තොරතුරු කොමිසමේ සභාපති ධූරයට කඩිනමින් ‘සුදුස්සෙක්’ පත්කරන්න – පැෆරල් ජනපතිගෙන් ඉල්ලයි
- Editor
- July 10, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments

මාස තුනකට වැඩි කාලයක් පුරා පුරප්පාඩුවී පවතින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI) කොමිෂන් සභාවේ සභාපති ධූරය සඳහා කඩිනමින් සුදුස්සෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පත් කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන, මහජනයාගේ ගෞරවයට පාත්‍ර වූ, දූෂණ චෝදනා නොමැති ඊට ගැළපෙන අයෙක් පත් කරන්නයැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් වී මාස තුනකට අධික කාලයක් ගතව ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට සුදුස්සෙකු නම් නොකිරීම හේතුවෙන් සමාජයට අතිමහත් ජයග්‍රහණයක් ලබා කර දුන් තොරතුරු කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මහත් බාධාවක් වී ඇතැයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
දශක 03 කට ආසන්න කාලසීමාවක් සමාජය තුළ සංවාදයට ලක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත ලෙසින් නෛතික රාමුවට එකතු වීම පුරවැසියන් ලද සුවිශාල ජයග්රහණයක්යැයි එම නිවේදනයේ අවධාරණය කරයි.
අල්ලස හා දූෂණය වැළැක්වීම වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හා පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු සමාජගත කිරීම හරහා මෙතෙක් නොවූ විරූ තොරතුරු සංස්කෘතියක් බිහිවී ඇතැයි එහි සඳහන් වේ.
මේ අතර එම කොමිෂන් සභාවට සම්පත්වල හිඟයක් පවතී නම් එයද මගහරවා ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ව්‍යස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටින්නේ යැයි පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

