‘නව ව්‍යවස්ථාවක් බලාත්මක කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ’- ආචාර්ය නිහාල් ජයවික්‍රම
- Editor
- March 14, 2025
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
මේ රටේ නිදහසින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනම හරහා ජීවත් වූ බව කියා සිටිය හැකි අද මෙහි සිටින කිහිප දෙනා අතර සිටින මම මගේ මතය අනුව 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳම ව්‍යවස්ථාව විය හැකි බවයි. එය වසර 25ක් හෝ 26ක් මේ රටට හොඳින් සේවය කළේය. ඒ හරහා රටේ මහමැතිවරණ පැවැත්විණි. එකී සැම මැතිවරණයකදීම ජනතාව නව රජයක් තෝරා පත් කර ගැනීමට ඡන්දය ලබා දුන්හ. දැන් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් තුළින් ඔබ තවත් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අරමුණ ප්‍රධාන ආයතන නිර්මාණය කිරීමෙන් සහ ඒවායේ බලතල නිර්වචනය කිරීමෙන් රජයේ අත්‍යවශ්‍ය රාමුව ස්ථාපිත කිරීම නම් 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය හරියටම සිදුකළා.
ඇත්ත වශයෙන්ම එයට සීමාවන් තිබුණි. සාවිත්‍රි ගුණසේකර සඳහන් කළ පරිදි එයට අයිතිවාසිකම් පනතක් නොතිබුණි. එයට හේතුව අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් ශ්‍රීමත් අයිවෝ ජෙනිංස්ට අනුව “එංගලන්තයේ අපට අයිතිවාසිකම් නොමැති අතර අයිතිවාසිකම් පනතක් ඇති ඕනෑම රටකට වඩා අපි අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” යනුවෙන් කල්පනා කිරීමයි.
එයට ආදේශකයක් ලෙස 29 වන වගන්තිය ඇතුළත් කර තිබුණා. මානව හිමිකම් පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දුන් විට එය එහි අරමුණ ක්‍රියාත්මක කරන ලදී. නමුත් පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් නීති සම්පාදනය අධිකරණයට ඉදිරිපත් කරන විට පුරවැසි පනත ජනගහනයේ ඇතැම් කොටස්වලට වෙනස් කොට සැලකීමට ලක් කර ඇති බවට තර්ක කරන විට අධිකරණය පියවරක් පසු බැස්සා. එහිදී අධිකරණය දක්වා සිටියේ නිදහස් හා ස්වාධීන රටකට එහි පුරවැසියන් කවුරුන්ද යන්න තීරණය කිරීමට අයිතියක් ඇති බවයි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටළුවක් නොව එය අධිකරණයේ ගැටලුවකි. 1946 ව්‍යවස්ථාව ගැන හුරුපුරුදු අයට මතක ඇති එයට දෘෂ්ටිවාදී පදනමක් නොතිබූ බව. නමුත් 1972 ව්‍යවස්ථාව සමඟ ඇති වූ ගැටලුව එයයි.
ඒ අනුව සියලු බලය රාජ්‍ය සභාව ලෙස ව්‍යවස්ථාදායකයෙන් ගලා ආවේය. එබැවින් බලාත්මක කළ හැකි අයිතිවාසිකම් පනත් කෙටුම්පතක් තිබිය නොහැකිය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා තර්ක කළ පරිදි ඔබට අයිතිවාසිකම් පනතක් තිබේ නම්, ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් යම් නීතියක් අයිතිවාසිකම් පනතක් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට එම නීතිය පසෙකට දැමිය හැකි බවත් ඔබ තර්ක කරන්නේ නම් උත්තරීතර මෙවලම ජාතික රාජ්‍ය සභාව නොව ශ්‍රේෂ්ඨාධිකරණය වන බවයි.එය ගැටලුකාරී උදාහරණයක්. විනිසුරුවන් පත් කිරීම, අධිකරණ තනතුරු සඳහා අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡා කර ඔවුන් තෝරා ගන්නා විට මම අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ නිල බලයෙන් සිටියෙමි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා නම් ඉදිරිපත් කළ යුතුව තිබුණි. එසේ වුවත් සමස්ත අදහස වූයේ සියලු බලය ජාතික රාජ්‍ය සභාවෙන් ගලා යන බවයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලුව වුයෙම එයයි.
අපට එහිදී පාර්ලිමේන්තු ක්‍රමයක් තිබූ අතර එකී පාර්ලිමේන්තු ක්‍රමයෙන් මිදීමට කිසිවෙකුට ඇත්තටම අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් වෙනත් ගැටළු කිහිපයක් විසඳා ගත හැකිව තිබුණි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා ඉතා දිගු කාලයක් ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස සිටියදී පවා විධායක ජනාධිපති ධුරය පිළිබඳ අදහස ඔහු මුලින්ම ඉදිරිපත් කළේ එවිට යැයි මම සිතමි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළේය.
ඔහුගේ පක්ෂය එය පිළිගත්තේ නැත. ව්‍යවස්ථාදායක සභාවේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය පිළිබඳ සංකල්පය යෝජනා කළ අතර එය ඩඩ්ලි සේනානායක මහතා විසින් ඊට විරුද්ධ වූ අතර ව්‍යවස්ථාදායක සභාව විසින්ද එය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් 1978 මැතිවරණයෙන් පසු ඔහුට අවස්ථාව ලැබුණු විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට හඳුන්වා දෙන ලදී. එහි සංශෝධනය කළ යුතු දේ පිළිබඳව අපි අද තර්ක කරමින් සිටින්නෙමු.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පිහිටුවන ලද ජාතික රාජ්‍ය සභාවේ තේරීම් කමිටුවේ විසින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරන ලද රැස්වීම් කිහිපයක් තිබුණි. මාස හයක් හෝ හතක් පමණ ගත වූ පසු, සියලු කටයුතු අවසන් වූ පසු, ජයවර්ධන මහතා තේරීම් කමිටු වාර්තාව සභාගත කළ අතර වාර්තාවේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් අඩංගු වූ අතර එය සාකච්ඡා කර නොතිබුණි. ඒ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරළියට ආවේ එහෙමයි.
එය කෙටුම්පත් කරන විට එය කෙටුම්පත් කරන ලද්දේ කොහේද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති වූයේ එලෙසයි. එය සිදු වූ විට බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක තේරීම් කමිටු රැස්වීමෙන් ඉවත් වූ අතර ඇය එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වූ පසු ඇය කළ ප්‍රකාශය සකස් කළ අන්දම මට මතක ය. එහිදී ඇයට කවදා හෝ අවස්ථාවක් ලැබුණහොත් ඇය කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බව ඇය පොරොන්දු විය.
සාවිත්‍රි සඳහන් කළ පරිදි එය සාක්ෂාත් වුයේ නැත. එහෙත් 2000 දී ඒ සඳහා උත්සාහයක් ගන්නා ලදී. මම අසා ඇති අන්දමට කරු ජයසූරිය මහතා පවසන පරිදි එය පාර්ලිමේන්තුවේ දී ගිනි ගත්තේය. එයට හේතු වූයේ සියලු දෙනා විසින් අනුමත කරන ලද කෙටුම්පතකට සංක්‍රාන්ති විධිවිධානයක් ඇතුළත් කර තිබීමයි. ඒ අනුව ව්‍යවස්ථාව බලාත්මක වන්නේ වසර පහකින් පමණක් බව සඳහන් සංක්‍රාන්ති විධිවිධානයකි. කෙටුම්පතේ අරමුණ එය යැයි මම නොසිතමි
ඉතින් අපි දැන් නැවතත් එම ගැටලුවටම පැමිණ සිටිමු. දැන්, ඔව්, 2015 දී 19 වන සංශෝධනයත් සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අපට පළමු බරපතල උත්සාහයක් තිබුණි. එය සිදු කරන ලදී. නමුත් එය අර්ධ උත්සාහයක් විය. එය ජනාධිපති ධුරය පිළිබඳ ගැටලුව පමණක් ආමන්ත්‍රණය කළේය.
ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු ආකාරය එහි සඳහන් නොවීය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට අනුකූලව පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතු ආකාරය එහි සඳහන් නොවීය. මන්ද දිස්ත්‍රික් ක්‍රමය ජනාධිපති ක්රමයේ අනිවාර්ය අංගයකි. ජයවර්ධන මහතා තම යෝජනා ක්‍රමය හඳුන්වා දුන් විට සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාගේ සියලු විධායක බලතල අහෝසි කිරීමට තමාට බලය ඇති සෑම දෙයක්ම කරන බවට පුජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ දේහය ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාවේදී කැබිනට් රැස්වීම්වල මුලසුන දැරිය යුතු බවත්, කැබිනට් රැස්වීම්වලට සහභාගී විය යුතු බවත්, අමාත්‍යවරුන් විය යුතු බවත්, ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය සහ මම හිතන්නේ තවත් අමාත්‍යාංශයක් තිබිය යුතු බවත් පැහැදිලි කළේය. ඉතින්, එය අර්ධ උත්සාහයක් පමණක් විය. ඇත්ත වශයෙන්ම එසේ වූයේ ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විධිවිධාන නොතිබූ නිසාය.
2019 මැතිවරණයට ටික කලකට පෙර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගැනීම සඳහා විධිවිධාන සැලසීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ වඩාත්ම විකෘති විනිශ්චයන්ගෙන් එකක් ලබා දෙමින් තීන්දු කළේ, පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත නොහැකි බවත් ජාතික මැතිවරණයකදී ජනතාවට පමණක් එසේ කළ හැකි බවත්ය. එය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පාර්ලිමේන්තුවට යම් යම් තත්වයන් යටතේ ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට විධිවිධාන සලසා ඇති බව නොසලකා හරිමින් දුන් තීන්දුවකි.
ඉතින් දැන් ඔබ එසේ කරන්නේ නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ගන්නා පියවර මොනවාදැයි මම නොදනිමි. නමුත් එය සිදු කරන්නේ නම් කෙටුම්පත් කිරීමේ කාර්ය මණ්ඩලය 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස එහි මූලික ව්‍යුහය දෙස ආපසු හැරී බලනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සියල්ලට පසු එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුප්‍රාප්තික රජයන්ට පළමුව “හර්තාල්” සමඟ කටයුතු කිරීමට, හමුදා කුමන්ත්‍රණයකට උත්සාහ කිරීමට සහ 1971 කැරලි සමඟ කටයුතු කිරීමට හැකි විය. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට අපට ජනාධිපතිවරයෙකු අවශ්‍ය නැත. ඉතින් මම හිතන්නේ එය අපට වසර 26 ක සාපේක්ෂ සාමයක් ලබා දුන්නා. එය හොඳ රජයක් ලබා දුන්නා සහ එය ප්රජාතන්ත්රවාදී ක්‍රමය ආරක්ෂා කළා.
දැන් මට තවත් එක් අදහසක් ඉදිරිපත් කිරීමට තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව පවසා ඇති බව පුවත්පත්වල කියවූ විට මම තරමක් කනස්සල්ලට පත්වූවෙමි. ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඔබ එය වගන්තියෙන් වගන්තිය ඉදිරිපත් කිරීමට යන්නේද? මිනිසුන් එයට ඡන්දය දෙන්නේ කෙසේද? ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටිය හැක්කේ කෙසේද? එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට අදාළ විධිවිධානයක් තිබිය හැකිය. එය ජනගහනයෙන් කොටසක් අනුමත නොකළ හැකිය. ඔවුන් එයට විරුද්ධව ඡන්දය දෙනු ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුද්ගලයෙකු කැමති නැති වෙනත් විධිවිධානයක් තිබිය හැකිය. එබැවින්, ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ නොහැක. ජනමත විචාරණයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති කිසිදු රටක් ගැන මම නොදනිමි.
මට උදාහරණයක් තියෙනවා.මම 1990 ගණන්වල මුල් භාගයේදී මම කැනඩාවේ ජිවත් වුනෙමි. ඒ කාලේ රජය විවිධ පළාත් සියල්ල සමඟ ඒ රටේ බහු සංස්කෘතික ස්වභාවය හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා නිර්මාණය කරන ලද ඉතා වැදගත් ව්‍යවස්ථා සංශෝධන පැකේජයක් සියලුම පළාත් සහ සියලුම පළාත් ආණ්ඩු විසින් එකඟ විය. ඉන්පසු රජය ඒක ජනමත විචාරණයකට ඉදිරිපත් කළා. නමුත් එය ප්‍රතික්ෂේප විය. සියලුම පළාත් එයට එකඟ වෙලා තිබුණත් ඒක ප්‍රතික්ෂේප විය. ඉතින් එහි විශ්ව විද්‍යාල පර්යේෂණ කළා. ඒ අය සොයාගත්තා බහුතර ජනතාව ඒකට විරුද්ධව ඡන්දය දෙන්න ප්‍රධාන හේතුව. ඒ කාලේ අගමැති මල්රෝනිව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සහ මාස තුනක් ඇතුළත ඔහු තනතුරෙන් නෙරපා හැරීම බව. ඒ නිසා ඒක මිනිස්සු ඒකට විරුද්ධව ඡන්දය දෙන්න බලපෑ සම්පූර්ණයෙන්ම බාහිර හේතුවක් ලෙස දැක්විය හැක.
ඉතින් මේ ආණ්ඩුව ජනමත විචාරණයක් ඉදිරිපත් කළොත් විරුද්ධ පක්ෂ ඒකට විරුද්ධව ඡන්දය දෙන්න පුළුවන්. මොකද ඔවුන් එක් විශේෂිත පක්ෂයක් විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරන්නේ නැහැ. අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලුවොත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. මොකද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඉතින්, ඒ ගැන සැලකිල්ලට ගනීවී යැයි මම බලාපොරොත්තු වෙනවා.
සකස් කළේ, – ගයාත්‍රි නවරත්න
“ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඔබ එය වගන්තියෙන් වගන්තිය ඉදිරිපත් කිරීමට යන්නේද? මිනිසුන් එයට ඡන්දය දෙන්නේ කෙසේද? ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටිය හැක්කේ කෙසේද? එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට අදාළ විධිවිධානයක් තිබිය හැකිය. එය ජනගහනයෙන් කොටසක් අනුමත නොකළ හැකිය. ඔවුන් එයට විරුද්ධව ඡන්දය දෙනු ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුද්ගලයෙකු කැමති නැති වෙනත් විධිවිධානයක් තිබිය හැකිය.”

