22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (25) සිය සහතිකය සටහන් කළේය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්  කෙටුම්පත  දෙවැනිවර කියවීමේ  විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර,  එහිදී  පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස …

Continue Reading

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම සංශෝධන සහිතව විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 158ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමිවිය.

Continue Reading

IMF තාක්ෂණික සාකච්ඡා වටය ගැන ඇතැම් කියන කතා බොරු – මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් චෝදනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම් වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට පූර්වගාමීව සිදු කෙරුණු තාක්ෂණික කමිටු සාකච්ඡා වටය අලලා ඇතැම් මාධ්‍ය වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ 7 වැනි වාරිකය මුදා හැරීමට අදාළ සමාලෝචනයට පෙර සිදු කෙරුණු තාක්ෂණික කමිටු රැස්වීම 7 වැනි …

Continue Reading

22 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීමේ විවාදය හෙට – නීතිඥ සංගමය දේශපාලන පක්ෂවලින් කළ විශේෂ ඉල්ලීම

සැප්තැම්බර් 24 වැනිදා (හෙට) 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර එහිදී මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට අනුව කතා කිරීමට සහ ඡන්දය දීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඉල්ලා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් පනත් කෙටුම්පත සඳහා වන ව්‍යවස්ථාමය අවශ්‍යතා සහ ජනමත …

Continue Reading

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් 22 වැනි සංශෝධනට ජනමත විචාරණයක් අවශ්‍ය බව සජිත් යළි අවධාරණය කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලද නමුත් විපක්ෂය අදටත් විශ්වාස කරන්නේ මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අවධාරණය කළේය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් නිසා මේ තුළින් ගරු අධිකරණයේ ස්වාධීනත්වයට සේම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට ද මරු පහරක් එල්ල …

Continue Reading

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ. එමෙන්ම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (23) දින පත් …

Continue Reading

සැප්තැම්බර් 22, 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත. මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 …

Continue Reading

මැතිවරණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ගැන මැතිවරණ කොමිෂමෙන් රජයට ඉල්ලීමක්

රජය සහ විපක්ෂය මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගින් දිගිටම ඉදිරියට ගෙන යාමට මැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිෂම අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින බව ද ඔහු පැවසුවේය. මැතිවරණ ප්‍රතිසංස්කරණ කිහිපයක් සඳහා පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව කී රත්නායක මහතා මේ සම්බන්ධ යෝජනා …

Continue Reading

සැප්තැම්බර් දෙවන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා …

Continue Reading