සංඛ්‍යාත අයිතිය යොදා ගෙන මාධ්‍ය මර්ධනය කරන්න පුළුවන්ද ? – ලක්සිරි වික්‍රමගේ

ලක්සිරි වික්‍රමගේ – උපසභාපති – ටීවී දෙරණ/ ලේකම් – විද්‍යුත් විකාශකයන්ගේ සංගමය

1930 ගණන්වල ඇමරිකන් නඩු තීන්දුවක් අනුව තීරණය වුණා සංඛ්‍යාත ජනතාවගේ කියලා. ඒ තීන්දුව සඳහා බලපෑ සාධකය වුණේ විරලභාවයයි. ඒ කාලයේ සන්නිවේදන මාධ්‍ය දියුණු නැහැ. 1960 ගණන්වල මේ තීන්දුව අහෝසි වෙනවා. සන්නිවේදනය දියුණු වෙලා ඕනෑ තරම් සන්නිවේදන මාධ්‍ය ඇතිවීම අනුව මෙහි විරලභාවයක් නැහැ යන මත ඉදිරිපත් වෙනවා. මේ වන විට ඊටත් වඩා වැඩි සන්නිවේදන මාධ්‍ය ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව දැන් සංඛ්‍යාත විරල නැහැ.

එසේම සැටලයි ටීවි බිහිවීම නිසා සංඛ්‍යාතවල අවශ්‍යතාවක් නැහැ. දැන් සංඛ්‍යාත නැතුව ඩයලොග් ටීවී හෝ පියෝ tv ටීවී හි චැනල් එකක් කරලා දාන්න පුළුවන්. සංඛ්‍යාත අවශ්‍ය වන්නේ ඇන්ටනාවක් හරහා බලනවා නම් විරයි.

මේ වන විට නෙට්ෆ්ලික්ස් වැනි VOD platforms ඕනෑ තරම් තියෙනවා. ඒවායින් ඕනෑම චැනල් එකක්, නාට්‍යයක, ඕනෑම නිවුස් එකක් ඕනෑ විදිහට යවන්න පුළුවන්. එවිට ඒක විරල නෑ.

මාධ්‍ය මර්ධනය කරන්න කලින් කලට විවිධ කාරණා හොයනවනේ. හැබැයි මේකෙන් මර්ධනය කරන්න හම්බවෙන්නේ නැහැ. කරන්න හැදුවට එහෙම කරන්න බැහැ.

යුද්ධ කාලයේ කොටින්ට කඩේ ගිය මාධ්‍ය නාලිකාත් තියෙනවානේ රටේ හදිසි නීතිය තියෙද්දී, යුද්ධයක් තියෙද්දි නීත්‍යානුකූල රජයක් සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර යුද්ධයක් තියෙද්දි ත්‍රස්තවාදී කණ්ඩායමේ පැත්ත ගත්ත නාලිකාත් තියෙනවනේ.

ලෝකය දැන් තිබෙන්නේ 50 ගණන්වල හෝ 40 ගණන්වල නෙවෙයි. අද සංඛ්‍යාත කියන එකේ ඇති වැදගත්කමක් නෑ. Youtube හෝ සෝෂල් මීඩියා හරහා කොයි තරම් සන්නිවේදනය කරනවද? ජනතාවගේ, ජනතාවගේ කියන කතා සෝෂල් මීඩියාවලට පෙර යුගයේ කතාවක්.

ලෝකෙ මධ්‍යස්ථයි කියන නාලිකා කොහෙද තියෙන්නේ? විවිධ මත විවිධ විදිහට ප්‍රකාශයට පත් කිරීම තමයි සිද්ධ වෙන්නේ.

ෆොක්ස් එකේ කියන විදිහට නෙවෙයි CNN එකේ කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ට විහිළුකාරයන් පවා යොදාගෙන විවේචනය කරන්න CNN කටයුතු කළා. මාධ්‍ය කියන්නේ විවිධයි, විෂමයි.

අනියම් විදිහට එක් නාලිකාවක් මර්ධනය කරලා අනික් අයට වැඩි වාසියක් ලබා දීමක් තමයි වෙනවා වෙනවානම් වෙන්නේ. රජයේ ම මාධ්‍යම දෙකක් තියෙනවා. රජයේ නොවන මාධ්‍යය රජය අපහසුතාවට පත් කරනවා නම් රජයට පුළුවන්නේ ඒ හඬ යටපත් කරන්න රජය පැත්තෙ නම් ජනතාව හිටගන්නේ ජනතාව අහන්නේ රජයේ මාධ්‍යය කියන දේනේ. එවිට රජයේ මතය රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න පුළුවන්නේ. ඒකනේ සමබරභාවය කියන්නේ. ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාව තිබිය යුතුයි.

රජය එක මාධ්‍ය නාලිකාවක් මර්දනය කරන්න යනවා කියන එකෙන්ම රජය පිළිගන්නවා ජනතාව ඒ නාලිකාව තමයි නරඹන්නේ කියලා. ලංකාවේ ටෙලිවිෂන් නාලිකාම කීයක් තියෙනවද? රජයේ නාලිකා දෙකක් සහ රජය පැත්තට කතා කරන පුද්ගලික නාලිකා තිබියදී සෙසු නාලිකා නම් ජනතාව නරඹන්නේ ඒක මාරයිනේ.

විද්‍යුත් සන්නිවේදකයන්ගේ සංගමය ලෙස අපි ඔය කාරණය සම්බන්ධව ලිපියක් රජය වෙත ලබා දුන්නා.

මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප

Tags:

Leave A Comment