තක්කඩි කමට බිලි නොවූ එදා දේශපාලනය – ඩිව් ගුණසේකර
- Editor
- October 31, 2024
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
ඔහු එකල රටේ අගමැති වූයෙන් ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තමා හමුවට කැඳවීමට දුරකථනය ඔස්සේ විමසීමට අවැසි අවකාශය ඕනෑතරම් තිබුණද අගමැතිතුමා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් කොමසාරිස්වරයා සහ ඩිව් ගුණසේකර හමුවිය. ඔහු ඡන්ද කටයුතු හේතුවෙන් ණය වී ඇති බවත් තමාගේ නිවස පවා උකසට තබා ඇති බවත් ණය බදු මුදල් මාස්පතා රුපියල් 1000 බැඟින් ගෙවා නිම කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
වර්තමාන දේශපාලන වේදිකාව යනු පොරපිටියකි. පාර්ලිමේන්තුව විටෙක උණුසුම් වෙයි. වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවන වාද විවාද බොහෝ දුරට අවසන් වෙන්නේ ගුටිබැට හුවමාරු කර ගැනීමෙනි.
එසේත් නැත්නම් අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් හා එකිනෙකාට අපහාස උපහාස කර ගැනීමෙනි. මෙම සම්ප්රදාය යටතේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම කාලය තුළ අපේ මැති ඇමතිවරුන් විශාල පිරිසකට පොලිස් නිලධාරීන්ගේ කරපිටින් සභා ගැබෙන් ඉවතට යාමටත්, සති ගණන් පාර්ලිමේන්තු රැස්වීම් තහනමට ලක්වීමටත් සිදුවූ බව නොරහසකි. මැති සබය තුළ පමණක් නොව දේශපාලන වේදිකා තුළද එකිනෙකාට අපහාස කිරීම් බැන වැදීම් සිදුවීම සුලභ සිද්ධියකි.
අතීත දේශපාලනය අධ්‍යනයේදී පැවති දේශපාලන සංස්කෘතිය සහ සදාචාරය වියැකෙමින් පවතින බවට සාධක වර්තමාන දේශපාලන වේදිකාවේ ඕනෑ තරම්ය. එදා පැවති දේශපාලන සදාචාරය පිළිබඳව සාක්ෂි දේශපාලන ඉතිහාසය ප්‍රබල චරිතයක් වන ඩිව් ගුණසේකර මහතා සතුව පවතී.
1935 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කිවුල නම් වූ ගම්මානයේදී ඩිව් ගුණසේකර මෙලොව එළිය දුටුවේය. ගුණසේකර පවුලේ සාමාජිකයන් අට දෙනෙකි. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන කුඩා ඩිව්, පසුව දික්වැල්ල විජිත විද්‍යාලයටත් පසුව මාතර රාහුල විද්‍යාලයටත් ඇතුලත් විය. එස්.එස්.සි. විභාගය සමත් වූ තරුණ ඩිව් ගුණසේකරට අනතුරුව විශ්ව විද්‍යාල වරම් ද හිමි විය. එහෙත් ඒ වන විට රැකියාවක නිරත වූයේ පවුලෙන් එක් අයකු පමණි. විශ්ව විද්‍යාල වරම් ලැබීමේ අරමුණින් අධ්‍යාපනය ලැබුවද, උසස් අධ්‍යාපනය කරා යොමු වීම පවුලේ කැමැත්ත වුවද, ඩිව් තෝරා ගත්තේ වෙනස් මාවතකි. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාවකට යොමු විය. කොළඹ ගමනේදී විමර්ශන නිලධාරියකු ලෙසත්, තක්සේරු කරුවකු ලෙසත් සේවය කිරීමට ඔහුට අවකාශය සැලසුණි. රැකියාව අතරතුර සිය අධ්‍යාපන කටයුතු බාහිරව සිදු කර ගැනීමට ඔහු සමත් විය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාවද, විද්‍යාලංකාර සරසවියෙන් රාජ්‍ය පරිපාලනය ද, නීති විද්‍යාලයෙන් නීතියද ඩිව් ගුණසේකර තරුණයාගේ හැදෑරීම විය. 1970 මැතිවරණ ජයග්රහණයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පීටර් කෙනමන් අමාත්‍යවරයා සමඟ ඩිව් ගුණසේකර දේශපාලනයට අවතීර්ණ විය. ලක් ඉතිහාසයේ නොමැකෙන දේශපාලන සිදුවීම් රාශියකට ඩිව් ගුණසේකර නායකත්වය ලබාදී ඇත. මේ ඩිව් ගුණසේකර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක සටහනකි.
වර්තමානයේ පවතින දේශපාලන සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මතකයට නැගෙනුයේ මීට වසර ගණනාවකට පෙර පැවති දේශපාලන සංස්කෘතියයි. වසර ගණනාවක අත්දැකීම් පසුතලය තුළ එකල පැවති දේශපාලනයේ සදාචාර සම්පන්න බව අද වන විට වියැකී යමින් පවතී. එයට අද සමාජය තුළ නිදසුන් ඕනෑ තරම්ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පත්වීම් ලැබ වසර දෙකක් පමණ කාලයක් ගතවීමේදී ඔහුට භාරදුන් විෂය වන්නේ හිඟ බදු අංශයයි. බදු නොගෙවුවන්ගේ ලිපිගොනු ඔහුට භාර දුනි. විශේෂයෙන්ම තේවතු හිමියන් සහ පොල් වතු හිමියන් ඒ අතර විය. ඔහුට හිඟ බදු එකතු කිරීමේ කාර්යය පැවරුණි. ඒ සඳහා බදු නොගෙවූ අයට බදු ගෙවන ලෙසද බදු නොගෙව්වොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද දන්වා ලියුම් යැව්වේය. බදු නොගෙවු පිරිස අතර සිටි විශේෂ පුද්ගලයකු වූයේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතායි. එතුමා නොගෙවූ හිඟ බදු ලක්ෂ ගණනක් තිබුණි. බදු ගෙවන ලෙස දන්වා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහා කොමසාරිස්වරයාගේ අත්සන සහිත ලිපියක් බණ්ඩාරනායක මහතා වෙත යැව්වේය.
ඔහු එකල රටේ අගමැති වූයෙන් ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තමා හමුවට කැඳවීමට දුරකථනය ඔස්සේ විමසීමට අවැසි අවකාශය ඕනෑතරම් තිබුණද අගමැතිතුමා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් කොමසාරිස්වරයා සහ ඩිව් ගුණසේකර හමුවිය. ඔහු ඡන්ද කටයුතු හේතුවෙන් ණය වී ඇති බවත් තමාගේ නිවස පවා උකසට තබා ඇති බවත් ණය බදු මුදල් මාස්පතා රුපියල් 1000 බැඟින් ගෙවා නිම කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඔහු එකල රටේ අගමැති වූයෙන් ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තමා හමුවට කැඳවීමට දුරකථනය ඔස්සේ විමසීමට අවැසි අවකාශය ඕනෑතරම් තිබුණද අගමැතිතුමා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් කොමසාරිස්වරයා සහ ඩිව් ගුණසේකර හමුවිය. ඔහු ඡන්ද කටයුතු හේතුවෙන් ණය වී ඇති බවත් තමාගේ නිවස පවා උකසට තබා ඇති බවත් ණය බදු මුදල් මාස්පතා රුපියල් 1000 බැඟින් ගෙවා නිම කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඩඩ්ලි සේනානායක මහතා විපක්ෂ නායකයාව සිටි සමයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්ට නිවසක් නොමැති විය. නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය වූ පිටර් කෙනමන් වෙත ඒ බව ලියුමකින් දැනුම් දුන්නේය. ඒ දිනවල ඇල්විටිගල මාවත නිවාස යෝජනා ක්රමයේ මුල්ගල තබා වැඩ ආරම්භ වූ සමය විය. නිවාස ව්‍යාපෘතිය අවසන් වූ වහාම පළමු නිවාසය විපක්ෂ නායකතුමාගේ පෞද්ගලික ලේකම්ට ලබා දුනි. ආණ්ඩු පක්ෂය සිදුකළ ව්‍යාපෘතියේ පළමු නිවාසය විපක්ෂ නායක ලේකම්ට ලබා දීම වර්තමානයේදී නම් කිසිසේත්ම සිදුවිය නොහැක්කකි.
ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි සමයේ ඩිව් ගුණසේකර ඇතුළුව හය දෙනෙක් ආදායම් බඳු විමර්ශන නිලධාරීහු ලෙස කටයුතු කළහ. කුරුණෑගල සිටි ව්‍යාපාරිකයකු අවුරුදු ගණනකින් ආදායම් බදු ගෙවා නොතිබිණ. ඔහු ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු සෙනට් මන්ත්‍රීවරයකුත් සහ විශ්‍රාමලත් හමුදා නිලධාරියකුද විය. බදු ගෙවීම් සම්බන්ධ ලේඛන වලට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විය. මහේස්ත්රාත්වරයාගේ වරෙන්තුවක් මත පරීක්ෂණයක් පැවැත්විය. එහිදී එම පුද්ගලයා පරීක්ෂකවරුන්ටත් බැණ වැදුණේය. පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය සීල් තබන ලදී. එම අවස්ථාවේ ආණ්ඩුවේ වෙනත් විෂය භාර ඇමතිවරයකු විසින් මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ මේ ගැන සලකා බලා සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි. එහිදී මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ “මේක මගේ අමාත්‍යාංශය මගේ අමාත්‍යාංශයට ඇඟිලි ගහන්න එපා” යනුවෙනි. වර්තමානයේ යම් වරදක් සිදුකළ පුද්ගලයකු නීතියේ රැහැනකට හසු වූ විට එම පුද්ගලයාට කෙසේ හෝ දේශපාලනමය වශයෙන් හැඳුනුම්කමක් පවතී නම් නීත්‍යානුකූලව වරදට දඬුවම් කිරීමට බලපෑම් එල්ල වීම බහුලව සිදුවේ. එහෙත් එකල එකම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුගේ පවා ඉල්ලීම තම රාජකාරිය වෙනුවෙන් නොතැකූ යුගයක් විය.
ලලිත් ඇතුලත් මුදලි මහතා විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි සමයේ ඩිව් ගුණසේකර මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විය. දිනක් ලලිත් ඇතුළත් මුදලි මහතා පාර්ලිමේන්තුවේ සේවකයකු අත ඩිව් ගුණසේකර මහතා වෙත ලියා එවා තිබුණේ පාර්ලිමේන්තුවෙන් පිටත දී එතුමා මුණ ගැහෙන ලෙසයි. ඔවුන් මුණගැසුණු අවස්ථාවේ ලලිත් ඇතුළත් මුදලි මහතා පවසා සිටියේ,ඔහුට බුද්ධි අංශ මඟින් විජය කුමාරතුංග මහතා ඝාතනය කිරීමට පුද්ගලයන් දෙදෙනෙකු ඔහු පසු පස ලුහුබඳින බවට බුද්ධි අංශ මඟින් තොරතුරක් ලැබූ බවයි. ඒ බව විජය කුමාරතුංග මහතා වෙත ඉක්මනින් දැනුම් දෙන ලෙස පැවසීය. ඒ අනුව පැහැදිලි වන්නේ එකල සිටි මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂ මතවාදය අභිබවා මානුෂීය හැඟීම් ප්‍රබල වූ බවයි.
තවත් අවස්ථාවකදී ඩිව් ගුණසේකර මහතා වියට්නාම නියෝජිත මණ්ඩලයක් සමඟ සමඟ එකල අගමැති වූ සිරිමාවෝ මැතිණිය හමුවීමට ගියේය. ඇය හමුවීම සඳහා ලබා දුන් වෙලාව වූයේ පස්වරු 5.00 යි. එහෙත් ගුණසේකර මහතා පස්වරු පහට මිනිත්තු දහයකට පමණ පෙර මැතිනියගේ කාර්යාලයට ගියේය. ඒ වන විටත් පැමිණ සිටි මැතිණිය ඔහු කැඳවීය. ගුණසේකර මහතා මැතිනිය හා පැවසුවේ “මැඩම් මටත් කලින්ම ඇවිල්ලා” යනුවෙනි. එවිට ඇය පැවසූයේ ” ඔයාලගේ නායකතුමිය වගේ නෙවෙයි. මම හරියට වෙලාවට වැඩ කරන ගැහැණියෙක්” යනුවෙනි. නායකතුමිය ලෙස හැඳින්වූයේ සිරිමාවෝ මැතිනියගේ දියණිය වූ එකල මෙරට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව සිටි සමයේ ඩිව් ගුණසේකර මහතා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. දිනක් රාත්‍රී 11.30 ට පමණ ඩිව් ගුණසේකර මහතාට ජනාධිපතිතුමාගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණේ ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසටය. ඩිව් ගුණසේකර මහතා ඔහුගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මේ පිළිබඳව දැනුවත් කළේය. ඩිව් ගුණසේකර මහතා ජනාධිපති මැදුරට යන විට ආරක්ෂක නිලධාරීන් කිසිවකු එහි සිටියේ නැත. එම සාකච්ඡාව ඒ තරම් රහසිගත විය. රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන සහ තවත් එක් අමාත්‍යවරයකු පමණක් මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. එහිදී ජනාධිපතිතුමා විසින් ගුණසේකරයන්ට ලිපියක් ලබා දුනි. එය ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි විසින් එවන ලද ලිපියකි. එහි සඳහන් වූයේ,” යාපනයේ ජනතාවට ආහාර ලබාදීම නවතා තිබෙනවා.ඒ මිනිසුන් බඩගින්නේ.ඒකට විරුද්ධව තමිල්නාඩු ජනතාව පෙළපාලි යනවා. ඔබතුමා ආහාර දෙන්නේ නැත්නම් මම ආහාර ලබා දෙනවා” යන්නයි. මෙය රටවල් දෙක අතර ඇති විය හැකි ප්‍රබල ගැටුමකි. මෙම ඇතිවීමට යන ගැටලුව පිළිබඳව පැය ගණනක් සාකච්ඡා කෙරුණි. එහිදී ගුණසේකරයන්ගේ යෝජනාව වූයේ රටවල් දෙකේම ආත්ම ගරුත්වය ආරක්ෂාවන පරිදි ඉන්දියාවෙන් ආහාර ලබාගන්නා ලෙසයි. අවසන් තීරණය එය වූ අතර පසු දින පාර්ලිමේන්තුව කැඳවීම සිදු කිරීමට තීරණය විය. ජනාධිපතිවරයා අනුර බණ්ඩාරනායකගෙන් සහ ඩිව් ගුණසේකරයන්ගෙන් එනම් විපක්ෂයෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු සාකච්ඡාවේදී මෙම මතයට විරුද්ධ නොවන ලෙසයි. එනම් ප්‍රශ්නයක් ඇති නොකරන ලෙසයි. විපක්ෂයද එයට එකඟ විය. වර්තමානයේ මෙන්මව මෙන්මව අතීතයේදී රට වෙනුවෙන් තම පක්ෂය ගැන නොසිතා පොදු එකඟවීම් සිදුවී ඇති ආකාරය දැක ගත හැකිය.
රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටි සමයේ සිංහල දෙමළ යුද්ධය සක්‍රීයව පැවතුණි. උතුරේ පැවති මෙම යුධමය ගැටලුවට විසඳුම් සෙවීමට සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට ප්‍රේමදාස මහතාට අවශ්‍ය විය. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පැමිණීමත් මෙම සමුළුවට අත්‍යවශ්‍ය විය. එහෙත් එකල ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබුණි. ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වී පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ ක්‍රියාවලිය පිටුපස සිටි ප්‍රබල සාමාජිකයෙකි රණසිංහ ප්‍රේමදාස මහතා. මෙම පසුබිම තුළ ඇයට සමුළුව වෙත ආරාධනා කිරීමට නොහැකි තත්ත්වයක් ජනාධිපතිවරයාට උදා වී තිබුණි. පීටර් කෙනමන් හරහා ආරාධනාව සිදු කර දෙන මෙන් ඩිව් ගුණසේකර මහතාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව පීටර් කෙනමන් සහ ඩිව් ගුණසේකර මහතාගේ ඉල්ලීම පරිදි මැතිණිය සමුළුවට පැමිණි අතර ඈ කතාවක්ද ඉදිරිපත් කළාය. තමාගේ ප්‍රජා අයිතිය නැති කිරීමට කටයුතු කළ පුද්ගලයාගේම ආරාධනාව පිළිගෙන පැමිණීමට තරම් සිරිමාවෝ මැතිණිය නිහතමානී විය. එමෙන්ම තම රට ගැන සිතා පෞද්ගලික සිදුවීම් තැකීමකින් තොරව ඇය සමුළුවට සහභාගි වීම අගය කළ යුත්තකි.
රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටි සමයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක එනම් මව සහ පුතු පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස කටයුතු කළහ. සිරිමාවෝ මැතිනිය විපක්ෂ නායිකාව විය. මැතිණිය විපක්ෂ නායක කාමරයේ සිට රූපවාහිනියෙන් පාර්ලිමේන්තු විවාද නරඹමින් සිටියාය. ඒ අතරතුරේදී අනුර බණ්ඩාරනායක සහ රණසිංහ ප්‍රේමදාස අතර බහින්බස්වීමක් ඇති විය. ඒ අවස්ථාවේ කෝප වූ විපක්ෂ නායකතුමිය විවාදය අවසන් වී පුතු තම කාමරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ හැසිරීම නුසුදුසු යැයි පවසමින් පාර්ලිමේන්තු වේත්‍රධාරියා ඉදිරිපිටදීම කන හරහා පහරක් එල්ල කළාය. වර්තමානයේ තම පවුල් පිටින් රජ කිරීමට තැත් කරති. තම පවුල වෙනුවෙන් කළ වංචා හොරකම් වැරදි සඟවති. එදා තම පුතු වුවද කළ වැරැද්දට එවෙලෙහිම දඬුවම් දුණි.
තවත් අවස්ථාවකදී ඩිව් ගුණසේකර මහතා වියට්නාම නියෝජිත මණ්ඩලයක් සමඟ සමඟ එකල අගමැති වූ සිරිමාවෝ මැතිණිය හමුවීමට ගියේය. ඇය හමුවීම සඳහා ලබා දුන් වෙලාව වූයේ පස්වරු 5.00 යි. එහෙත් ගුණසේකර මහතා පස්වරු පහට මිනිත්තු දහයකට පමණ පෙර මැතිනියගේ කාර්යාලයට ගියේය. ඒ වන විටත් පැමිණ සිටි මැතිණිය ඔහු කැඳවීය. ගුණසේකර මහතා මැතිනිය හා පැවසුවේ “මැඩම් මටත් කලින්ම ඇවිල්ලා” යනුවෙනි. එවිට ඇය පැවසූයේ ” ඔයාලගේ නායකතුමිය වගේ නෙවෙයි. මම හරියට වෙලාවට වැඩ කරන ගැහැණියෙක්” යනුවෙනි. නායකතුමිය ලෙස හැඳින්වූයේ සිරිමාවෝ මැතිනියගේ දියණිය වූ එකල මෙරට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි.
මෙම සිදුවීම් දාමය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ අතීත දේශපාලනයේ පැවති සදාචාරාත්මක සහ නිර්ව්‍යාජ බවයි. එනම් වර්තමාන දේශපාලඥයන් තම පොකට්ටුව සරු කර ගැනීමට ජනතා බලය භාවිත කරන බව නොරහසකි. තම බලය යොදා ගනිමින් වංචා දූෂණ ක්‍රියාවල නිරතවීම, තම වාසිය තකා පක්ෂයෙන් පක්ෂයට මාරුවීම, තම පක්ෂයේම වුවද සාමාජිකයන් තම සුබ සෙත පතා පාවා දීම, වෙනත් පක්ෂ සාමාජිකයින් සමඟ බැණ වැදීම් අපහාස කිරීම් සිදුකර ගැනීම දේශපාලනයේ දැකිය හැකිය. එනම් දූෂිත දේශපාලන ක්‍රියාවලියක් මෙරට ක්‍රියාත්මක වේ. අතීතයේ පැවති සදාචාරාත්මක දේශපාලනයෙන් උගත හැකි පාඩම් බොහෝය. ඔවුන් රට වෙනුවෙන් කැප වූ ජනතාවාදී දේශපාලකයෝ වූහ. එම අතීතය කවදා නම් නැවත ප්‍රතිස්ථාපනය වේදැයි අනුමාන කළ නොහැකිය.
සටහන – ශෂිකා අබේරත්න.

