ගොඩගැසී ඇති නඩු මිලියන 1.1 විසඳීමේ කටයුතු කඩිනම් කිරීමට විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු මිලියන 1.1 විසඳීමේ කටයුතු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලා සමගි ජන බලවේගය අද (04) කතානායකවරයාට යෝජනාවක් බාර දුන්නේය.

මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩ ගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ (03) අත්සන් තබන ලදි.

Tags:

Leave A Comment