බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම නැවත වරක් මහජන අවධානයට යොමු වී තිබේ. මෙම යෝජනාව වටා ඇති මතභේදය, විනිසුරුවන්ගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ ප්‍රශ්නයට වඩා විශාල වී ඇත. එයින් නව ආණ්ඩුව ශ්‍රී ලංකාව ගෙනයන දිශානතිය පිළිබඳව වඩාත් මූලික ප්‍රශ්නයක් මතුකර තිබේ. 2024 මැතිවරණ ප්‍රකාශනය මගින් ජාතික ජන බලවේගය පොරොන්දු වූයේ නව ආණ්ඩුක්‍රම …

Continue Reading

සුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය ආයෝජනයකි – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය වසරට වඩා ස්ථාන 30 කටත් වඩා ඉදිරියට පැමිණීමකි. දශක ගණනාවක දේශපාලනික හිංසනයෙන් සහ සන්නද්ධ අර්බුදයන්ගෙන් පසුව මෙය ඇගයීමට ලක්විය යුතු ජයග්‍රහණයකි. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව භීෂණකාරී අඳුරු යුගයන් පසුකර පැමිණි බව …

Continue Reading

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුය – ජෙහාන් පෙරේරා

රජය විසින් යෝජනා කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත යනු දැඩි මර්දනකාරී පනත් කෙටුම්පතකි. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි ගැටලු විසඳීම අරමුණු කරගත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා NGO නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව රජයේ තර්කයයි. කෙසේවෙතත්, මෙම යෝජිත පනත දැනට පවතින ස්වරූපයෙන් පැවතුණහොත්, රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට පුළුල් ලෙස …

Continue Reading

ප්‍රකාශනයේ සිට ක්‍රියාකාරීත්වය දක්වා ප්‍රමාදයකින් තොරව – ජෙහාන් පෙරේරා

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණදීමට සිදුවූ පළමු ප්‍රධානතම අර්බුදය බවට පත්ව තිබේ. දශක ගණනාවක් තිස්සේ ගොඩගැසී බන්ධනාගාර පද්ධතිය බෝම්බයක් බවට පත්කිරීමට හේතු වූ මෙකී තත්ත්වයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු හෝ නොවීමට හැකිය. එහෙත් සැබෑ කරුණ නම්, රජය විසින් දියත් කරන ලද ‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන හේතුවෙන්, 2024 අගභාගයේදී 28,000ක් ලෙස …

Continue Reading

දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම් – ජෙහාන් පෙරේරා

‘දිට්‍ව’ සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති. රට පුරා මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත්වූහ. මෙහි ආර්ථික පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට හතරකට සමාන වේ. …

Continue Reading

ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය හෙවත් චීන පාලන තන්ත්‍රයෙන් ශ්‍රී ලංකාවට උගතහැකි පාඩම්

ගෝලීය දේශපාලන සිතියම සහ ආර්ථික බල තුලනය සහමුලින්ම වෙනස් කළ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය කුමක්දැයි යමෙකු ප්‍රශ්න කළහොත්, ඊට දිය හැකි එකම පිළිතුර වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය යන්නයි. අධිරාජ්‍යවාදී බලපෑම්, අභ්‍යන්තර අස්ථාවරත්වය සහ දරිද්‍රතාවයෙන් බැට කමින් සිටි චීනය තුළ සාමාජිකයන් පනස් දෙනෙකුට මඳක් වැඩි කුඩා දේශපාලන කණ්ඩායමක් ලෙස 1921 වසරේදී ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂය CPC, අද වන විට මිලියන 101.29 …

Continue Reading

සංස්කෘතික නියඟය හා දේශපාලන නායකයෝ

නන්දන වීරරත්න කලා භවන හෙවත් ජාතික කලාගාරය වසා අවුරුදු 16 ගෙවෙන බවට චෝදනා හා විලාප ඇසෙන්නට අරන් සෑහෙන කාලයක්. අවුරුදු 16 කියන්නේ පරම්පරාවක්. කලාව හදාරන දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් පරම්පරා තුනක්. රටක කලා ඉතිහාසයෙන් වසර 16ක් ජාතික කලාගාරය වසා දැමීම කියන්නේ සංස්කෘතික ඝාතකයන්ගේ ජයග්‍රහණයක්. එහෙම දෙයක් අපිට ඉතිහාසයේ අහන්න ලැබෙන්නේ කාලිංග මාඝ යුගයේ පමණයි. එහෙත් නූතන කාලිංග මාඝයන් මේ අපරාධය කර …

Continue Reading

ශ්‍රී ලාංකීය පවුලට උපහාරයක් – ජෙහාන් පෙරේරා

දින කිහිපයකට පෙර ආචාර්ය දේවනේසන් නේසයියාගේ අභාවය, දශක හතරකට වඩා පැතිරුණු මතකයන් රැසක් නැවත අවදි කළේය. 2002 වසරේ පැවැති මගේ විවාහ මංගල්‍යයේදී සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබුවේ දේවනේසන්ය. එය බලාපොරොත්තු සහගත වසරක් විය. රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර ඇති වූ සටන්විරාම ගිවිසුම, දශක දෙකකට ආසන්න කාලයක් රට විනාශ කළ යුද්ධයෙන් තාවකාලික සහනයක් ගෙනවිත් තිබිණි. සාමයට ඇති හැකියාව සැබෑවක් ලෙස පෙනෙන්නට තිබිණි. එම …

Continue Reading

ඉදිරියට යෑමට කාලය පැමිණ තිබේ – ජෙහාන් පෙරේරා

කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ.ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ 19 දින පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මතකය දැන් තරමක් අඩු වී ඇත. එහෙත් යුද්ධය නිසා ඇති වූ, තවමත් සුවනොවූ වේදනාවන් තමන් අහිමි වූ ආදරණීයයන් සිහිපත් කිරීමට එකතු …

Continue Reading

ක්‍රිකට් සහ ජාතික උනන්දුව – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක් එයින් පෙන්නුම් කෙරේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට අවස්ථා කිහිපයක් ලැබී තිබිණි. එහෙත් එම සාර්ථකත්වයන් දුර්ලභ විය. විශේෂයෙන් පසුගිය වසර දහය තුළ එම තත්වයන් දැකගත හැකිවිය. මෙම පරිහානියට …

Continue Reading