ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත් නීතිය මුළු රටම එළිමහන් බන්ධනාගාරයක් බවට කිරීමේ වෑයමක් – ගරු ශක්තිවේල් පියතුමා
- Editor
- February 10, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
උතුරු නැගෙනහිර ගැටලු පසෙක තබා, දකුණේ පැන නගින දේශපාලන, ආර්ථික සහ ජාත්‍යන්තර ගැටලු සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි රජය නොදනී. එවැනි සන්දර්භයක් තුළ රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා නීතියක් හඳුන්වා දුන්නොත්, තරුණයින්ට, විකල්ප අදහස් ඇති අයට සහ දේශපාලන ක්‍රියාකාරීන්ට අනාගතයක් නැත. සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ගරු ශක්තිවේල් පියතුමා අනතුරු අඟවා ඇත්තේ එවිට සියලුම රටවැසියන්ට එළිමහන් සිරගෙයක ජීවත් වීමට සිදුවන බවයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයින් රට පුරා විවිධ සාකච්ඡා, දැනුවත් කිරීමේ රැස්වීම් සහ විරෝධතා පවත්වමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙසත්, රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා අලුතින් යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත් රජයට බල කරමින් සිටිති.
විරෝධතාවයේ කොටසක් ලෙස, පසුගිය සතියේ සිකුරාදා (30) කොළඹ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දැනුවත් කිරීමේ ව්‍යාපාර මාලාවක් සමහර සිවිල් සංවිධාන දියත් කර තිබුණි. මීගමුව පුරවැසි සංගමය විසින් අඛණ්ඩව දෙවන සතියටත් සංවිධානය කරන ලද විරෝධතාව පසුගිය 06 වැනි දින පැවැත්විණි.

