ඥාණසම්පන්ද පරමාචාර්ය ස්වාමි තුමන් මනු ලොවට සමුදුන් බැව් අසා දැඩි සංවේගයට පත් වීමී – කරු ජයසූරිය
- Editor
- May 2, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments

නල්ලෛ තිරුඥාණ සම්පන්දර් ආදීනම් හී ප්‍රධානී, දෙවන ගුරුමහා සන්නිධානම් ශ්‍රීලශ්‍රී සෝමසුන්දර දේශික ඥාණසම්පන්ද පරමාචාර්ය ස්වාමි තුමන් මනු ලොවට සමුදුන් බැව් අසා දැඩි සංවේගයට පත් වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා පවසන්නේ උන් වහන්සේ ඉෂ්ඨ කළ ආගමික මෙහෙය ගෞරවපූර්වකව සිහිපත් කරන අතරෙ උන්වහන්සේට ශිවලෝක ප්‍රාප්තිය ප්‍රාර්ථනය කරන බවයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
නල්ලෛ තිරුඥාණ සම්පන්දර් ආදීනම් හී ප්‍රධානී, දෙවන ගුරුමහා සන්නිධානම් ශ්‍රීලශ්‍රී සෝමසුන්දර දේශික ඥාණසම්පන්ද පරමාචාර්ය ස්වාමි තුමන් මනු ලොවට සමුදුන් බැව් අසා දැඩි සංවේගයට පත් වීමී. උන් වහන්සේ ඉෂ්ඨ කළ ආගමික මෙහෙය ගෞරවපූර්වකව සිහිපත් කරන අතර උන්වහන්සේට ශිවලෝක ප්‍රාප්තිය ප්‍රාර්ථනය කරමි.
කරු ජයසූරිය – නායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

