ව්‍යවස්ථාව තුළ අතීතයේ සිදු කර ඇති මෝඩකම් නැවත කිරීමට අපට නොහැකිය – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

මෙම වැඩසටහනට සහභාගී වීමට මා හට ආරාධනා කළ විට, පසුගිය කාලයේ සියලුම දේශපාලන පක්ෂවල මැතිවරණ වේදිකාවල කේන්ද්‍රීය  තේමාවක් වූ එහෙත් මැතිවරණයෙන් පසු මාස කිහිපය තුළ අමතක වූ දෙයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය  විසින් මෙම වැඩසටහන් න්‍යාය පත්‍රයට ගෙනවිත් ඇති අයුරු  දැක මම පුදුමයට පත් වීමි. න්‍යාය පත්‍රය දුටු විට සහ විද්වත් සාකච්ඡාවේ කථිකයන් හත් දෙනෙකු ප්‍රධාන දේශනයක් සහ සාකච්ඡා සඳහා පැයක් දුටු විට මෙය අපේ රටේ එතරම් වැදගත් කාරණයක් බවත් මෙතරම් කෙටි කාලයක් තුළ මෙය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද යන පැනයත් මා සිතට නැගුණි.

අද අපි කතා කරනවා හැත්තැ පස් අවුරුදු සාපය පිළිබඳව. එක් අර්ථයකින් රජීව් අමරසුරිය මහතා සඳහන් කළ අන්දමට ඉතිහාසය වරින් වර ලියා මකා දැමීම අතිශය කණගාටුදායක වන්නේ එය අපව එකී ඉතිහාසයෙන් උගත හැක්කේ කුමක්දැයි සොයා බැලීමෙන් වලකන හෙයිනි. ඒ නිසා එය මනසේ තබාගෙන අපගේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමත්තෙමි. අමරසූරිය මහතා පැවසූ ආකාරයට එනම් අප සතුව ඇති දේ කුමක්ද? අපි ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබේද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා අපි ව්‍යවස්ථානුකුලවාදය සාක්ෂාත් කර ගෙන තිබේද යන ප්‍රශ්නය විමසා බැලිය යුතුය. දැන් අපි 1948 පළමු ව්‍යවස්ථාව වෙත ආපසු යමු.

ආචාර්ය නිහාල් ජයවික්‍රම සහ මම පරිපාලන නීතිය සමඟ ඒකාබද්ධ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ නීති අධ්‍යයනයන්හි නියැලුණු අතර එබැවින් අපි පොදු නීතිය සහ පරිපාලන නීති සම්මතයන් හරහා බලය අනිසි ලෙස භාවිතා කිරීම ආමන්ත්‍රණය කරන ආකාරය ඉගෙන ගත්තෙමු. එහිදී 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇත්ත වශයෙන්ම සාකච්ඡා කළේ ඉතා අල්ප වශයෙනි. මන්ද එය තනි පුද්ගලයෙකු විසින් කෙටුම්පත් කරන ලද අතර ඔහු එම අත්දැකීමට පොදු නීතියේ ඇති ව්‍යවස්ථානුකුලවාදයේ අත්‍යවශ්‍ය ප්‍රඥාව, මුලධර්ම ගෙන ආවේය. අයිවර් ජෙනිංස් අයිතිවාසිකම්වලට බෙහෙවින් විරුද්ධ වූ නිසා ඔහු අයිතිවාසිකම් පිළිබඳ යම් කොටසක් ඉදිරිපත් කළේය.

පොදු නීතිය හරහා එනම් එහි ඇති පරිපාලන අයිතිවාසිකම් හරහා සියල්ල  ආවරණය වන බව ඔහු සිතූ හෙයින් ඔහු  අයිතිවාසිකම්වල ඇති වැදගත්කම හඳුනා ගත්තේ නැත. නමුත් ඔහු සුළුතර අයිතිවාසිකම් මත යම් බරක් තැබුවේ බ්‍රිතාන්‍යයන් විසින් සිදු කළ බෙදා පාලනය කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව වන වරදකාරී හැඟීමෙන් විය හැකිය. ඉතින් එය තිබු ආකාරයටම අපි ක්‍රියාත්මක වීමට ඉඩ හැරියෙමු. සමාජ සම්මුතිය යන අදහස තුළ ශ්‍රී ලංකාව බටහිර නීතියේ ඇති අයිතිවාසිකම් කේන්ද්‍ර කරගත් අදහසකින් යුතුව සමාජ ගිවිසුමක් පිලිබඳ බටහිර ආකල්පයන් දරණ අතර එය යුතුකම් කේන්ද්‍ර කරගත් අන්තර්ගතයක් නොවේ. 

ඉතින් 1972  ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාවගේ ස්වෛරීභාවය පිළිබඳ අදහස භාවිතා කළ නමුත් අවාසනාවකට මෙන් සමාජ ගිවිසුමේ ජනතාවගේ ස්වෛරීභාවය ගැන කතා කළ පසු ඔවුන් කළේ කුමක්ද? ඔවුන් දේශපාලන ස්වෛරීභාවය ජනතාව වන බව පිළිබඳ සංකල්පය නිර්මාණය කළේය. නීතිමය ස්වෛරීභාවය පාර්ලිමේන්තුව ලෙස නිර්මාණය කළ අතර එම නිසා නීතිමය ස්වෛරීභාවය  සර්වබලධාරී ව්‍යවස්ථාදායකය බවට පත් වූ අතර එම බලය ක්‍රියාත්මක කළ ආකාරය සහ විශේෂයෙන් පරිපාලන යුක්තිය අපයෝජනය කළ ආකාරය පිළිබඳව A. R. B. අමරසිංහ විසින් රචිත පොතේ ඉතා හොඳින් ලේඛනගත කර ඇත. ඉතින්, සර්වබලධාරී ව්‍යවස්ථාදායකයක් පිළිබඳ සංකල්පය ඇත්ත වශයෙන්ම ආයතන, විශේෂයෙන් අධිකරණයේ පරිපාලනය අඩපණ කළ අතර, මගේ සැමියාද එම බල අපයෝජනයෙන් පීඩා වින්දා යැයි මම පැවසිය යුතුයි.  එය ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන ධර්මිෂ්ඨ ව්‍යවස්ථාව සමඟ පැමිණියේය.

ධර්මිෂ්ඨ පාලනය පිලිබඳ සංකල්පය කෙතරම් හොදින් ආරම්භ වුයේද යත් ධර්මිෂ්ඨ ව්‍යවස්ථාව කළ පළමු දෙය නම් බණ්ඩාරනායක මහත්මියගේත්  ෆීලික්ස් දාස් බණ්ඩාරනායකගේ සහ නිහාල් ජයවික්‍රමගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීමයි. එසේ පලිගනිමින් ඇරඹුණු ධර්මිෂ්ඨ පාලන සංකල්පය, ව්‍යවස්ථානුකුලවාදය සහ එහි හොඳ දේවල් තිබූ ව්‍යවස්ථාවක් තුළ අනුගමනය කළ නමුත් එය ඇත්තටම ව්‍යවස්ථානුකුලවාදය ක්‍රියාත්මක වුයේද යන ප්‍රශ්නයතිබේ . ප්‍රශ්නය වන්නේ “ඒක ව්‍යවස්ථානුකූලවාදයද?” දැන් වසර ගණනාවකට පසු අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක භාෂාවෙන් මේ බහුභූත ව්‍යවස්ථාව ගැන කතා කරන අතර එය වෙනස් කිරීමට ඉල්ලා සිටිමු. මොකද ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් හරහා  සර්වබලධාරී විධායකයක් ඇති වූ හෙයිනි.

ඉතින් සමාජ සම්මුති  න්‍යාය 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. ජනතාව ස්වෛරී ය. ක්‍රියාත්මක කිරීමේ ආයතන වන්නේ ජනතාවගේ ආයතනය වන ව්‍යවස්ථාදායකය,ජනතාවගේ ආයතනය වන විධායකය සහ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට නියමිත අධිකරණයයි. නමුත් ඔබ එම වගන්තියේ භාෂාව දෙස බැලුවහොත් එය අධිකරණ බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව ගැන සඳහන් කරයි .මේක කොහෙන්ද ආවේ? ඔබ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 05 සිට 06 දක්වා වන ව්‍යවස්ථාවන් දෙසැ බැලුවහොත් එය පැමිණ ඇත්තේ එතැනිනි. ඒ වගේම කියනවා පරමාධිපත්‍ය බලය ජනතාව සතු වෙනවා වගේ දේවල් ටිකක්. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ වගේ පරස්පර විරෝධිතාවයන් පැවතුනි.

එතකොට මැතිවරණයකින් තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගැන කතා කරන්නේ කොහොමද ? රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයකින් තේරී පත් වූ ජනාධිපතිවරයෙක්ද? ඉතින්, අපි කියන්නේ ජනාධිපතිවරණයකින් තේරී පත් වූ ජනාධිපතිවරයා විධායකය බවට පත්වන බවයි.  නමුත් ජනාධිපතිවරයෙකු ඉල්ලා අස්වූ විට ඔබ තේරී පත් නොවූ ජනාධිපතිවරයෙකු ගෙන එන ක්‍රියාවලියක් හරහායි ඔහු පත් වුයේ.  ඉතින්, 1978 හි පරස්පරතා ද  ඉතා පැහැදිලිය.

ඉන්පසු කුමක්ද සිදු වුයේ? මෙය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන අදහස ඔබටම ඇති වීමයි ඉතින් 2000 වසරේ ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මා දකින ආකාරයට අපට බලාත්මක කරගැනීමට තිබුණු හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මධ්‍යම රජය සහ පළාත් අතර බලය බෙදා හැරීමේදී වගවීම පිළිබඳ හොඳ විධිවිධාන එහි තිබුණි. එසේම සමාජ-ආර්ථික අයිතිවාසිකම් ඇතුළු මූලික අයිතිවාසිකම් පිළිබඳ හොඳ විධිවිධාන ද එහි තිබුණි.

අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් එහි ඉතා සාධනීය විධිවිධාන තිබුණි. නමුත් එය පාර්ලිමේන්තුවේ දී ඉරා දැමුවා. ඉතින් ඒක පැත්තකට විසි වුනා. ඊට පස්සේ 2005 දී මොකද වුණේ? යුද්ධයෙන් පසු ජනාධිපතිවරයා රජු හා සැම තත්ත්වයකට පත් කරමින් විධායකයේ බලය අසීමිත ලෙස වැඩි කිරීමට රාජපක්ෂ රජය කටයුතු කළේය. ඔහු ස්වෛරීබලධාරියා බවට පත් වූ අතර, ජනාධිපතිවරයාගේ පාද සිප ගැනීමට මේසයක් යටට රිංගා ඡායාරූප ගත කළ ඇමතිවරයෙකු පවා අපට සිටියේය.

ඉතින් එවැනි වාතාවරණයක් තුළ අපට තිබුනේ කුමක්ද? ඉතින් ඉන් පසු අපට වෙනසක් අවශ්‍ය කළා. ඉතින් ඉන්පසු අපට යහපාලන රජයක් ඇති වුනා. ඒ හරහා අලුතින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලදී. ඒ මක්නිසාද යත් බලය තුලනය කිරීම තහවුරු කිරීමට මෙන්ම ජනාධිපතිවරයාගේ අසීමිත බලය අඩු කිරීමටයි.  එම ක්‍රියාවලිය සිදු කිරීමේදී මොකද්ද සිදු වුනේ? අපි බරපතල ගැටළු ඇති කළා, ජනාධිපතිවරයාගේ බලය සහ අගමැතිගේ බලය අතර බරපතල ගැටළු තිබුණා. ඊට පස්සේ අපිට පාස්කු ඉරිදා ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනය ඇති වුණා. අගමැතිවරයෙක් බ්‍රිතාන්‍ය වැඩසටහනකට ගියා. අගමැතිතුමාගෙන් ඇහුවා ඔබ ආරක්ෂාව ගැන නොදැන හිටියේ ඇයි කියලා. ඔහු කියනවා මම ඒ ලූපයේ නැහැ කියලා. ඉතින්, ඒකේ තේරුම මොකක්ද? ඒ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුලින් එතකොට සිදු කළේ කුමක්ද?

ඉන් පසු පැමිණියේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ආ 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයි. එම සංශෝධනය බලයේ උත්කෘෂ්ඨභාවය කියා පෑවේය. කණගාටුව කරුණානම් ගෝඨාභය රාජපක්ෂ සිතුවේ ඔහුට 14 වන ලුවී රජ්ජුරුවෝ  කිවූ ආකාරයට රජ්‍ය නම් මමය. මම නම් රාජ්‍යය වේ යන අන්දමට කටයුතු කළ හැකි වේවි කියයි.ඉතින්, ඊට පස්සේ මොකද වුණේ? ඔබ “අරගලයට” මුහුණ දුන්නා. ඒ වගේම ජනධිපති බලය සම්පුර්ණයෙන්ම අනිසි ලෙස භාවිත කරමින් ගැසට් නිවේදන, චක්‍රලේඛන නිකුත් වුනා. අවසනයේ “ සර් කිව්වලු” කියන එක ආණ්ඩුකරණ ක්‍රියාවලිය බවට පත් වුනා. 

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප කර ඇත්තේ කුමක්ද? අපගේ ව්‍යවස්ථාව තුළ අතීතයේ සිදු කර ඇති මෝඩකම් නැවත කිරීමට අපට නොහැකිය. එසේම, රජිව් පෙන්වා දුන් ආකාරයට දේශපාලන ක්‍රියාවලිය ව්‍යවස්ථා සම්පාදනය තීරණය කරන සාධකයක් බවට පත් කර නොගත යුතුය.

දේශපාලන මතවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීමක් ඇති කර ඇති නමුත්  ව්‍යවස්ථානුකුලවාදය යනු ජනතාවට වගකිව යුතු රාජ්‍යයයි. එබැවින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී අප ව්‍යවස්ථා සම්පාදනයේදී අසමත් වී ඇති අංශ හඳුනා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. රජය සහ ජනතාව අතර සමාජ සම්මුතියක පිහිටා එම අභිලාෂය සාක්ෂාත් කර ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට අප අපොහොසත් වී ඇති අතර, එය බලය අයුතු ලෙස භාවිතා කිරීම පාලනය කරන ව්‍යුහයන් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඉතින්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුළුණු තුන පැවතිය යුතුය. නමුත් එකී කිසිදු ආයතනයක් අනෙකා පරදවන්නේ නැති පරිදි එම බලතල ක්‍රියාත්මක කිරීම වැළක්වීම සඳහා ඒ අතර තුලනයක් ඔබට අවශ්‍ය වේ. ඉතින්, එහි 1972 මෙන් සර්ව බලගතු පාර්ලිමේන්තුව නැත. එහි 1978 මෙන් සර්ව බලගතු විධායක ජනාධිපති ධුරය නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ඔබට ජනතාවගේ යහපතට හේතු වන ආයතන අතර එම තුලනයක් තහවුරු කළ යුතුය.

අපට ව්‍යවස්ථානුකුලවාදය ගැන විවිධ ස්වරූපයන් පිළිබඳව කතා කළ හැකියි. ඇතැම් විද්වත්හු  පරිවර්තනීය ව්‍යවස්ථානුකුලවාදය ගැන කතා කරති.  ඊට පස්සේ ඔබ ඒකාධිපති ව්‍යවස්ථානුකුලවාදය ගැන කතා කරනවා.  ඒ කියන්නේ ඔබ ව්‍යවස්ථාවක් භාවිතා කරනවා. නමුත් එය ඒකාධිපතියි. ඒවා ප්‍රතිවිරෝධී වේ. එබැවින් රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීම වලක්වන සහ ජනතාවට වගවන යහපාලනයක් සඳහා අවස්ථාවක් ලබා දීම ඇතුළත් ව්‍යවස්ථානුකූලවාදයක් අපට තිබිය යුතු අතර එය සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

දේශපාලන මතවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීමක් ඇති කර ඇති නමුත්  ව්‍යවස්ථානුකුවාදය යනු ජනතාවට වගකිව යුතු රාජ්‍යයයි. එබැවින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී අප ව්‍යවස්ථා සම්පාදනයේ දී අසමත් වී ඇති අංශ හඳුනා ගත යුතුය.

Tags:

Leave A Comment