සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉදිරි දිනක දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය පසුගිය 9 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සිය රහසිගත නිගමනය කථානායකවරයා හා ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබුණේය.

Leave A Comment