සමාජ මාධ්‍ය භාවිතයහා අර්බුද
- Editor
- March 5, 2026
- තීරු ලිපි, සිංහල Header
- Columns
- 0 Comments
නූතන ලෝකයේ දියුණුව හා තාක්ෂණයේ වර්ධනයත් සමඟ අද වන විට සමාජ මාධ්‍ය අපගේ ජීවිතයේ පළුවක් බවට පත්ව හමාර ය. මේ භාවිතයත් සමඟ අපේ ජීවිත ද බොහෝ සෙයින්ම වෙනස් වීම්වලට ලක්ව ඇත. පැතිකඩ ගණනාවකින්ම සමාජ මාධ්‍ය භාවිතය අපේ ජීවිතයේ යහපතටත් අයහපතටත් බලපෑම් ඇති කරමින් පවතී. 2026 මුල් භාගය වන විට ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් බිලියන 5.66ක් පමණ ක්‍රියාකාරි සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වේ.
අන්තර්ජාලය හා නවීන තාක්ෂණය භාවිත කරමින් පරිශිලකයන්ට තොරතුරු, අදහස් හා නිර්මාණ වඩා ඉක්මනින් බෙදාගැනීමට හා අන්‍යයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසන ඩිජිටල් වේදිකාවක් වන මෙම සමාජ මාධ්‍යයේ දී අන්තර් ක්‍රියාකාරිත්වය, පරිශීලක නිර්මිතය මෙන් ම ක්ෂණික සන්නිවේදනය ප්‍රධාන ලක්ෂණ වේ. එමෙන් ම මෙමඟින් තොරතුරු ව්‍යාප්තිය, සමාජීය සබඳතා, අධ්‍යාපනය, විනෝදාස්වාදය, ව්‍යාපාර ප්‍රවර්ධනය, මුදල් ඉපැයීම ආදී වශයෙන් වාසිදායක තත්ත්වයන් ගණනාවකි.
ඒ වගේම අන්තර්ජාලයට හා සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම, ව්‍යාජ තොරතුරු වේගයෙන් පැතිර යාම, පෞද්ගලිකත්වය උල්ලංඝණය වීම හා සයිබර් හිරිහැර වශයෙන් සිදුවන සමාජීය බලපෑම, මානසික හා කායික වශයෙන් දුර්වලවීම්, රැවටීම, වංචාව, ආදී වශයෙන් අයහපත් තත්ත්වයන්ද ගණනාවකි.
Facebook, youtube, tiktok, messanger, twitter, linkedin, Printerest, Instagram, skype, viber, whatsapp, Reddit, Wechat, Qzone, ආදි වශයෙන් සමාජ මාධ්‍ය ජාලා ගණනාවක් ලොව පුරා පරිශීලකයින් භාවිත කරයි.
අද වන විට ළමයින්ගේ සිට වැඩිහිටියා දක්වාම ස්මාර්ට් දුරකථන භාවිතය බහුලය. එවැනි පසුබිමක් තුළ මේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ ය. මෙහි ගැටලුව නම් සමාජ මාධ්‍ය නැරඹීම නොව ඒවායේ ඇතැම් අන්තර්ගතයන් නුසුදුසු වීමය.
ඇතැම් අන්තර්ගතයන් ඉතාම වටිනාකමකින් හා වැදගත් තත්ත්වයකින් පවතියි. නමුත් ඇතැම් අන්තර්ගතයන් සහිත සමාජ මාධ්‍ය ගිණුම්, ඉතාම පහත් දෙයක් වුව සමාජ මාධ්‍යයට එක් කරයි. එමෙන්ම ඕනෑම කුණුහරපයක් දැමීමෙන් ඒවා නරඹන පිරිසක්ද ඇත. විවේචනය කරන පිරිසක්ද ඇත. කැමැත්තෙන් වුව විවේචනයකින් වුව නරඹන ප්‍රමාණය අනුව නැරඹුම් වාර වැඩිවන විට එම ගිණුම් ඉහළ ප්‍රේක්ෂක නැරඹුම් හා ප්‍රතිචාර ඇති ගිණුම් බවට පත් වේ. මේ තත්ත්වයට පත්වීමට ඇතැමුන් ඉතාම පහත් ගණයේ දෑ පවා සමාජ මාධ්‍යයට එක් කරති.
එසේම ඉතාම වැදගත් කාරණාවන් පවා ඉතාම නොසැළකිලිමත් ලෙස විවිධ සංස්කරණයන්ට ලක්කරමින් අසත්‍ය තොරතුරු මුදාහරියි. නිදසුනක් ලෙස දක්වතොත් පසුගිය සමයේ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ එවැනි අසත්‍ය තොරතුරු AI තාක්ෂණයෙන් විවිධ සංස්කරණයන්ට ලක් කරමින් අනවශ්‍ය බියක්, සංවේදී බවක් ඇති කරමින් මිනිසුන් කම්පාවට පක්කිරීමට කළ අන්තර්ගතයන් තුළින් දැකගත හැකිය.
එසේම පුද්ල පෞරුෂයට දැඩි ලෙස හානි වන ආකාරයේ නිර්මාණ සිදු කරමින් ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පවා පුද්ගලිකත්වයට හානි සිදුකරන ආකාරයේ නිර්මාණයන් අපි දකිමු. නිදසුන් ලෙස දක්වතොත් අපේ රටේ දේශපාලන චරිත යොදාගෙන සිදු කරන විවිධ විකට හා හාස්‍ය උත්පාදක දෑ මෙන් ම ස්ත්‍රී රූප නිරුවත් රූප ලෙස නිර්මාණය වශයෙන් මේ ආදි වූ දෑ දැකිය හැකිය. මෙවැනි දේ යමෙකුට විනෝදාස්වාදයක් විය හැකිය. නමුත් මේවැනි දේ නරඹන අනෙකා තුළ අනවශ්‍ය බියක්, කණස්සල්ලක් ඇතිවනවා පමණක් නොව තවකෙකුගේ පෞද්ගලිකත්වය නින්දිත ලෙස හානියට පත් වේ. AI තාක්ෂණයෙන් මුදාහරින එවැනි වැරදි හා නුසුදුසු දෑ පිළිබඳ අවබෝධය ඇති අය ඒවා තේරුම් ගත්තද අනෙකුන් ඒවා සත්‍ය ලෙස පිළිගනි.
තවත් විටෙක ඉතාම අසභ්‍ය වචන භාවිතයන් හමු වේ. අසභ්‍ය වචන අමු අමුවේ සමාජ මාධ්‍යගත කිරීම ඒ තරම්ම සුදුසු වන්නේ ද නැත. අද වන විට සෑම නිවසකම පාහේ ස්මාර්ට් දුරකතනයක් භාවිත වේ. ඒ බොහෝ විට ඒ දුරකතනයෙන් දරුවන්ගේ පාසල් වැඩවලටද භාවිත කරයි. ඒ නිසාම කුඩාම වියේ දරුවන් පවා පාසල් කටයුතු සඳහා භාවිත කරයි. එවැනි අවස්ථාවකදි එවැනි අසභ්‍ය වචන
ඇතමුන් ඒ සාධාරණීකරණය කළ හැක නමුත් එයින් තවත් පාර්ශවයක් අපහසුතාවයට පිළිකුලට පත්වනවා නම් එවන් දේ සමාජගත වීමට සුදුසුද.
ඇසීමෙන් දෙමාපියන්ගෙන් දරුවන් විමසන ප්‍රශ්නවලට දෙමාපියන් ද අසරණ වේ. කෙසේ නමුත් කුඩා දරුවන් හැකි තරම් දුරකතනය භාවිතයෙන් දුරස් කර තිබීම වඩා සුදුදුසු ය. නමුත් එය වර්තමානය තුළ වඩා ප්‍රායෝගික වන්නේ ද යන්න ප්‍රශ්න සහගත ය. මන්ද යත් මේ පරපුර සම්පුර්ණ ජීවිතය ආරම්භ කරන්නෙම තාක්ෂණය සමඟ ය.
එපමණක් ද නොව තවත් සමහර අන්තර්ගතයන් ඉතාම පිළිකුල් සහගත හා අප්‍රසන්න දර්ශන සහිත ඒවාය. නිදසුනක් වශයෙන් මෙරට එක් පුද්ගලයෙකු පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය ගිණුමක ඔහු විසින් ම සිදුකරන විවිධාකාරයේ අප්‍රසන්න දර්ශන, අප්‍රසන්න වචන භාවිතය පෙන්වා දිය හැකි ය. ඔහු සම්බන්ධ එක් සිදුවීමක දී ඔහුට අදාලව නීති ක්‍රියාමාර්ගයන් වෙත ද යොමු කර තිබුණි.
තවත් සමහරු ඉතාම වංචාකාරීව මිනිසුන් රැවටීම, වංචා කිරීම ආදි දේ සිදු කරනු ලබන්නේ ඉතාම සුක්ෂමව ය. ඇතැමුන් සමාජ මාධ්‍ය හොඳ මෙවලමක් කරගෙන සාධාරණව ව්‍යාපාර කටයුතු, ප්‍රවර්ධන කටයුතු සිදු කරගෙන යනු ලැබුවත් ඇතැමුන් මේ මුවාවෙන් අසරණ මිනිසුන් රවටා වංචා සහගත ලෙස මුදල් ගසාකෑම රට පුරාම සිදුවෙමින් පවති. ඒ ගැන අවබෝධයක් නැති මිනිස්සු පමණක් නොව උගත් බුද්ධිමත් මිනිස්සු පවා මේ වංචාවන්ට හසු වෙති. මෙවැනි අසාධාරණකම් වෙනුවෙන් නම් නීතීය ක්රීයාත්මක විය යුතුම ය.
කිසිදු බාධාවකින් තොරව ඕනෑම කෙනෙකුට සමාජ මාධ්‍ය ගිණුමක්ද සකස් කළ හැකිය. එය වරදක් නොවේ. ඒවායේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් යම් කොන්දේසි මාලාවක් හෝ තිබීම වැදගත් ය. එවන් කොන්දේසිවලට යටත්ව අන්තර්ගතයන් එක් කරන්නට හැකි වන පරිදි මෙම ක්‍රමය වෙනස් කළ හැකි නම් වැදගත්ය. එසේ නොවේ නම් අනවශ්‍ය දේ, පිළිකුල් අන්තර්ගතයන් එක්කරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වෙනුවෙන් පියවර ගත යුතුය
යහපත් මාධ්‍ය භාවිතයක් සමස්තයට ම වැදගත්ය. ආචාර ධාර්මීය වශයෙන් එය භාවිත කල යුතුය. මේ හා සම්බන්ධ සෑම දෙයකටම නීතියෙන් හෝ කොන්දේසිවලින්ම ක්‍රියාත්මක කල නොහැකි විය හැකි ය. නමුත් ආචාරධර්මීය, වැදගත්කමින් යුතු අන්තර්ගතයන් එක් කිරීම සමාජමාධ්‍ය ජාලා හිමිකරුවන්ගේ යුතුකමකි. සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉතාම සැලකිල්ලෙන් එය භාවිත කල යුතු ය. කාරණා කෙසේ වෙතත් නිවැරදි භාවිතයක් තුළ සමාජ මාධ්‍ය යනු අතිශය ප්‍රයෝජනවත් හා භාවිතයට සුදුසු ක්‍රමයක් බව සඳහන් කල යුතුය.
නිර්මලා දිසානායක

