ඉන්දු – පාකිස්ථාන යුද්ධය අතළඟ ද ?

සටහන – වරුණ විජයතුංග

ඉන්දීය පාලිත කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 22) සිදු වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර සියලුම අංශයන්හි සබඳතා බරපතළ ලෙස පළුදු වෙමින් පවතින අතර එය යළි පළිගැනීම් වලට තුඩු දී ඇත. ප්‍රතිවාදී න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර තවත් මිලිටරි උත්සන්න වීමක් පිළිබඳ බියක් වර්ධනය වෙමින් ඇති අතර එය දකුණු ආසියානු කලාපය සැලකිය යුතු ලෙස අස්ථාවර කර තිබේ.

2019දී පුල්වාමාහි අවම වශයෙන් පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පසු, ඉන්දියාව බාලාකෝට්හි සටන්කාමී කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්ථානය තුළ අභ්‍යන්තරය වන්නට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්ථානය ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩු දුන් අතර ඉන්දියානු ගුවන් නියමුවෙකු කෙටි කලට සිය ග්‍රහණයට ගත්තේ ය. දෙපාර්ශ්වය ම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම වළක්වා ගත්හ.

වසර දෙකකට පසු, 2021දී, ඔවුන් LoC සටන් විරාමයකට එකඟ වූ අතර, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ නැවත නැවතත් සටන්කාමී ප්‍රහාර සිදු වුව ද එය බොහෝ දුරට ක්‍රියාත්මක විය.

ප්‍රතිචාර හා පළිගැනීම්

පසුගිය අඟහරුවාදා ප්‍රහාරයෙන් සමූලඝාතනයට ලක් වූ සංචාරකයින් 26 දෙනාගෙන් එක් අයෙකු හැර අන් සියල්ලන්ම ඉන්දීය පුරවැසියන් ය. සිදුවිය යුතු ලෙස නවදිල්ලිය ඉක්මනින්ම පාකිස්තානයට ඇඟිල්ල දිගු කළ අතර දෙරට අතර පවතින සබඳතා පහත හෙළා තීරණාත්මක සින්දු නදියේ ජල බෙදා ගැනීමේ ගිවිසුමට සහභාගී වීම තාවකාලිකව අත්හිටුවන ලදී.

පාකිස්තානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර පාකිස්තානයට අයත් සින්දු නදියේ ජලය නැවැත්වීමට හෝ හරවා යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන බව පවසා තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ප්‍රහාරකයින් “පෘථිවියේ කෙළවර දක්වා” ලුහුබැඳීමට පොරොන්දු වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අසල්වැසියන්ගෙන් “උපරිම සංයමයක්” ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

  • පෙහෙල්ගාම්හි වල මොකද වුණේ?

පයින් හෝ අශ්වාරෝහකව පමණක් ප්‍රවේශ විය හැකි ඉන්දීය පාලිත කාශ්මීරයේ කඳුකර ගමනාන්තයක් වන පෙහෙල්ගාම්හි ජනප්‍රිය සංචාරක ගමනාන්තයකදී පසුගිය අඟහරුවාදා තුවක්කුකරුවන් පිරිසක් සංචාරකයින්ට වෙඩි තැබූහ. සංහාරයෙන් අවම වශයෙන් ඉන්දියානු පුරවැසියන් 25 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු මිය ගියහ.

තුවක්කුකරුවන් සංචාරකයින් සමීපයට පැමිණ තෝරා ගත් සංචාරකයින්ට වෙඩි තැබූ බව දිවිගළවා ගත් සංචාරකයෝ පසුව පැවසූහ.

කණ්ඩායමේ සිටි පිරිමින් තෝරාගෙන වෙඩි තැබූ ආකාරය සමහරුන්ට සිහිපත් විය. ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිවි ගලවා ගත් අනෙකුත් අය පැවසුවේ තුවක්කුකරුවන් වින්දිතයින්ගෙන් සමහරෙකු අගමැති මෝදිට සහාය දක්වන බවට චෝදනා කළ බවයි.

මෝදිගේ හින්දු-ජාතිකවාදී රජය 2019 දී මුස්ලිම් බහුතරයක් සහිත කාශ්මීරයේ ව්‍යවස්ථාමය ස්වාධීනත්වය අවලංගු කරමින් එය නවදිල්ලියේ සෘජු පාලනය යටතට පත් කරමින් පුළුල් විරෝධතා ඇති කළේය.

  • කාශ්මීරයේ කතාව මොකක්ද?

1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දා සිට කාශ්මීරය ඉන්දු-පකිස්තාන භූ දේශපාලනික අර්බුදයේ සන්ධිස්ථානයක් වී තිබේ.

බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලේ වැකි බෙදීමෙන් බිහි වූ රාජ්‍යයන් දෙකම (හින්දු බහුතරයක් සහිත ඉන්දියාව සහ මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්තානය) කාශ්මීරයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියන අතර නිදහස ලබා මාස කිහිපයකට පසු එම භූමිය සඳහා ඔවුන්ගේ පළමු යුද්ධය සිදුවිය. බෙදී ගිය කලාපය දැන් ලෝකයේ වඩාත්ම හමුදාකරණය වූ ස්ථානවලින් එකකි.

දශක ගණනාවක් තිස්සේ කාශ්මීරයට නිදහස ලබා දෙන ලෙස හෝ එම ප්‍රදේශය පාකිස්තානයේ කොටසක් කරන ලෙස ඉල්ලා සිටින ප්‍රාදේශීය සටන්කාමී කණ්ඩායම් කිහිපයක් ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කර ඇති අතර එමඟින් දස දහස් ගණනක් මිය ගොස් ඇත. ඉන්දියාව පවසන්නේ එම කණ්ඩායම්වලට පාකිස්තානයේ සහාය ලැබෙන බවයි. ඉස්ලාමාබාද් එය ප්‍රතික්ෂේප කරයි.

2019 දී කාශ්මීරයේ ස්වයං පාලනය අවලංගු කිරීමෙන් පසු සටන්කාමීත්වය අඩු වී ඇති බව මෝදිගේ රජය පවසා තිබේ. විශ්ලේෂකයින් පවසන්නේ අඟහරුවාදා සිදු වූ සංහාරය එම පණිවිඩය බිඳ දමා ඇති බවයි.

ඡායාරූපය – ඉන්දියාවේ මුම්බායි අසල ඩොම්බිවාලි හි තම සැමියාගේ දේහය අසල සිටගෙන පහල්ගම් ප්‍රහාරයෙන් මියගිය අතුල් මෝන්ගේ බිරිඳ ඇතුළු ඥානීන් – Rajanish Kakade/AP

  • ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත්තේ කවුද?

The Resistance Front (TRF) සමාජ මාධ්‍ය ඔස්සේ පහල්ගම් ප්‍රහාරයේ වගකීම භාර ගත් අතර, කලාපයේ පදිංචි වී “ජන විකාශන වෙනසක්” ඇති කළ “පිටස්තරයින්” කෙරෙහි සිය බලවත් අතෘප්තිය ප්‍රකාශ කළේය.

TRF යනු සාපේක්ෂව නව සටන්කාමී සංවිධානයක් වන අතර ඒ පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශවලට එතරම් දැනුමක් නැත.

නවදිල්ලිය පදනම් කරගත් බුද්ධි පර්ශදයක් වන Observer Research Foundation (ORF) පර්යේෂණයකට අනුව, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ විශාලතම නගරය වන ශ්‍රීනගර් හි සිදු වූ අත්බෝම්බ ප්‍රහාරයක වගකීම භාර ගැනීමෙන් පසු, 2019 දී Telegram හරහා මෙම කණ්ඩායම සිය පැවැත්ම ප්‍රකාශ කළේය.

ඉන්දියාව TRF “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම්  කර ඇති අතර එය 2008 දී මාරාන්තික මුම්බායි ප්‍රහාර පිටුපස සිටි සහ ඉතා ඉහළ පැතිකඩක් ඇති තහනම් ඉස්ලාමීය කණ්ඩායමක් වන ලෂ්කර්-ඊ-තයීබා සමඟ සම්බන්ධ කර ඇත.

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් තිදෙනෙකු නම් කරමින් කාශ්මීර පොලිසිය බ්‍රහස්පතින්දා දැන්වීම් ප්‍රකාශයට පත් කළේය. එම දැන්වීම්වලට අනුව තිදෙනාගෙන් දෙදෙනෙක් පකිස්ථාන ජාතිකයන් ය. මෙම පිරිමින් හඳුනාගත්තේ කෙසේදැයි ඔවුන් සඳහන් කළේ නැත.

ඡායාරූපය – 2025 අප්‍රේල් 24 වන දින, නවදිල්ලිය ඉස්ලාමාබාද්ට එරෙහිව දඬුවම්කාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග රැසක් ගත් දිනකට පසු ඉන්දියා-පකිස්ථාන වාගා දේශසීමා මුරපොළ හරහා පකිස්ථාන පුරවැසියන් පකිස්ථානයට ආපසු ගමන් කරන අයුරු.

  • ඉන්දියාව සහ පාකිස්තානය ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?

“දේශසීමා ත්‍රස්තවාදයට සහාය දෙන බවට” පකිස්ථානය කරන චෝදනාවට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව සිය පළිගැනීමේ පියවර සාධාරණීකරණය කර තිබේ.

නවදිල්ලිය ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයක් වසා දමා ඇති අතර පාකිස්තාන පුරවැසියන් සඳහා දැනටමත් සීමිත වීසා තවදුරටත් සීමා කර ඇත. නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් ද නෙරපා හැර තිබේ.

1960 සිට බලාත්මක වන සහ දෙරට අතර දුර්ලභ රාජ්‍ය තාන්ත්‍රික සාර්ථක කතාවක් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර වැදගත් ජල බෙදා ගැනීමේ ගිවිසුමක් වන ‘ඉන්දු ජල ගිවිසුමේ’ ඉන්දීය භූමිකාව ද ඉන්දීය රජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

පකිස්ථානය සහ උතුරු ඉන්දියාව පුරා මිලියන සිය ගණනකගේ ජීවනෝපායන් සඳහා සහාය වන දැවැන්ත ඉන්දු ගංගා පද්ධතිය (ටිබෙටයෙන් ආරම්භ වී) චීනය සහ ඉන්දීය පාලිත කාශ්මීරය හරහා ගලා ගොස් පකිස්ථානයට ළඟා වේ. මෙම අතිවිශාල ජල පරිමාව දෙරටටම අත්‍යවශ්‍ය සම්පතක් වන අතර, ගිවිසුම මගින් එය බෙදා ගන්නා ආකාරය පාලනය කෙරේ.

පාකිස්තාන රජයේ ප්‍රකාශයක් පැවසුවේ පාකිස්තානයට අයත් ජලය නැවැත්වීමට හෝ හරවා යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන බවයි.

ඉන්දියාවේ මෙම පියවර අනුගමනය කරමින් පාකිස්තානය ඊයේ (24) නිවේදනය කළේ ඉන්දියාව සමඟ වෙළඳාම අත්හිටුවන බවයි. ඊට අමතරව එහි ගුවන් කලාපය වසා දමන බවත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බවත් පාකිස්ථානය පැවසුවේ. ඒ සමඟ ඉන්දියාවේ පියවර “ඒකපාර්ශ්වික, අසාධාරණ, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත, අතිශයින්ම වගකීම් විරහිත සහ නීතිමය සුදුසුකම් නොමැති” ක්‍රියාවක් බව ද පාකිස්ථානය අවධාරණය කළේය.

“ඉන්දියාව නැවත නැවතත් දොස් පැවරීම ක්‍රීඩාවක් කර ගෙන ඇති අතර (පහල්ගම්හි) පාකිස්තානයේ මැදිහත්වීම පිළිබඳ සාක්ෂි තිබේ නම් කරුණාකර එය අප හා ලෝකය සමඟ බෙදා ගන්න” විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පැවසීය.

  • කාශ්මීරයේ තත්ත්වය කොහොමද?

අඟහරුවාදා ප්‍රහාරයේ සැකකරුවන් සොයා ඉන්දීය ආරක්ෂක හමුදා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බැවින් කාශ්මීරයේ ආතතිය ඉහළ ගොස් තිබේ. සෝදිසි කිරීම් අතරතුර ශ්‍රීනගර්ට උතුරින් පිහිටි බන්ඩිපෝරා දිස්ත්‍රික්කයේ ඉන්දීය හමුදා “සටන්කාමීන් සමඟ වෙඩි හුවමාරුවක” නිරත වූ බව කාශ්මීරයේ ඉන්දීය හමුදා බලකාය X හි පැවසීය.

මේ අතර, ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි සිකුරාදා (25) කාශ්මීරයට ගොස් “කලාපයේ ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීම” සඳහා අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ භූමිය බෙදන රේඛාවට ආසන්නව ජීවත් වන පාසල් ගුරුවරයෙකු වන 48 හැවිරිදි අර්ෂාඩ් නජාම් පැවසුවේ තමා බිහිසුණු අනතුරක් අද්දර සිටින බවයි.

“අපි අපේ බංකරය පිරිසිදු කළා,” ඔහු CNN වෙත පැවසීය. “මිනිසුන් අතර භීතියක් තියෙනවා… ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකියි.”

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් පෙහෙල්ගාම්හි සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සංචාරක ව්‍යාපාරයට බරපතළ බලපෑමක් එල්ල කර ඇති අතර එම බලපෑම පිළිබඳව ව්‍යාපාරික හිමිකරුවන් කනස්සල්ල පළ කර ඇත. මේ අතර මෙම මාරාන්තික ප්‍රහාර හෙළා දැකීම සඳහා මෑත දිනවල දහස් ගණනක් වීදි බැස තිබේ.

ඡායාරූපය – පෙහෙල්ගාම්හි ප්‍රහාරය හෙළි දකිමින් 2025 අප්‍රේල් 23 වන බදාදා ඉන්දීය පාලිත කාශ්මීරයේ ශ්‍රීනගර්හිදී පැවති විරෝධතාවයකට ජම්මු සහ කාශ්මීර ජාතික සම්මේලනයේ සාමාජිකයින් සහභාගීවී සිටි අයුරු.

“අපි හැමෝටම බලාගෙන ඉන්න බැහැ. අපි ආවේ හැඟීම්, සහයෝගීතාවය පෙන්වීමට සහ ඝාතන හෙළා දැකීමට,” ප්‍රදේශවාසියෙකු වන උමාර් නසීර් ටිබෙට්බකාන් පැවසීය. “අපගේ විරෝධතා (බදාදා) සියලු කාශ්මීර වැසියන් මෙම ශෝකජනක පැයේදී රට සමඟ සිටින බවට සංඥාවක් වේවි.”

මේ අතර, ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ තවත් නගර කිහිපයක පකිස්ථාන විරෝධී විරෝධතා පැන නැගී ඇති අතර, එමඟින් කාශ්මීර විරෝධී සහ මුස්ලිම් විරෝධී හැඟීම් අවුස්සනු ඇතැයි යන බිය මතු වී තිබේ.

  • ඉන්දියාවේ විකල්ප මොනවා ද?

රහසිගත ක්‍රියාමාර්ග ගැනීම ඒවා තමන් කළ බව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ලබා දෙන නමුත් අනෙක් පාර්ශවය බිය වැද්දීම දෘශ්‍යමාන ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ දේශපාලන අවශ්‍යතාවය සපුරාලන්නේ නැති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇල්බනි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්ටෝෆර් ක්ලැරි පවසයි.

“අවදානමක් නැති කිසි ම මාර්ගයක් නැහැ. එක්සත් ජනපදයේ අවධානයත් වෙනතකට යොමු වෙලා නිසා අර්බුද කළමනාකරණයට සහාය වීමට කැමැත්තක් හෝ හැකියාවක් නොතිබිය හැකියි, දකුණු ආසියාවේ දේශපාලනය අධ්‍යයනය කරන ක්ලැරි බීබීසීයට පැවසීය.

2016දී මෙන් සීමිත “සිවිල් ජනතාවට හානියක් නොවන ලෙස ප්‍රහාර එල්ල කිරීම” සලකා බැලීමට ඉන්දියාව ඉඩ ඇති බැවින්, මෙවරත් ගැටුම් උත්සන්න විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පාකිස්ථාන තානාපති හුසේන් හකානි විශ්වාස කරයි.

“ඉන්දියාවේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එවැනි ප්‍රහාරවල වාසිය තමයි ඒවායේ ඉලක්කය සීමිත වීම. ඒ නිසා පාකිස්ථානයට ප්‍රතිචාර දැක්වීමට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒවා ඉන්දියාව පියවර ගෙන ඇති බව ඉන්දියානු මහජනතාවට පෙන්නුම් කරනවා. නමුත් එවැනි ප්‍රහාර පාකිස්ථානයෙන් පළිගැනීම්වලට ත් ආරාධනාවක් වෙන්න පුළුවන්, කිසිදු විමර්ශනයක් හෝ සාක්ෂි නොමැතිව සොයා බැලීමකින් තොරව සිද්ධ කරන ප්‍රතික්‍රියාවකට තමන් දොස් පවරනවා කියලා ඔවුන් තර්ක කරාවි” හුසේන් හකානි වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඡායාරූපය – පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංචාරකයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහලෙන් පිටත දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය

  • ඊළඟට මොකද වෙන්නේ ?

2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු සෙබළුන් 19 දෙනෙකු මිය ගිය මාරාන්තික ඌරී ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිට සටන්කාමීන් ඉන්දියාවට පැමිණීමට සූදානම් වන ස්ථාන ඉලක්ක කර ගනිමින් නිල නොලත් දේශසීමාව එනම් පාලන රේඛාව (LoC) හරහා ප්‍රහාර එල්ල කළේය. ඒ,  පාකිස්ථාන පාලනයට නතු කාශ්මීර කාලාපයේ සටන්කාමීන් ප්‍රහාර දියත් කිරීමට යොදා ගන්නා බවට ඔවුන් කියන ස්ථාන ඉලක්ක කරමිනි.

2019දී, පුල්වාමාහි අවම වශයෙන් පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පසු, ඉන්දියාව බාලාකෝට්හි සටන්කාමී කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්ථානය තුළ අභ්‍යන්තරය වන්නට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්ථානය ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩු දුන් අතර ඉන්දියානු ගුවන් නියමුවෙකු කෙටි කලට සිය ග්‍රහණයට ගත්තේ ය. දෙපාර්ශවය ම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම වළක්වා ගත්හ.

විශ්ලේෂකයින් මිලිටරි උත්සන්න වීමේ විභවය ගැන බිය වන අතර, සියලු දෙනාම දැන් නවදිල්ලිය සහ ඉස්ලාමාබාද් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කර ඇත.

“මෝඩිට ඉතා ශක්තිමත් (නොබිඳිය හැකි නොවේ නම්) බලහත්කාරයෙන් පළිගැනීමට දේශපාලනික බල කිරීමක් තිබෙනවා” ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ සහයෝගීතා මධ්‍යස්ථානයේ පර්යේෂණ විශාරදයෙකු වන අර්සාන් තාරාපෝර් පැවසීය.

“ඒක කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ, මේ අවස්ථාවේදී අනුමාන කිරීම තරමක් අර්ථ විරහිතයි. නමුත් 2019 බලකොට් අර්බුදය ඉන්දියාවේ ප්‍රතිචාරය දෙස බලා සිටිය යුතු දේ පිළිබඳ ඉඟි කිහිපයක් සපයනවා කියලා මම හිතනවා,” තාරාපෝර් පැවසුවේ, ඉන්දීය පාලිත කාශ්මීරයේ අවම වශයෙන් පැරාමිලිටරි නිලධාරීන් 40 දෙනෙකු ඝාතනය කරමින් ඉන්දීය හමුදා වෙත එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකට නවදිල්ලියේ ප්‍රතිචාරය ගැන සඳහන් කරමිනි.

නව දිල්ලිය පකිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පළිගත්තේය, 1971 දී දෙරට අතර යුද්ධයකින් පසු තම භූමියට එවැනි පළමු ආක්‍රමණය මෙයයි.

“ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ත්‍රස්තවාදී කණ්ඩායම් මත ඔවුන්ගේ නායකත්වය හෝ මූලස්ථාන පහසුකම් ඉලක්ක කර ගනිමින් වඩාත්  ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියාව උත්සාහ කරයිද යන්නයි? නැතහොත් ඉන්දියාව ඊටත් වඩා ඉදිරියට ගොස් පාකිස්තාන හමුදාවට පහර දීමට එළිපත්ත තරණය කරයිද?” තාරාපෝර් පැවසීය.

විශ්ලේෂකයින් පවසන පරිදි, ප්‍රශ්නය වන්නේ මිලිටරි ප්‍රතිචාරයක් ලැබේ ද යන්න නොව – එය කවදා ද, කෙසේ ද යන්න සහ කුමන පරිමාණයකින් සිදුවේ ද යන්න ය.

“අපිට ශක්තිමත් ප්‍රතිචාරයක් දකින්න පුළුවන් වෙයි – ඉන්දියානු වැසියන්ට සහ පාකිස්ථානයේ මේ ප්‍රහාරය පිටුපස ඉන්න අයට දෙන පණිවිඩයක් විදිහට. 2016 ඉඳලා සහ විශේෂයෙන් 2019න් පස්සේ, සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ දේශසීමා හරහා සිදු කෙරෙන ප්‍රහාර හෝ ගුවන් ප්‍රහාරවලින්. දැන් ඊට පහළින් ක්‍රියා කිරීම රජයට අපහසු වේවි. පාකිස්ථානය පෙර මෙන් ප්‍රතිචාර දක්වාවි. අවදානම තමයි, සෑම විට ම වගේ, වැරදි ගණනය කිරීම් – දෙපැත්තෙන් ම” යැයි හමුදා ඉතිහාසඥ ශ්‍රීනාත් රාඝවන් බීබීසීයට පැවසීය.

විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂකයෙකු වන මයිකල් කුගල්මන් විශ්වාස කරන්නේ නවතම ප්‍රහාරයේදී ඉහළ මරණ මට්ටමක් සහ ඉන්දියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම යන දෙකෙහි සංයෝජනය “දිල්ලි රජය පාකිස්ථාන ඊට සම්බන්ධ බවට උපකල්පනය කරන්නේ නම් පාකිස්ථානයට එරෙහිව ඉන්දියානු හමුදා ප්‍රතිචාරයක් දැක්වීමේ ප්‍රබල හැකියාවක් හඟවනවා,” යනුවෙනි.

එවැනි ප්‍රතිචාරයකින් ඉන්දියාවට ලැබෙන ප්‍රධාන වාසිය දේශපාලනික වේවි මොකද ඉන්දියාවට බලහත්කාරයෙන් ප්‍රතිචාර දැක්වීමට දැඩි මහජන පීඩනයක් එල්ල වෙන නිසා. තවත් වාසියක් තමයි, පළිගැනීමකින් ත්‍රස්තවාදී ඉලක්ක සාර්ථකව විනාශ කළොත්, ඒකෙන් ඉන්දියාවට ඉදිරියේදී ඇති විය හැකි තර්ජන බිය වැද්දීමක් වෙනවා වගේ ම ඒවා දුර්වල කරනවා. අවාසිය තමයි පළිගැනීමක් බරපතළ අර්බුදයකට සහ ගැටුමකට පවා තුඩු දිය හැකි වීම.” ඔහු බී.බී.සීයට පැවසුවේය.

මෙම කතාව  සී.එන්.එන් සහ බී.බී.සී තොරතුරු සමඟ යාවත්කාලීන කර ඇත.

Leave A Comment