විද්‍යුත් මාධ්‍ය සිදු කරන වැරදි හදන්න විධිමත් ක්‍රමයක් නෑ – විජයානන්ද රූපසිංහ
- Editor
- January 8, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

විජයානන්ද රූපසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජන සන්නිවේදන අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය
රූපවාහිනී සංඛ්‍යාත ජනතාවගේ අයිති බවක් රූපවාහිනි සංඛ්‍යාත බෙදීමේ ක්‍රියාවලිය මුල සිටම පැහැදිලි කරන්නේ. 1990 ගණන්වල තමයි ලංකාවේ මේ සාකච්ඡාව මුල සිට ආවේ. එවිටත් ඔය ප්රශ්නය නිරාකරණය වෙලා තිබුණේ නැහැ. නමුත් 1995 ඉන්දීය අධිකරණය දුන්න තීන්දුවක් තිබෙනවා සංඛ්‍යාත කියන්නේ මහජන දේපලක් කියලා. එයත් සමග මේ මතය ලෝකය පුරා තහවුරු වෙලා ගොඩක් දෙනෙක් කතා කළා.
මීට ප්‍රතිවිරුද්ධ මතය ඇති වන්නේ 1995න් පසුව වර්ල්ඩ් වයිඩ් වෙබ් (වෙබ් සයිට්) ආරම්භ වීමත් සමඟයි. මේ හරහා ඕනෙ කෙනෙකුට ඕනි මාධ්‍යයක් අරඹන්න පුළුවන් හා ඒ තුළින් ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මාධ්‍යයක් පටන් ගන්න පුළුවන්. ඒවා සංඛ්‍යාත නොවුනත් ලෝකයේ ඕනෑ තැනකට යන්න පුළුවන් කියන කාරණය පැහැදිලි කරලා සමහරු අර්ථ දක්වලා තිබෙනවා.
නමුත් පෞද්ගලිකව මම හිතනවා ඒක සංඛ්‍යාත සමග ගලපන්න බැහැ කියලා. සංඛ්‍යාත කියන්නේ සීමිත සම්පතක්. ඒ සීමිත සම්පත තමයි බෙදා දෙන්නේ. උදාහරණයක් ලෙස 120 පිළියන්දල පිටකොටුව මාර්ගයේ ධාවනය කළ හැකි බස් රථ ප්‍රමාණයක් තිබෙනවා. අපි බස් රථ දෙසීයකට පමණ අවසර දෙන්නේ නැහැනේ. අවශ්‍ය ප්‍රමාණයට පමණයි අවසර දෙන්නේ.
ITU (ඉන්ටනැෂනල් ටෙලිකොමියුනිකේෂන් යූනියන්) විසින් තමයි එක් එක් රටවල් සඳහා සංඛ්‍යාත පරාස බෙදා දීම සිදු කරනු ලැබුවේ. ඒ අනුව ලංකාවට දුන්න සංඛ්‍යාත පද්ධතිය තමයි TRC හරහා එක් එක් නාලිකාවලට බෙදා දී තිබෙන්නේ. මේක සීමිත සම්පතක්. සීමිත සම්පත මහජන දේපළක් ලෙස තමයි අපට සලකන්න වෙලා තිබෙන්නේ.
ලංකාවෙ සංඛ්‍යාත පෞද්ගලික අංශයට ලබාදීමත් එක්ක තමයි අවිධිමත් විදිහට ලබාා දුන්නේ. මුලින් සංඛ්‍යාත ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයකුත් සිය නමට බලපත්‍රයක් ලබා ගත්තා. ඒක තමයි කොලම්බු කොමියුනිකේෂන් ලිමිටඩ් ලෙස “සවන” කියන පුද්ගලික ගුවන් විදුලි නාලිකාව මුලින්ම ආරම්භ කළේ. ඊට පස්සේ ලියාපදිංචි නැති සහ දේශපාලන හිතවත්කම්වලට තමයි ඉතිරි සංඛ්‍යාතත් ලබා දුන්නේ. හිටපු ජනාධිපතිවරුන් ලෙස ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ බලපත්‍ර බෙදා දුන්නේ තම දේශපාලන බලතල භාවිතා කරමිනුයි. චන්ද්‍රිකා ජනාධිපතිනිය විශ්‍රාම ගන්නා විට එතුමියගේ නමටත් බලපත්‍රයක් ලබාගෙන තිබුණා. එය තමයි පසුව කිරුළ ලෙස බිහි වුණේ. අවිධිමත් විදිහට තමයි බලපත්‍ර ලබාදුන්නේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හෙළ උරුමයට සහ ජනතා විමුක්ති පෙරමුණට සංඛ්‍යාත බලපත්‍ර ලබා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් බලපත්‍රය තමයි වී.එෆ් ලෙස වෙනත් අයෙකු විසින් ඇරඹුවේ.
එසේම බලපත්‍ර ලබා දුන්නේ අන් සතු කළ නොහැකි කියන කොන්දේසිය යටතේ. නමුත් අපේ රටේ බොහෝ අය බලපත්‍රය අරගෙන විකිණීම සිදු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ බලපත්‍රයක් තුන්දෙනෙකුට පමණ විකුණලා තිබෙනවා. රුපියල් ලක්ෂයට ගන්න බලපත්‍රය රුපියල් ලක්ෂ දෙතුන් සියයකට තමයි විකිණෙන්නේ. දැන් අවසානයේ බෙදිය හැකි බෙදා අවසන්. ඩිජිටල් කිරීමෙන් පමණයි තවත් 200 කට පමණ බලපත්‍ර ලබාදිය හැක්කේ. දැන් තිබෙන ක්‍රමය යටතේ ගැටළුවක් තමයි තිබෙන්නේ.
ලෝකයේ ඕනෑම රටක සංඛ්‍යාත බෙදා හැර චැනල් ආරම්භ කිරීමෙන් පසුව එය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකසනවා. නමුත් අපේ රටේ නියාමනයක් ආවෙම නෑ. 1992 අපේ රටේ සංඛ්‍යාත බෙදා හැරීමෙන් පසුව විජයතුංග ජනාධිපතිවරයාගේ සමයේ කැබිනට්ටුව විසින් විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරියක් සකසන්න අනුමත කළ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තුවට එන විට ආණ්ඩු මාරුවෙලා චන්ද්‍රිකා ජනාධිපතිනියයි බලයේ සිටියේ. එවිට කලින් ආණ්ඩුවේ සිටි පිරිස මේ පනතට එරෙහිව අධිකරණයට ගියා. මේ අධිකාරිය මාධ්‍ය නිදහසට හානි කරයි කියලා. හැබැයි එහි නඩු තීන්දුවේදී විනිසුරුවරයා සඳහන් කර තිබුණා පොදුවේ පිළිගත් නියාමන ක්‍රමයක් සැකසිය යුතුයි කියලා.
නමුත් ඉන් පසුව ආ හැම ආණ්ඩුවක්ම නියාමන ක්‍රමයක් ගෙන ඒමට උත්සහ කලත් කිසිම නාලිකාවක් හෝ ජනමාධ්‍ය සංවිධානයක් ඒ වෙනුවෙන් උදව් කළේ නැහැ. ඔවුන් හිතනවා නියාමනයක් විය යුතු නැහැ කියලා.
මේ නියාමනය ක්‍රම දෙකකට සිදුවිය යුතුයි. පළමු එක තමයි තාක්ෂණික වශයෙන් සිදු කරන නියාමනය දෙවැන්න තමයි වැඩසටහන් අන්තර්ගතය පිළිබඳ නියාමනය නමුත් අපේ රටේ ඔය දෙකම සිදුවන්නේ නැහැ. බලපත්‍ර ලබාදීමේදී දක්වා ඇති කොන්දේසිවලට වගන්තියක දක්වා තිබෙනවා ඒ රටේ බලපවත්වන ආචාර ධර්ම සංග්‍රහය අනුව කටයුතු කරන්න ඕනෑ කියලා. නමුත් විද්‍යුත් මාධ්‍ය සඳහා එවැනි ආචාර ධර්ම පද්ධතියක් සකසලා නෑ. ඒ ගැටළුව තාම තිබෙනවා.
කෙසේ නමුත් විෂය භාර අමාත්‍යවරයාට යම් ආයතනයකට හෝ පුද්ගලයකුට ලබා දුන් සංඛ්‍යාත බලපත්‍රයක් අහෝසි කළ නොහැකි. නමුත් ලංකාවෙ තිබෙනවා රජ එෆ්.එම් නාලිකාවට විරුද්ධව ජනමාධ්‍ය අමාත්‍යාංශය ගොනු කළ පැමිණිල්ල. අසභ්‍ය ගණයේ වැඩසටහනක් විකාශනය කිරීමට එරෙහිව තමයි මේ පැමිණිල්ල ගොනුකර තිබුණේ. එවකට ජනමාධ්‍යය අමාත්‍යවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා මේ සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුව වාර්තාව අනුව තමයි ඒ නාලිකාව තහනම් කලේ. ඉන්පස්සේ ඔවුන් සිය අන්තර්ගතය වෙනස් කර වෙන නමකින් නාලිකාව ආරම්භ කළා.
ඒ වගේම 2015 ආණ්ඩුව සමයේ CSN නාලිකාව සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වයේදී ක්‍රීඩා නාලිකා සඳහා මිලියන ගණනක බද්දක් පැනවූවා. එවක ක්‍රීඩා නාලිකාවක් ලෙස පැවතුණේ CSN පමණයි. එහි ප්‍රතිඵලය වුණේ එම බද්ධ ගෙවා ගත නොහැකි නිසා නාලිකාව විකුණා දැමීමයි.
ඒ වගේම දෙරණ නාලිකාව විසින් එවක ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාවක් වැරදියට දැම්මැයි එවක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් දෙරණ නාලිකාව තහනම් කරමින් ලිපියක් යොමු කළා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. අන්තිමට සිදු වුණේ ලේකම්වරයාට ඉවත්ව යෑමට සිදුවීමයි.
අපේ ප්රශ්නය වෙන්නේ මෙවැනි ගැටලුවකදි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි දැක්වෙන විධිමත් ක්‍රමවේදයක් නොතිබීමයි. පුවත්පතක් සිදුකරන වැරැද්දක් සම්බන්ධව පැමිණිලි කිරීමට පුවත්පත් මණ්ඩලය හෝ පුවත්පත් පැමිණිලි කොමිසම වෙත යන්න පුළුවන්. එවිට වැරැද්දක් සිදුකර තිබෙනවා නම් සමාව ගැනීම හෝ නිවැරදි කර පළ කිරීම සිදුකළ හැකි. නමුත් විද්‍යුත් මාධ්‍ය සම්බන්ධව එවැනි විධිමත් ක්‍රමවේදයක් නෑ. චැනල් සම්බන්ධව ගැටලුවක් ආවොත් අනුගමනය කරන පියවර කුමක්ද කියලා දෙයකුත් නෑ.
දැන් ගැටලුව පැන නැගිලා තිබෙන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළා කියන කාරණයනේ. එවන් අසත්‍ය ප්‍රවෘත්තියක් දැම්මා නම් එය නිවැරදි කරගන්නා ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. මගේ අදහස වෙන්නේ අවිධිමත් ලෙස රූපවාහිනී නාලිකා විසි ගණනකට සහ එෆ්.එම් චැනල් පනස් ගණනකට ලබාදී ඇති බලපත්‍ර නැවත බෙදා දීමක් (Re Alocate)සිදු කළ යුතුයි. මින් අදහස් කරන්නේ දැන් බලපත් ලබා දී තිබෙන අයට ලබා නොදෙනවා යන්න නොවෙයි. අලුත් බලපත්‍රයක් යටතේ, අලුත් කොන්දේසි යටතේ අලුත් මිලක් යටතේ අලුතෙන් බලපත්‍ර බෙදා දීමකුයි.
උපුටා ගැනීම – (ඉරිදා ලංකාදීප)

