රාජ්‍ය ණය කළමනාකරණයේ අභියෝගය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වසර ගණනාවක් පුරා මුහුණ දුන් ගැටලු වලට කඩිනම් විසඳුම් නැහැ

ශ්‍රී ලංකාවේ බදු  කළමනාකණය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාවය ඉතාම පහළ අගයක පවතින බව ප්‍රකට කරුණක්. බොහෝ අවස්ථාවල අපි අප්‍රිකානු රටවලටත් වඩා පහළ තැනක ඉන්නේ. උදාහරණයක් ලෙස නයිජීරියාව ගන්න පුළුවන්. ණය කළමනාකරණය සම්බන්ධයෙන් ගත් විට නයිජීරියාව අපට වඩා බොහෝ ඉදියෙන් ඉන්නේ. ඉතිං එවැනි දීර්ඝ කාලනීන ප්‍රශ්නයක් අවුරුදු දෙක තුනකින් නීති ටිකක් එහාට – මෙහාට කරලා, ප්‍රතිපත්තිමය වෙනස් වීම් කරලා විසඳ ගන්න බැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ධාරිතාව වර්ධනය කරන්න විශාල මුදල් විදේශාධාර ලෙස ලබා දෙනවා. නමුත් දෙපාර්තමේන්තුව තුළ බරපතළ ප්‍රශ්න තිබෙනවා. විශේෂ වැටුප් සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. නිවැරදිව සොයා බැලුවොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැටුප්වලටත් වඩා බරපතළ අභ්‍යන්තර යාන්ත්‍රණය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. බොහෝ විට බහුලව ක්‍රියාත්මක කරන්නේ ලිපිගොනු ක්‍රමය. ඩිජිටල් ක්‍රමයත් ක්‍රියාත්මක කිරීමට උත්සාහා කරනවා. නමුත් අදාළ නිලධාරීන් තවමත් සාම්ප්‍රදායික ලිපිගොනු ක්‍රමය තුළ කටයුතු කරනවා. ඔවුන් බදු ලිපිගොනුවක් තවමත් විගණනය කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමය තුළමයි. ඔවුන් දත්ත විශ්ලේෂණයක් තුළින් ගැඹුරු විමර්ශනයක් කරලා නෙමෙයි විගණනය කරන්නේ. මේ ආකාරයෙන් බදු ලිපිගොනු අතින් (manually) කරන විට ඵලදායී ලෙස බදු එකතු කරන්න බැහැ. මේ වන විට ලංකාවේ ආර්ථිකය සංකීර්ණයි. එවැනි සංකීර්ණ ආර්ථිකයක අතින් බදු ගිලිගොනු  සකස් කරලා බදු එකතු කරන්න බැහැ.

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු මොනවා ද ?

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 08%ක් වැනි ඉතාම පහළ අගයක බදු ආදායම තිබුණේ. නමුත් වර්තමානය වන විට එය 15%කට ආසන්න අගයකට පැමිණ තිබෙනවා. මේ වර්ධනයට ආවේ බදු අගය පුළුල් කිරීම තුළින් සහ නව බදු එකතු කිරිම තුළින්. නමුත් මෙතැනින එහාට බදු ප්‍රතිශතය පුළුල් කිරීමට හෝ නව බදු හඳුන්වා දීමට බැහැ. අපි ප්‍රතිපත්තිමය පැත්තෙන් කළ හැකි සියලුම දේවල් කරලා තියෙන්නේ. දැන් යමක් කළ හැකි වන්නේ බදු පරිපාලනය පැත්තෙන්. නමුත් මානව සම්පත් ධාරිතාවය ඉහළ දැමීමකින් තොරව බදු පරිපාලනය සාර්ථක කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ තවත් සංකීර්ණ ගැටලු රැසක් තිබෙනවා. වැටුප් ප්‍රශ්න වගේම ඔවුන්ට වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු ලබා ගන්න බැහැ. ඒ වගේම උසස් වීම් ක්‍රියාත්මක වෙන්නෙත් පහළ සිට ඉහළට. නමුත් මෙහි ගැටලුව තමයි දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් බඳවා ගැනීමක් සිදු නොවුණොත් අඛණ්ඩව ගැටලුවක් වර්ධනය වෙනවා. ඒ වගේම වයස් ව්‍යුහය සම්බන්ධ ගැටලුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. බහුතරයක් නිලධාරීන්ගේ වයස අවුරුදු  35-40ට වඩා වැඩියි. ඊට වඩා අඩු වයස් කාණ්ඩයේ නිලධාරීන් නැහැ. ඒ වගේම වැටුප් ප්‍රශ්නය හේතුවෙන් තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ දැඩි හිඟයක් දෙපාර්තමේන්තුව තුළ තිබෙනවා. නව නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ.

  • මේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්න නොහැකි ඇයි ?

මෙහි ඇති සමස්ත ගැටලුව තමයි මෙතරම් වැදගත් දෙපාර්තමේන්තුවක් දීර්ඝ කාලයක් පුරා ධාරිතාව සම්බන්ධ ගැටලුවලට මුහුණ දීම. ඒ තත්ත්වය අවුරුදු දෙක – තුනකින් මේ තත්ත්වය හදා ගන්න බැහැ.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment