කොතලාවල වෛද්‍ය පීඨය යළිත් දේශීය සිසුන්ට විවෘත කිරීම ඉදිරිගාමී පියවරක් – කරු ජයසූරිය

ප්‍රමාද වී හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දේශීය සිසුන් සඳහා නැවැත විවෘත කිරීම ඉදිරිගාමී පියවරක් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා X නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. මෙහිදී ජයසූරිය මහතා වැඩි දුරටත්  පෙන්වා දුන්නේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා දේශීය සිසුන්ට ඇති අවස්ථා අහිමි කර විශාල වියදමක් දරා විදේශගත වීමට ඔවුන් පෙළඹවීම  කිසිවෙකුටත් වාසිදායක නොවන බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

ප්‍රමාද වී හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දේශීය සිසුන් සඳහා නැවැත විවෘත කිරීම ඉදිරිගාමී පියවරක් බවත්, වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා දේශීය සිසුන්ට ඇති අවස්ථා අහිමි කර විශාල වියදමක් දරා විදේශගත වීමට ඔවුන් පෙළඹවීම  කිසිවෙකුටත් වාසිදායක නොවන බවත්, නිසි නියාමනය තුළින් ශ්‍රී ලංකාව සැබෑ අධ්‍යාපන සහ සෞඛ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විසින් අද (08) දින X පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

Leave A Comment