අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින සැමරුම මෙම මස 29 වැනිදා
- Editor
- May 26, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
ලංකාවාසි ජනතාවට අප්‍රමාණ සේවාවන් රැසක් සිදු කළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින සැමරුම මෙම මස 29 වන දිනට යෙදී ඇති බවත් ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බවත් මාදුළුවාවේ සෝහිත හිමි ගුණානුස්මරණ පදනම පවසයි.
මෙම වැඩසටහන් අතර,
- පෙ.ව 09.00 සිට පෙ.ව 11.00 දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ (ජපන් මිත්‍රත්ව පාර) ඇති සෝභිත නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම.
- පෙ.ව 10.00ට කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පිරිවෙනට පරිගණක යන්ත්‍ර කීපයක් පරිත්‍යාග කිරීම.
- පෙ.ව 11.00 මහා සංඝරත්නය වෙත පිළිගැන්වෙන සංඝගත දක්ෂිණාව
කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය, ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරතනයත්, සෝභිත ගුණානුස්මරණ පදනමේ ප්‍රධාන අනුශාසක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

