22 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීමේ විවාදය හෙට – නීතිඥ සංගමය දේශපාලන පක්ෂවලින් කළ විශේෂ ඉල්ලීම
- Editor
- September 23, 2026
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
සැප්තැම්බර් 24 වැනිදා (හෙට) 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර එහිදී මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට අනුව කතා කිරීමට සහ ඡන්දය දීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඉල්ලා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් පනත් කෙටුම්පත සඳහා වන ව්‍යවස්ථාමය අවශ්‍යතා සහ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න පමණක් ආමන්ත්‍රණය කරන බව සඳහන් කරන නීතිඥ සංගමය 22 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණය පාර්ලිමේන්තුව සහ තනි මන්ත්‍රීවරුන් සතු බව ද සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

