ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ආර්ථික පරිවර්තන පනත පිටිවහලක් වේවිද ?

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින අතර එම අර්බුදයෙන් ගොඩඒම සඳහා රජය විවිධ පියවරයන් ද ගනිමින් සිටී. මේ පියවර අතර වඩාත් සුවිශේෂ පියවරක් ලෙස පසුගිය දා සම්මත කර ගන්නා ලද ‘අර්ථික පරිවර්තන පනත‘ හැඳින්විය හැකිය.  මෙම පනත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බවයි. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් රජය බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවයි. එමෙන්ම වඩා හොඳ යටිතල පහසුකම් සහිත රටක් නිර්මාණය කිරීම මෙන්ම ආර්ථික වර්ධනයට සමගාමීව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට සහ නවෝත්පාදනයන් සහිත අපනයනය පුළුල් වූ තරඟකාරී ‍වෙළෙඳපොළක් ඇති කිරීමට ද මෙම පනත මගින් බලාපොරොත්තු වන බවයි.

මෙම පනත සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවේචනවලට පිළිතුරු සැපයීමට ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේය. ‘…නමුත් මෙම පනත පිළිබඳව අනවබෝධයෙන් සිටින පිරිස් විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ ද අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණයි. මෙම පනතේ අඩංගු ඉලක්කයන් සපුරාගත නොහැකි බවට ද ඔවුන් චෝදනා කරනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණයි“

මෙම පසුබිම තුළ ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ‘සිය 181 වැනි කතිකාව වැඩසටහනේදී ‘ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ආර්ථික පරිවර්තන පනත පිටිවහලක් වේවිද ?‘ මැයෙන් විද්වත් සංවාදයක් පැවැත් වීමට පියවර ගත්තේය. මේ සඳහා සම්පත් දායකයින් ලෙස ආර්ථික විශ්ලේෂක මංගල යාපා මහතා සහ ‘ඇඩ්වකාටා‘ හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර සංවාදය මෙහෙය වීම මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සිදු කළේය. මෙම ලිපිය මෙම සංවාදය ඇසුරින් සම්පාදනය කර ඇත.

මෙම සංවාදයට පූර්විකාවක් කරමින් මහාචාර්ය සමරජීව සඳහන් කළේ ආර්ථික පරිවර්තන පනත ‘සංකීර්ණ පනතක්‘ ලෙස සැලකිය හැකි බවයි. මෙම පනතට සමාන පනතක් 2003 වසරේදී, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත (Fiscal Management (Responsibility) Act (No. 3 of 2003) නමින් රජය විසින් සම්මත කරගත් බව ද එම පනත හරහා ‘අනාගත පාර්ලිමේන්තුවල සහ විධායකවල  අත් ගැට ගැසීමක් කළ ද ඒ කිසිවෙක් පනත නොකතා කටයුතු කළ බව‘ ද මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.

ආර්ථික පරිවර්තන පනතේ අරමුණු ඉටුකර ගත හැකිවේද යන්න සැකයි – මහාචාර්ය රොහාන් සමරජීව

මෙම සංවාදයට පූර්විකාවක් කරමින් මහාචාර්ය සමරජීව සඳහන් කළේ ආර්ථික පරිවර්තන පනත ‘සංකීර්ණ පනතක්‘ ලෙස සැලකිය හැකි බවයි. මෙම පනතට සමාන පනතක් 2003 වසරේදී, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත (Fiscal Management (Responsibility) Act (No. 3 of 2003) නමින් රජය විසින් සම්මත කරගත් බව ද එම පනත හරහා ‘අනාගත පාර්ලිමේන්තුවල සහ විධායකවල  අත් ගැට ගැසීමක් කළ ද ඒ කිසිවෙක් පනත නොකතා කටයුතු කළ බව‘ ද මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.

2003 අත්දැකීම් 2024 පනත සමග තුළනය කරමින් මහාචාර්ය සමරජීව මෙසේ සඳහන් කළේය. ‘දැන් මේ 2024 ආර්ථික පරිවර්තන පනත පනත හරහාත් කරන්නේ මුලින් සඳහන් කළ ආකාරයේ අත් ගැට ගැසීමක්. 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට තිබුණේ එක අරමුණක් පමණයි. මේ පනතට අරමුණු ගණනාවක් තිබෙනවා. සමහර ඒවා පරස්පර විරෝධීයි, සමහර ඒවා තිබෙන්නේ කුමක් නිසැදැයි කියලා හිතා ගන්නවත් බැහැ. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කරලා නව ආයතන දෙකක් නිර්මාණය කිරීමක් ගැන මේ පනතේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් නව සහ සුවිශේෂ ආයතන කිහිපයක් අලුතින් ස්ථාපිත කිරීමට මේ පනත යටතේ සැලසුම් කර තිබෙනවා. එපමණක් නොවෙයි ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ‘ජාතික ඵලදායී    කොමිෂම‘ නමින් ආයතනයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මේ යෝජනාව ආණ්ඩුවට පිටින් පැමිණි යෝජනාවක් විමත් විශේෂත්වයක්“

මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ 2003 පනතේ ඉලක්ක තිබුණත් එය ‘ඉටු නොවූ‘ බවයි. එසේම ආර්ථික පරිවර්තන පනත හරහා ‘අනාගත පාර්ලිමේන්තුවක, විධායකයක අත් ගැට ගැසීම ගැන ද සිය අවධානය යොමු කළ මහාචාර්ය සමරජීව පනතේ සමස්තය පහත දැක්වෙන ආකාරයේ සාරාංශකරණයකට ලක් කළේය. ‘2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ තිබුණේ වගන්ති 24යි. මේ පනතේ වගන්ති 196ක් තිබෙනවා. ඒකෙන්ම මේ පනත බොහොම සංකීර්ණ පනතක් බව පැහැදිලි වෙනවා. ඉතිං සංකීර්ණ පනතක් හැදුවම අර සරල පනතින් පවා කරගන්න නොහැකි වුණ දේ කර ගන්න පුළුවන් වේවිද ? කියන ප්‍රශ්නය මතු වෙනවා“

ආර්ථික පරිවර්තන පනත තුළ ‘දේශපාලනයක්‘ ද තිබෙන බව තම නිරීක්ෂණය බව ධනානාත් කීවේය. මෙම පනත තුළ ‘අනාගත ඉලක්ක ගණනාවක්‘ සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඔහු ‘කාටවත් විරුද්ධ විය නොහැකි‘ ඉලක්ක රැසක් තිබුණත් ඒවා ඉටුකර ගැනීම අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

මේ පනත තුළ දේශපාලනයක් තිබෙනවා – ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු

ඇඩ්වකාටා ආයාතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දුට අනුව ආර්ථික පරිවර්තන පනතේ කොටස් තුනක් ඇති අතර නව ආයතන හයක් (06) නිර්මාණය කිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාත්‍යන්තර ඵලදායීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ඇතුළු ආයතන හයක් නිර්මාණය වෙනවා. මෙහි මුලින් සඳහන් කළ ආයතන ත්‍රිත්වය එකව රේඛාවක ගමන් කරන බවයි මගේ විශ්වාසය වන්නේ. එහි අරමුණ විය හැක්කේ ශ්‍රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමයි. මෙය නිවැරදි දිශාවට ගමන් කළ තීන්දුවක් බව මගේ වැටහීමයි“

ආර්ථික පරිවර්තන පනත තුළ ‘දේශපාලනයක්‘ ද තිබෙන බව තම නිරීක්ෂණය බව ධනානාත් කීවේය. මෙම පනත තුළ ‘අනාගත ඉලක්ක ගණනාවක්‘ සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඔහු ‘කාටවත් විරුද්ධ විය නොහැකි‘ ඉලක්ක රැසක් තිබුණත් ඒවා ඉටුකර ගැනීම අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇඩ්වකාටා විධායක අධ්‍යක්ෂවරයා ‘මේ ඉලක්ක ඇත්තටම අපි යම්කිසි දෙයක් හරියට කළොත් ලැබෙන ප්‍රතිඵල. මට පෙනෙන ආකාරයට මෙහි ඇති දේශපාලනය තමයි මේ පනත මගින් අනාගතයේදී බලයට පත් වන ඕනෑම රජයක් යම්කිසි රාමුවකට ගැනීමක්, නැතිනම් එකඟ කර ගැනීමක් බලාපොරොත්තු වෙනවා. නමුත් මතක තබාගත යුතු කරුණ තමයි 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සම්මත කළ දවස්වලම අපි ඒක නොතකා හැරිය බව. යම්කිසි ඉලක්කයක් පනතකට දැම්ම පළියට ඒවා ඉටු වෙන්නේ නැහැ“

වත්මන් ආර්ථික පරිවර්තන පනත මගින් අපේක්ෂා කරන අරමුණුවලට සමාන කාර්යභාරයක් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ‘Enterprises Sri Lanka‘ වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව සිහිපත් කළ ධනනාත් ප්‍රනාන්දු ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට කැඳවා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් වඩාත් ඵලදායී බව ද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේද කීවේය. ‘නමුත් ආර්ථික පරිවර්තන පනත සම්පාදනය කිරීමේදී ජනාධිපතිවරයා මීට කලින් ප්‍රතිඥා දුන් ආකාරයේ පුළුල් සාකච්ඡාවක් තුළින් මේ කාර්යය සිදු වුණේ නැහැ. එම ප්‍රතිඥාවෙන් පිට ගිහින් තමයි ආර්ථික පරිවර්තන පනත සම්පාදනය කරලා තිබෙන්නේ‘

මෙම පනතේ අඩුපාඩු රැසක් ද පවතින බව පෙන්වා දුන් ධනනාත් ප්‍රානාන්දු මහතා මේ පනත හරහා වර්තමානයේ රට තුළ සිටින ආයෝජකයින් අධෛර්යමත් විය හැකි බව කීවේය. එසේම වරාය නගරය මෙයින් ඉවත් කිරීම හේතුවෙන් ආයෝජකයින් තව දුරටත් චකිතයකට පත්විය හැකි බවත් එය තත්ත්වය තවත් සංකීර්ණ හා ව්‍යාකූල කළ හැකි බවත් කීවේය.

ආර්ථික පරිවර්තන පනතේ අන්තර්ගතය ගැන පැහැදිලි කරමින් ඉංජිනේරු මංගල යාපා මහතා පෙන්වා දුන්නේ මෙම පනත තුළ ඍජු විදේශ ආයෝජන මත පදනම් වූ ‘අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්‘ කරා රට යොමු කිරීම ඉලක්ක කර තිබෙන බවයි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය අනුව ඍජු විදේශ ආයෝජන වර්ධනය කර ගනිමින් අපනයන විවිධාංගීකරණය සහිත ආර්ථික දැක්මක් අත්‍යවශ්‍ය බව තම අදහස බව ද යාපා මහතා කීවේය.

විවේචන තිබුණත් සාධනීය පනතක් – ආර්ථික විශ්ලේෂක, ඉංජිනේරු මංගල යාපා

මෙම සංවාදයට එක් වූ ආර්ථික විශ්ලේෂක මංගල යාපා මහතා කියා සිටියේ ආර්ථික පරිවර්තන පනත කෙටුම්පත් කිරීමේදී එහි යම් යම් කොටස්වලට තමා ද සම්බන්ධ වූ බවයි. මහාචාර්ය සමරජීව සඳහන් කළ ආකාරයට තමා ද මෙම පනත ‘සංකීර්ණ පනතක්‘ ලෙස දකින බව ද ඔහු කීවේය. එසේම මෙම පනත සම්පාදනය කිරීමේදී ‘මීට වඩා පුළුල් සංවාදයක් සිදුවිය යුතුව තිබූ බව‘ තමා ද පිළිගන්නා නමුත් ආයෝජන හා ආයෝජන කලාප සම්බන්ධයෙන් නම් යම් ප්‍රමාණයක සාකච්ඡාවන් සිදු වූ බව ද යාපා මහතා සඳහන් කළේය.

ආර්ථික පරිවර්තන පනත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මංගල යාපා මහතා මෙසේ කීවේය. ‘පනතක් සම්මත කළ පමණින් රටේ කිසිම වෙනසක් සිදුවන්නේ නැහැ. ඒත් ඇතැම් පනත් මගින් රටේ දැවැන්ත පරිවර්තන සිදු වෙලා තිබෙනවා. මහවැලි සංවර්ධන පනත එවැනි පනතක්. මහවැලි සංවර්ධන පනත හරහා ආර්ථික හා සමාජයීය වශයෙන් අති විශාල පරිවර්තනයක් සිදු වුණා. ඒ නිසා පනත පමණක් මදි පනතත් එක්ක ආයතන නිර්මාණය වී ඒවාට නිවැරදි පුද්ගලයින් පත්විය යුතුයි. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න නිසි පරිදි සම්පත් ද සම්පාදනය විය යුතුයි. මේ තත්ත්වය ආර්ථික පරිවර්තන පනතට ද ඒ ආකාරයෙන්ම අදාළයි. ආර්ථික පරිවර්තන පනත තුළ අන්තර්ගත ඉලක්ක දෙස බලන විට ඒවා ඇත්තෙන්ම තිබිය යුතු ඉලක්ක ද කියන ගැටලුව තිබෙනවා. නමුත් යම්කිසි පනතක ඉලක්ක තිබීම මගින් අපට අපේ දැක්ම නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම තමයි රට වැටිලා තිබෙන තැනින් ගොඩ එන්න යමක් සිදුවිය යුතුයි‘

ආර්ථික පරිවර්තන පනතේ අන්තර්ගතය ගැන පැහැදිලි කරමින් ඉංජිනේරු මංගල යාපා මහතා පෙන්වා දුන්නේ මෙම පනත තුළ ඍජු විදේශ ආයෝජන මත පදනම් වූ ‘අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්‘ කරා රට යොමු කිරීම ඉලක්ක කර තිබෙන බවයි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය අනුව ඍජු විදේශ ආයෝජන වර්ධනය කර ගනිමින් අපනයන විවිධාංගීකරණය සහිත ආර්ථික දැක්මක් අත්‍යවශ්‍ය බව තම අදහස බව ද යාපා මහතා කීවේය.

ආයෝජන මණ්ඩලය අහෝසි කර නව ආයතන කිහිපයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කළ මංගල යාපා කියා සිටියේ ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී වඩාත් කාර්යක්ෂම හා ඵලදායී නව යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වැදගත් වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැහැදිලි කළේය, ‘ආයෝජන මණ්ඩලය ස්ථාපිත කරන විට බලාපොරොත්තු වුණ කාර්යක්ෂමතාවය පසු කාලීනව දැකගත නොහැකි වුණා. එය ක්‍රමිකව සාම්ප්‍රදායික රාජ්‍ය ආයතනයක් බවට පත් වුණා. ආයෝජකයින්ට ගැළපෙන රාමුවක් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා ආයෝජන ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් නව ආයතනික හා නෛතික ව්‍යුහයක් වත්මන් පනත මගින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පනත හරහා ආයෝජන මණ්ඩලයට නැති පුළුල් අවකාශයක් සහිත නව ආයතනයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම පනත මගින් ආයෝජන පරිසරය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වෙනස්කම් කිරීමට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා‘

මෙහිදී සිය අත්දැකීම් මත පදනම්ව ආයෝජන සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත නව ආයතනික යාන්ත්‍රණය ගැන පැහැදිලි කළ මංගල යාපා මහතා කියා සිටියේ යම් යම් ගැටලු තිබුණ ද, විවේචන තිබුණ ද ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනත හරහා පිහිටුවීමට නියමිත යාන්ත්‍රණය සහ සිදු කිරීමට නියමිත නෛතික පරිවර්තන සාධනීය ඒවා වනු ඇති බව තම විශ්වාසය බවයි.

Tags:

Leave A Comment