසුරුවරුන්ට. එතන බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරනවා. වත්මන් තත්ත්වය තුළ මෙය අසීරු වෙයි. ඒ නිසා තමයි නීතිඥ සංගමය කියන්නේ මෙය නොකළ යුතුයි කියලා.
03 කොටස

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඇතුළු විද්වත් සංවිධාන සහ සිවිල් සමාජය ද අවධාරණයෙන් යුතුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්රජාතන්ත්රවාදී මූලධර්ම මත පදනම්ව ඇති බවයි. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට නම් ඊට අදාළ පරිසරයක් ද තිබිය යුතුයි.
ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය වගේම අධිකරණයත් නීතියට ගරු කළ යුතුයි. එහි යම් යම් අඩුපාඩු, දුර්වලතා පවතින්නේ නම් ඒ බව පෙන්වා දිය යුතුයි. ඒ නිසා කිසිම ආකාරයකින් විධායකයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් අධිකරණයට බලපෑමක් සිදු නොවිය යුතුයි කියන අදහස ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ පිළිගන්නවා.
- වයස් සීමාව වෙනස් කිරීම
මේ පදනම තුළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වෙනස් නොකළ යුතුයි. ඒක නීතියට පටහැනියි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ බව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව සටහන් කරලා තිබෙනවා.
මෙහි අදහස තමයි, තෑගි බෙදනවා වාගේ අධිරණයට අදාළ නීති වෙනස් කිරීමට ගියොත් ඒ හරහා අධිකරණයට බලපෑමක් සිදුවන බවට අදහසක් තිබීම. මෙවැනි ක්‍රියා හරහා අධිකරණයට බලපෑමක් වෙන බව පිළිගන්නවා. අනෙත් අතට මෙවැනි තත්ත්වයක් තුළ අධිකරණයට සිය ස්වාධීනත්වය රැක ගැනීම අසීරු වෙනවා.
මෙය ලංකාවට පමණක් අදාළ තත්ත්වයක් නොවෙයි. ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය පිළිගන්නා බොහෝ රටවල් වල මේ නීති තිබෙනවා. ඒ නිසාම තමයි ක්‍රෝෂියාව ඇතුළු රටවල් ගණනාවක නීතිඥ සංගම් 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරලා තිබෙන්නේ. මෙහි අදහස තමයි මෙවැනි ව්‍යවස්ථා සංශෝධන හරහා අධිකරණයට යම් කිසි බලපෑමක් සිදුවෙන්න පුළුවන්. ඒ තුළින් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය ඛාදනය වෙන්න පුළුවන්. ‘යම් යම් වරප්‍රසාද දීම තුළින් මේ තත්ත්වය නිර්මාණය වුණා” කියලා ජනතාව තුළ යම්කිසි අදහසක් නිර්මාණය වෙන්න පුළුවන්.
ඊට අමතරව මෙවැනි වෙනස්කම් තුළින් උසස් වීම් ලැබිය යුතු විනිසුරුවරුන්ට ඒ අවස්ථාව අහිමි වීමත් සිදුවෙනවා. එයත් යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකියි. මේ හරහා අධිකරණ පද්ධතිය තුළ අනවශ්‍ය ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා.

- තමන්ගේ නඩුව අමන්ම අසා ගැනීම
මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. යම්කිසි පාර්ශ්වයක් 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගියොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ නඩුව විභාග කරන්න වෙන්නේ අධිකරණයට. එය ‘තමන්ගේ නඩුව තමන්ම අසන’ තත්ත්වයක් නිර්මාණය කරනවා.
මගේ අදහස අනුව මෙතන ලොකු ප්‍රශනයක් තිබෙනවා. එය සංකීර්ණ ප්‍රශ්නයක්. 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරන පෙත්සම විභාග කරන්න වෙන්නේ මේ සංශෝධනය හරහා විශ්‍රාම වයස දීර්ඝ වීමක් ලබන, විශ්‍රාම නොයා තවත් කාලයක් එම තනතුරේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන විනිසුරුවරුන්ට. ඒ වගේම මේ සංශෝධනය නිසා තමන්ගේ උසස් වීම නොලැබෙන විනිසුරුවරුන්ට. එතන බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරනවා. වත්මන් තත්ත්වය තුළ මෙය අසීරු වෙයි. ඒ නිසා තමයි නීතිඥ සංගමය කියන්නේ මෙය නොකළ යුතුයි කියලා.
- කළ යුතු කුමක් ද ?
එසේ නම් කළ යුත්තේ කුමක් ද ?. කළ යුතු වැඩ දෙකක් තිබෙනවා. අලුත් සංශෝධනයක් ගෙන ආ යුතුයි. එය කළ හැකියි. එසේම නව කොමිෂන් සභාවක් මඟින් අධිකරණ පද්ධතියේ තිබෙන විසඳීමට පියවර ගත යුතුයි.
29.32
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සති පතා සංවිධානය කරන කතිකාව සංවාද මාලාවේ 285 වන කතිකාවේ දී මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ
ඉතිරි කොටස හෙට

