කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
- Editor
- January 6, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙත අවධාරණය කළ බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ තමා බල දේශපාලන කඳවුරක කුමන ආකාරයක කොටස්කරුවෙකු හෝ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් නොවුණ ද රටට ආදරයක් හා රට කෙරෙහි ගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන තම උපරිම කැපවීම ඉදිරි ජීවිත කලය පුරාම සිදුකිරීම තම අධිෂ්ඨානය වන බව කරු ජසූරිය මහතා සඳහන් කළ බවයි.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
මාධ්‍ය නිවේදනයයි
කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අප වෙත දැනුම් දීමක් කර තිබේ.
කරු ජයසූරිය මහතා විසින් මෙම අවධාරණය කරන ලද්දේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කරනු පිණිස කරු ජයසූරිය මහතා මැදිහත් කර ගැනීමට එක්තරා මන්ත්‍රීවරුන් පිරිසකගේ ඇති සූදානමක් පිළිබඳව පළ වී ඇති මාධ්‍ය වාර්තාවක් පිළිබඳව අප සංවිධානය වෙත දැනුම් දීමක් සිදුකරමිනි.
එහිදී කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ තමා බල දේශපාලන කඳවුරක කුමන ආකාරයක කොටස්කරුවෙකු හෝ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් නොවුණ ද රටට ආදරයක් හා රට කෙරෙහි ගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන තම උපරිම කැපවීම ඉදිරි ජීවිත කලය පුරාම සිදුකිරීම තම අධිෂ්ඨානය වන බවය.
සුනිල් ජයසේකර, මහ ලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

