ගාසා හි ප්‍රචණ්ඩත්වය  වාර්ගික සුද්දයක් – කරු ජයසූරිය

ඉරාන – ඊශ්‍රායල සටන් විරාම ගිවිසුම පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින් සහ ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන කුරිරුකම් සම්බන්ධයෙන් බලවත් කණ්ස්සල්ල පළ කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා X පණිවුඩයක් (කලින් ට්විටර්)  නිකුත් කර ඇත.

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජනතාවට “අමානුෂික ලෙස සැලකීම සහ අවිචාරවත් ලෙස ඝාතනය කිරීම” හෙළා දකින ජයසූරිය මහතා, එය විග්‍රහ කරන්නේ “යුද්ධයක් නොව වාර්ගික සුද්දයක්” ලෙසිනි.

මේ තත්වය යටතේ මෙම “ම්ලේච්ඡත්වය” අවසන් කිරීමට හදිසි සහ සියලු මට්ටම්වල ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ලෝක නායකයින්, ජාතික පාර්ලිමේන්තු, ප්‍රජාවන් සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි.

මෙම X පණිඩුවයේ මෙසේ සඳහන් විය: “ඉරාන-ඊශ්‍රායල් සටන් විරාමය සහනයක් ගෙන දෙන නමුත් එය උදාසීනත්වයක් ඇති නොකළ යුතුය. ගාසා තීරයේ ජනතාවට අමානුෂික ලෙස සැලකීම සහ අවිචාරවත් ලෙස ඝාතනය කිරීම තවමත් බාධාවකින් තොරව සිදුවෙමින් පවතී. එය යුද්ධයක් නොවේ, එය වාර්ගික සුද්දයකි. ලෝක නායකයින්ගේ සිට ජාතික පාර්ලිමේන්තු දක්වා, ප්‍රජාවන් සහ පුද්ගලයින් ගාසා තීරයේ මුදා හැර ඇති වත්මන් ම්ලේච්ඡත්වය අවසන් කිරීමට හැකි සෑම මට්ටමකින්ම බල කළ යුතුය.” (https://x.com/KaruOnline/status/1938131982732693956 )

ජයසූරිය මහතා ගේ ප්‍රකාශය, වගවීම සහ ක්ෂණික මානුෂීය සහන ඉල්ලා සිටින ජාත්‍යන්තර හඬවල් සමූහයකට සිය හඬ ද එක් කිරීමකි. එවැනි ම්ලේච්ඡත්වයන් හමුවේ නිහඬතාවය යනු අනුග්‍රහයක් බව අවධාරණය කරන ඔහු, සදාචාරාත්මක ධෛර්යය සහ දේශපාලන කැමැත්ත ඉල්ලා සිටියි.

ජූලි 01 වන අඟහරුවාදා අල් ජසීරා වාර්තා කළ පරිදි, ගාසා තීරය පුරා ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් පලස්තීන ජාතිකයින් 95 දෙනෙකු මිය ගිය අතර, එක්සත් ජනපද-ඊශ්‍රායල සහාය ලබන ආධාර බෙදා හැරීමේ ස්ථානවල ආහාර සොයමින් සිටි දුසිමකට අධික පිරිසක් ද ඒ අතර වූහ. මේ අතර, ඊශ්‍රායල අවහිරය යටතේ ළදරු කිරිපිටි සැපයුම් වියළී යාමෙන් ළදරුවන් දහස් ගණනක් මිය යා හැකි බවට ගාසා තීරයේ වෛද්‍යවරු අනතුරු අඟවති.

Leave A Comment