දූෂණ විරෝධී පනතට ගෙන එන සංශෝධන තුළ බරපතළ ගැටලු තිබෙනවා – මහේෂි හේරත්, විධායක අධ්‍යක්ෂිකා, TISL
- Editor
- August 27, 2026
- මතවාද, සිංහල Header
- 0 Comments
මහේෂි හේරත්, විධායක අධ්‍යක්ෂිකා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය
මේ ප්‍රශ්නයට උත්තර දීමට ‘ශ්‍රී ලංකා දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම – 2025-2029 වෙත සහ එහි 27 වැනි පිටුව වෙත මුලින්ම අවධානය යොමු කරන්න මම කැමතියි. එහි මෙසේ සඳහන් වෙනවා, “2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ අදියරේ දී ‘දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව කරන සමාලෝචනයේ පළමු සහ දෙවන සමාලෝචන චක්රයන්වලින් ලැබුණු, නිර්දේශයන් වලින් ලැබුණු සියලු අනිවාර්ය සහ විකල්ප නිර්දේශයන් සැලකිල්ලට ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ හොඳම දූෂණ විරෝධී නීතිවලින් එකක් ලෙස මෙය සැලකේ”. මේ සටහන අනුව ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන පනත අපටත් ප්‍රශ්නයක්.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත මේ වන විට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. පනතේ වගන්ති 18ක් සංශෝධනය කිරීමට නියමිත අතර වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙනත් කටයුතු සඳහා භාවිතය තහනම් කිරීම සහ පනතේ ඇප ලබා දීම සඳහා වූ වගන්ති නව සංශෝධනයෙන් වෙනස් කර ඇත. ප්‍රධාන ප්රඥප්තියේ සිංහල භාෂා පිටපතේ ඇති වරදක් නිවැරදි කිරීමට, රාජ්‍ය සංස්ථාවල මාණ්ඩලික නිලධරයන් ඇතුළත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන ඇතුළත් කිරීම වැනි කාර්ය කිහිපයක් ද මෙම සංශෝධනය හරහා යෝජනා කර තිබේ.
නව සංශෝධන පනතේ යම් යම් වගන්ති සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සහ දූෂණයට එරෙහි පුද්ගලයින් මේ වනවිටත් දැඩි විරෝධයක් එල්ල කර ඇත.
රජය මේ මොහොතේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇයි ?, රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් විවිධ හේතු ඉදිරිපත් කරනවා. නමුත් සිවිල් සමාජය මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනත් මතයක්. ඔබගේ අත්දැකීම් අනුව මේ තත්ත්වය පැහැදිලි කළ හැකි ද ?
මේ ප්‍රශ්නයට උත්තර දීමට ‘ශ්‍රී ලංකා දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම – 2025-2029 වෙත සහ එහි 27 වැනි පිටුව වෙත මුලින්ම අවධානය යොමු කරන්න මම කැමතියි. එහි මෙසේ සඳහන් වෙනවා, “2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ අදියරේ දී ‘දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව කරන සමාලෝචනයේ පළමු සහ දෙවන සමාලෝචන චක්රයන්වලින් ලැබුණු, නිර්දේශයන් වලින් ලැබුණු සියලු අනිවාර්ය සහ විකල්ප නිර්දේශයන් සැලකිල්ලට ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ හොඳම දූෂණ විරෝධී නීතිවලින් එකක් ලෙස මෙය සැලකේ”. මේ සටහන අනුව ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන පනත අපටත් ප්‍රශ්නයක්.
අපි හොඳටම දන්නවා මේ පනත 2023 දී සම්මත කළාට මේ ගැන 2027-18 කාලයේ සිට පුළුල් සංවාදයක් තිබුණා. ඒක පුළුල් සංවාදයක් සහ සාකච්ඡාවක් තුළින් තමයි 2023 දී පනතක් ලෙස සම්මත වුණේ. මේ පනත කෙටුම්පත් කිරීමේ දී අදහස් ලබා දෙන්න කියලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අපේ ආයතනයටත් ආරාධනා කළා.
මේ පනත කෙටුම්පත් කරන විට මේ හා සම්බන්ධ අදාළ සියලුම රාජ්‍ය ආයතන, ඇතැම් සිවිල් සංවිධාන සහ අන්තර් ජාතිකව මේ සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වන පිරිස් ගණනාවකගේ සහභාගීත්වයෙන් තමයි මේ පනත කෙටුම්පත් කළේ. 2018 සිට 2023 දක්වා සිදු වුණ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස තමයි 2023 දී මේ පනත සම්මත කළේ.
මෙසේ දීර්ඝ ක්‍රියාවලියක් තුළින් සම්මත වූ පනතක් තමයි වත්මන් ආණ්ඩුව සංශෝධනය කිරීමට යන්නේ. එහි වගන්ති 80ක් සහ වත්කම් සහ බැරකම් නීතිය සම්බන්ධ සංශෝධන ආණ්ඩුව ගේන්නේ. නමුත් වත්කම් බැරකම් නීතිය හරියට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ මේ වසරේ, 2026 වර්ෂයේ සිට. වත්කම් – බැරකම් නීතිය හරියට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිය දී තමයි ආණ්ඩුව මේ සංශෝධන ගෙනාවේ.
මේ අතර වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සත්‍යාපන ක්‍රියාවලියේ දී විමර්ශනය සිදුවන විට ‘අයථා පොහොසත් වීමට’ අමතරව ‘බැඳියාවන් අතර ගැටුම’ කියන වැරැද්දත් නව සංශෝධනවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් කොමිෂමට වෙනත් වාර්තාවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව (රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු වාර්තාවලට) 2023 සංශෝධනයේ තිබෙනවා. යෝජිත සංශෝධනයට සමාගම් රෙජිස්ටර් ද ඇතුළත් කරලා තිබෙනවා.

භාෂා අතර ගැටුම
ලංකාවේ නීතියේ සමහර අවස්ථාවල අධිකරණ කටයුතු වලදී සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා අතර ගැටලු ඇති වෙනවා. එවැනි අවස්ථාවල සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ පනතට තමයි වැඩි බරක් ලැබෙන්නේ. මේ පනත තුළත් එවැනි ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා.
මෙම භාෂා ගැටලුවට අමතරව ආණ්ඩුව යෝජනා කර තිබෙන සංශෝධන මේ තරම් ඉක්මනට ගෙනාවේ ඇයි කියලා බොහෝ දුරට හිතා ගන්න අමාරුයි. උදාහරණයක් ලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු කණ්ඩායමේ අඩු – වැඩි කිරීමක් යෝජිත සංශෝධන පනත් කෙටුම්පත හරහා කරලා තිබෙනවා. නිදසුනක් ලෙස මාධ්‍ය සමාගම්වල කර්තෘ මණ්ඩල සාමාජිකයෝ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු කාණ්ඩය තුළ හිටියා. නමුත් නව සංශෝධනයෙන් ඒ පිරිස ඉවත් කර තිබෙනවා.
මේ අතර වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සත්‍යාපන ක්‍රියාවලියේ දී විමර්ශනය සිදුවන විට ‘අයථා පොහොසත් වීමට’ අමතරව ‘බැඳියාවන් අතර ගැටුම’ කියන වැරැද්දත් නව සංශෝධනවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් කොමිෂමට වෙනත් වාර්තාවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව (රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු වාර්තාවලට) 2023 සංශෝධනයේ තිබෙනවා. යෝජිත සංශෝධනයට සමාගම් රෙජිස්ටර් ද ඇතුළත් කරලා තිබෙනවා.
තවත් උදාහරණයක් ගත්තොත්, වත්කම් සහ බැරකම් සම්බන්ධ වැරදි කළ පුද්ගලයෙක් විශ්‍රාම යද්දී ආදාළ දඩ මුදල ගෙවා නැතිනම් ඔහු හෝ ඇයගේ විශ්‍රාම වැටුපෙන් අදාළ දඩ මුදල අයකර ගැනීමට හැකියාව ලබා දෙන සංශෝධන යෝජිත පනත තුළ තිබෙනවා. ඒ අතර ධනාත්මක සංශෝධන ලෙස සැලකිය හැකි සංශෝධන කිහිපයකුත් මේ අතර තිබෙනවා.
ප්‍රධාන කරුණ තුනක්
නමුත් අපි යෝජිත පනතේ ප්‍රධාන කරුණු තුනක් (03) නිරීක්ෂණය කර තිබෙනවා. පළමු කරුණ තමයි වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිෂමට භාර දුන් පසු (විද්‍යුත් ක්‍රමයට) අල්ලස් කොමිෂම එම ප්‍රකාශවල යම් යම් සංශෝධනය කර (හැඳුනුම්පත් අංකය, බැංකු ගිනුම් අංක, දේපොළවල ලිපිනයන් ඉවත්කර) ජනතාවට ඒවා වෙත ප්‍රවේශ විය හැකි ආකාරයට උඩුගත කළා. නමුත් යෝජිත සංශෝධනයෙන් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙත ප්‍රවේශය සීමා කර තිබෙනවා. ජනතාවට මේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ බලන්න පුළුවන්, නමුත් මේ ප්‍රකාශ පාවිච්චි කරන්න පුළුවන් (86 වගන්තිය අනුව) ආයතන කිහිපයකට පමණයි. ඒවා අතර නීතිපති දෙපාර්තමේන්තුව, මූල්‍ය බුද්ධි අංශය, අල්ලස් කොමිෂම, විශේෂ පොලිස් ඒකක වල නිලධාරීන්, පොලිස්පති, විනිමය පාලන දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් කොමසාරිස් වැනි පුද්ගලයින්ට ලබාදීමට පමණක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
පුරවැසියන් මේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉහත පුද්ගලයින් වෙත ලබා දීමකින් තොරව වෙනත් දේවල් වලට පාවිච්චි කළොත් රුපියල් 100,000ක දඩ මුදලක් සහ අවුරුද්දකට නොවැඩි සිර දඬුවමකට ලක් කිරීමට පුළුවන්.
අප නිරීක්ෂණය කළ දෙවන කරුණ වන්නේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට පෙර සංශෝධනය කළ යුතු ආකාරය 2023 පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා. සංශෝධනය කළ හැකි සහ සංශෝධනය නොකළ යුතු දේවල් එහි දක්වා තිබෙනවා. නමුත් යෝජිත පනතේ තිබෙනවා, ඉහත නීතිවලට අමතරව, මෙම ප්‍රකාශ ඉදිරිපත් කළ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානිකර බව අල්ලස් කොමිෂම නිගමනය කරන්නේ නම් ‘අල්ලස් කොමිෂම කැමැති ඔ්නෑම තොරතුරක් වසං කිරීමට’ අල්ලස් කොමිෂමට බලය තිබෙනවා’ කියලා.
අපි නිරීක්ෂණය කළ තෙවැනි කරුණ තමයි, 2023 නීතියේ තිබුණා, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දුන් පුද්ගලයා සමඟ මාස හයක් ‘එකට ජීවත් වූ පුද්ගලයින්’ ද අදාළ පුද්ගලයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය මඟින් හෙළිදරව් කළ යුතුයි කියලා. නමුත් යෝජිත සංශෝධනයෙන් මේ වගන්තිය සම්පුර්ණයෙන් ඉවත් කරලා තිබෙනවා. මෙය මහජන ප්‍රවේශය සම්බන්ධ ගැටලුවක් නොවෙයි. ඉතාම පැහැදිලිව මේ කරුණු ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් ම නැහැ.
මෙහි ගැටලුව කුමක් ද ?
ඉහත කරුණ ‘ප්‍රධාන ගැටලුවක්’ ලෙස අපි මතු කිරීමට හේතු තිබෙනවා. මෙහි දී ‘වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි කියන නීතියක් අවශ්‍ය වුණේ ඇයි ?’ කියන කරුණ වැදගත් වෙනවා. වර්තමානය වන විට 200,000කට ආසන්න පිරිසක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටිනවා. අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ සියලු දෙනාම හොරු කියලා. මේක නෙමෙයි වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පදනම. එහි පදනම තමයි ‘නිවාරණය’ කිරීමට මේ නීතිය භාවිත කිරීම. මේ පනත ගෙනාවේ දඬුවම් කිරීමට පමණක් නොවෙයි.
මෙහි ඇති විශේෂත්වයක් තමයි, තොරතුරක් බෙදා හැරලා ඒක පාවිච්චි කරන්නේ කොහොමද ? කියලත් කියා දීම. මාධ්‍යකරුවන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සහ සාමාන්‍ය ජනතාවට, පර්යේෂකයින්ට මේක මෙවලමක්. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කළ පුද්ගලයා තමන්ගේ, තම කාලත්‍රයාගේ, දු දරුවන්ගේ ආදි පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධ කර ඇති ප්‍රකාශ නිවැරදි ද කියලා සොයා බලන්නත් මේ ප්‍රකාශ වැදගත් වෙනවා.
නමුත් යෝජිත නීතිය අනුව මේ කිසිවෙකුට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට හැකි වුණත් ඒවා හෙළිදරව් කිරීමට නොහැකි වෙනවා. යම්කිසි ආකාරයකින් මේ ප්‍රකාශ හෙළිකොළොත් දඬුවම් සහ දඩයකට යටත් වීමට සිදුවෙනවා.
අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු පුද්ගලයා සමඟ අවම වශයෙන් මාස හයකට ආසන්න කාලයක් ‘එකට ජීවත් වූ’ පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් ලබාදීම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තවත් බරපතළ තත්ත්වයක්. අපි අත්දැකීමෙන් දන්නවා පසුගිය කාලයේ අල්ලස් කොමිෂම විසින් චෝදනා ගොනු කළ ඇතැම් පුද්ගලයින් අල්ලස් කොමිෂමට යන්නේ ඔවුන් සමඟ සමීපව කටයුතු රියැදුරන්, ලේකම්වරුන් සහ මෙහෙකරුවන් සමඟයි. මේ නීතිය සම්පාදනය සිදුවෙද්දීත් (2017-18) මේ ගැන සාකච්ඡා වුණා. ඒ සාකච්ඡා තුළ ඇතිකර ගත් එකඟත්වය මත තමයි මේ වගන්තිය අල්ලස් පනත ඇතුළත් කළේ.
සංවාදයෙන් තොර සංශෝධනයක්
අනෙක් කරුණ තමයි අල්ලස් නීතියක් තිබෙන්නේ ‘ලංකාවේ පමණයි’ කියලා අපි හිතන්න හොඳ නැහැ. මේක ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන නීතියක්. නමුත් 2023 සිට අද දක්වාම මේ නීතිය හරියට ක්‍රියාත්මක වීමට නොදී, ‘ගහෙන් ගෙඩි එන්නා සේ හදිසියේ’ මේ නීතිය සංශෝධනය කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.
ඒ වගේම මේ යෝජිත සංශෝධනය කිසිම ආකාරයකින් සමාජ සංවාදයකට ලක් කරලා නැහැ. මේක කඩිමුඩියේ ගෙන ආ සංශෝධනයක්. පොඩි පොඩි, නොවැදගත් සංශෝධනවලට මුවා වෙලා බරපතළ සංශෝධන හිමීන් සිරුවේ රිංගවීමට ගන්නා උත්සාහයක් මේ තුළ තිබෙනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන ගැන විමසුමක්’ නම් තේමාව යටතේ පැවැති 287 කතිකාවේ දී මහේෂි හේරත්, (විධායක අධ්‍යක්ෂිකා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය) විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මාධ්‍යවේදී ෂාන් විජේතුංග විසින් මෙම සංවාදය මෙහෙය වන ලදි.
සටහන – තුෂාල් විතානගේ

