NGO පනත මගින් සිවිල් සමාජ ක්රියාකාරිත්වයන් අවහිර කරනවා රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්යක්ෂ පැෆරල් සංවිධානය
- Editor
- August 19, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
01 කොටස
ඔවුන් අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් අහන්න පුළුවන් වසර තුනකට පසුව ඔබේ ලියාපදිංචිය අලුත් කරන බවට ඔබට ඇති සහතිකය කුමක් ?, කියලා. මේ හරහා රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ අරමුදල් ලබා ගැනීම අර්බුදයකට යාමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල රැකියා සුරක්ෂිතතාවය ද මේ හරහා අර්බුදයකට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි වසර තුනකට පසු එම සංවිධානයේ ලියාපදිංචිය ගැන සහතිකයක් නැහැ. ඔවුන්ට මේ නිසා ස්ථිර පත්වීමක් හෝ කොන්ත්‍රාත් පත්වීමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. මෙවැනි විශ්වාසයකින් තොරව සේවකයින්ට ලබා දෙන රැකියා ගිවිසුමේ වලංගුභාවය මේ හරහා දැඩිව ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා” යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනතේ තවත් අඳුරු පැතිකඩක් පැහැදිලි කරමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
රජය විසින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට සිවිල් සමාජ සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
2018 වර්ෂයේ සිට මෙම පනත ගෙන ඒමේ උත්සාහයක් තිබුණ බව මෙහි දී සිහිපත් කළ පැෆරල් විධායක අධ්යක්ෂවරයා එම අවස්ථාවේ ද සිවිල් සමාජය සාමූහිකයක් ලෙස මෙම පනත සඳහා මැදිහත් වෙමින් සිටින බව සඳහන් කළේය.
“මේ මැදිහත් වීම අපි ආරම්භයේ දීම සිදු කළා. මම හිතන්නේ එහෙම නො වුණා නම් අපි කවුරුත් නොදැන ආණ්ඩුව මේ පනත සම්මත කර ගන්න තැනකට තමයි ගමන් කරමින් තිබුණේ. මේ පනත් කෙටුම්පත ගැන තොරතුරු දැනගත් විට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා මෙවැනි පනතක් තිබෙනවා නම් අපට ඒ පනත ලබා දෙන්න කියලා. ඊට පසුව මේ ගැන ලිඛිත ඉල්ලීමක් කරන ලෙස දැනුම් දීමක් කළා. අපි ඒ අනුව ලිඛිත ඉල්ලීමක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ පනත් කෙටුම්පත එළියට ආවේ. අපි මේ පියවර නොගත්තා නම් ආණ්ඩුව අප කිසිවෙක් සමඟ සාකච්ඡාවකින් තොරව පනත ඉදිරියට ගෙන යාමට තිබුණා” රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පැවසුවේය.
මෙහි දී සිවිල් සමාජ සාමූහිකය සම්බන්ධයෙන් ද කෙටි පැහැදිලි කිරීමක් කරමින් ඔහු පැවසුවේ මේ සාමූහිකය තුළ ශ්‍රී ලංකාවේ සියලුම සිවිල් සමාජ සංවිධාන නියෝජනය නොවුණ ද 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ සිවිල් සමාජ සංවිධාන සාමූහිකය තුළ දිවයින පුරා ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන 400කට අධික නියෝජනයක් පවතින බවයි.
- විරෝධයක ලිඛිතව පළ කරයි
ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති පනත සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සාමූහිකයේ විරෝධය රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය වෙත ලිඛිතව භාර දුන් බව කී රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මෙවැනි පනතක් අවශ්‍ය නොවන බව” තම ස්ථාවරය බව ද, එය ලිඛිතව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට ප්‍රකාශ කළ බව ද කීවේය.
මෙම පනත හරහා සියලුම රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇති බව කී හෙට්ටිආරච්චි මහතා වත්මන් තත්ත්වය අනුව රාජ්‍ය නොවන සංවිධාන ස්ථාන කිහිපයක ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බව ද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කළ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද පෙන්වා දුන්නේය, “සමාගම් ලෙස බොහෝ සංවිධාන ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාවලත් මේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය පුරාම මේ සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවට බලපෑම් එල්ල වුණා. නමුත් මේ පනත සම්මත වුණොත් ඒ ලියාපදිංචිය අනිවාර්යය වෙනවා. ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධානවලට රට තුළ ක්‍රියාත්මක වීම අවහිර කරන ප්‍රතිපාදන ගණනාවක් මේ පනත් කෙටුම්පතේ තිබෙනවා”.
- බරපතළ තත්ත්වයක්
මේ පනත තුළ බරපතළ තත්ත්වයක් පවතින බව කී පැෆරල් විධායක අධ්යක්ෂවරයා, සාමාජිකයින් පස් දෙනෙකුට වැඩි ඕනෑම කණ්ඩායමක් ක්‍රියා කරන විට ලියාපදිංචිය අනිවාර්යය බව ද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් උදාහරණ සහිතව තව දුරටත් කරුණු පැහැදිලි කළ රෝහණ හෙට්ටිආරච්චි මහතා වසර 10කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ‘මාර්තු 12 ව්‍යාපාරය’ ආදි සිවිල් සංවිධානවලට යෝජිත පනත අනුව කටයුතු කළ නොහැකි වාතාවරණයක් නිර්මාණය වන බව සඳහන් කළේය.
“එපමණක් නොවෙයි සිවිල් සමාජ සාමූහිකයට පවා මේ තත්ත්වය තුළ කටයුතු කරන්න නොහැකි වාතාවරණයක් උදා වෙනවා. මේ තත්ත්වය කොපමණ බරපතළ ද කියනවා නම් පවුලේ හෝ මිතුරන් පස් දෙනෙකුට වැඩි පිරිසක් යම්කිසි සුබසාධන අරමුණකින් කටයුතු කිරීම පවා මේ යෝජිත පනත අනුව නීති විරෝධී වෙනවා. ඒ කියන්නේ එවැනි පවුලේ, මිතුරන් අතර පිහිටුවා ගන්නා කුඩා කණ්ඩායමක් පවා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. එසේ ලියාපදිංචි නොකළොත් ඔවුන්ට වැඩ කරන්න නෛතික හැකියාවක් නැහැ” රෝහණ හෙට්ටිආරච්චි මහතා යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පතේ ඍණාත්මක බලපෑම තව දුරටත් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය.
“මේක පැහැදිලිවම විදේශ ආධාර ලබා ගන්නා රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් අදාළ වන නීතියක් නොවෙයි. ගම් මට්ටමින් තිබෙන ස්වේච්ඡා ක්‍රියාකාරීත්වය පවා සම්පූර්ණයෙන් වළක්වා ලන නීතියක්. ජනතාව යම්කිසි ප්‍රශ්නයක් හමුවේ තමන්ගේ කාලය, ශ්‍රමය සහ ධනය වැය කරමින්, ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම මේ හරහා වැළැක්වීමේ හැකියාවක් තිබෙනවා. ඒකට හේතුව තමයි බොහෝ මිනිසුන් නෛතික ගැටලුවලට යාමට හෝ මුහුණ දීමට කැමති නැහැ. ඒ නිසා ඔවුන් ස්වභාවිකවම ස්වේච්ඡා ක්‍රියාකාරකම් නතර කර දමයි” රෝහණ හෙට්ටිආරච්චි මහතාට අනුව ජනතාව මේ ආකාරයෙන් කටයුතු කිරීමට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි නොකර පත්වා ගෙන ගියොත් විශාල දඩයක් පැනවීමට අවශ්‍ය ප්‍රතිපාදන යෝජිත පනත තුළ තිබීමයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් පැෆරල් විධායක අධ්යක්ෂවරයා මෙසේ ද පැහැදිලි පැවසුවේය, “ලියාපදිංචි නොකර රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ස්වේච්ඡා සංවිධානයක් පවත්වා ගෙන ගියොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිර දඬුවමක් නියම කිරීමට හෝ මේ දෙකම පැනවීමට යෝජිත පනතේ ප්‍රතිපාදන තිබෙනවා. මේ තත්ත්වය තුළ රාජ්‍ය නොවන සංවිධාන අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුයි. මේක බරපතළ තත්ත්වයක් බව පැහැදිලියි”.
- නැවත නැවත ලියාපදිංචිය
යෝජිත පනත අනුව රාජ්‍ය නොවන සංවිධානයක් වරක් පමණක් ලියාපදිංචි කිරීම ප්‍රමාණවත් නොවේ. එය වසර තුනකට වරක් ලියාපදිංචි කළ යුතු බව පනතේ සඳහන් වන බව ඔහු පෙන්වා දුන්නේය.
“මේ පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට වසර තුනකට පසුව කරන නැවත ලියාපදිංචිය වෙනුවෙන් අදාළ වසර තුනක කාලය අවසන් වීමට මාසයකට පමණ පෙර ඒ බව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතුයි. මේ ආකාරයෙන් නැවත ලියාපදිංචිය ඉල්ලා සිටියත් එය නිශ්චිතව යළි ලැබෙනවා ද, නැද්ද ? සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් යෝජිත පනත තුළ නැහැ“ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙහි දී ඔහු වැඩි දුරටත් පෙන්නා දුන්නේ, විදේශ අරමුදල් හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මේ හරහා තවත් අර්බුදයකට මුහුණ දෙන බවයි. ඔහුට අනුව විදේශ අරමුදල් ලබන යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට නම් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය අනිවාර්යය වන අතර ලියාපදිංචියකින් තොරව ඔවුන්ට රට තුළ ක්‍රියාත්මක විය නොහැකිය.
“මේක බරපතළ කරුණක් වන්නේ විදේශ අරමුදල් ලබා ගන්නා සංවිධානයක් වසර 2 ½ක් පමණ ක්‍රියාත්මක වීමෙන් පසුව ඉදිරි වර්ෂයට යළි අරමුදල් ඉල්ලා සිටින විට ලියාපදිංචිය සම්බන්ධ සහතිකය අනිවාර්යය වෙන්න පුළුවන්.
“ඔවුන් අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් අහන්න පුළුවන් වසර තුනකට පසුව ඔබේ ලියාපදිංචිය අලුත් කරන බවට ඔබට ඇති සහතිකය කුමක් ?, කියලා. මේ හරහා රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ අරමුදල් ලබා ගැනීම අර්බුදයකට යාමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල රැකියා සුරක්ෂිතතාවය ද මේ හරහා අර්බුදයකට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි වසර තුනකට පසු එම සංවිධානයේ ලියාපදිංචිය ගැන සහතිකයක් නැහැ. ඔවුන්ට මේ නිසා ස්ථිර පත්වීමක් හෝ කොන්ත්‍රාත් පත්වීමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. මෙවැනි විශ්වාසයකින් තොරව සේවකයින්ට ලබා දෙන රැකියා ගිවිසුමේ වලංගුභාවය මේ හරහා දැඩිව ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා” යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනතේ තවත් අඳුරු පැතිකඩක් පැහැදිලි කරමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
- ආණ්ඩුවේ මතය
මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට හෝ රජයට මතු කළ හැකි ප්‍රති තර්කය ද හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කළේය.
“රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය කියන්න පුළුවන් වසර තුනකට පසු ලියාපදිංචිය ගැන අනියත බියක් ඇති කර නොගත යුතුයි කියලා. නමුත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අපට තිබෙන තක්සේරුව හෝ සහතිකය කුමක් ද ?. යම් යම් සංවිධාන ඉලක්ක කර ගෙන කටයුතු කිරීමේ පහසු හැකියාවක් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට තිබෙනවා. මේකේ තිබෙන බරපතළම තත්ත්වය තමයි රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයාට හෝ ලේකම්වරයාට අසීමිත බලයක් ලැබෙනවා. යෝජිත පනතට අනුව අවශ්‍ය ඕනෑම අවස්ථාවක රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීමේ බලය රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් නියෝග දීමේ, සමහර තොරතුරු ඉල්ලා සිටීමේ බලය ඔවුන්ට තිබෙනවා. ඒ වගේම ඒ බලතල විමධ්‍යගත කිරීමට, වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට පැවරීමට මේ පනත අනුව බලතල තිබෙනවා. උදාහරණයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලය ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් නිලධාරියෙකුට ලබා දුන්නොත් බරපතළ තත්ත්වයක් උද්ගත විය හැකියි. අපි අත්දැකීමෙන්ම දන්නවා එවැනි අවස්ථාවක අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ආකල්ප, රුචි අරුචිකම් මත කටයුතු කරන්නේ කොහොමද කියලා. මෙවැනි තත්ත්වයක් තුළ දිස්ත්‍රික් මට්ටමේ හා ග්‍රාමීය මට්ටමේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන බරපතළ අනතුරකට ලක්විය හැකියි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර තත්ත්වය තව දුරටත් බරපතළ විය හැකියි”. පැෆරල් විධායක අධ්යක්ෂවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් සමාජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මෙම ලිපියේ ඉතිරි කොටස 20 වැනි දින ප්‍රකාශයට පත් කෙරේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 16 වැනිදා සංවිධානය කළ ‘කතිකාව’ 286 වැනි සංවාදයේ දී පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ

