ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ වෙනස්වීම් තුළ මුහුණදිය යුතු අභියෝග – මහාචාර්ය රොහාන් සමරජීව
- Editor
- September 23, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
2024 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජන සංගණන වාර්තාව අනුව මෙරට ජන සංයුතියේ සිදුව ඇති වෙනස් වීම් විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විශේෂ අවධානයට යොමු වී තිබේ. නමුත් සාමාන්‍ය භාවිතයේ ජන සංයුතියේ සිදුව ඇති වෙනස්කම් වාර්ගික හෝ ආගමික පදනමකින් උපුටා දැක්වීම බහුලව සිදුවේ. මහාචාර්ය රොහාන් සමරජීවට අනුව එයින් අදහස් කරන්නේ, ‘සිංහල මිනිස්සු කොච්චර සිටිනවාද, දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද, මුස්ලීම් මිනිස්සු කොච්චර ඉන්නවාද ? යන්නය.
සාමාන්‍ය භාවිතයේ දී මෙය මේ ආකාරයෙන් සිදු වුවත් ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය කතිකාව නිර්මාණය කරන සිවිල් සංවිධානවල විෂය පථයට අනුව ජන සංයුතියේ සිදුවන වෙනසක් සංකීර්ණ තත්ත්වයකි. එසේම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු පාර්ශ්ව අවධානය යොමු කරන්නේ වයස් කාණ්ඩ වැනි තීරණාත්මක වෙනස්කම් වෙතය.
“ප්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කරන්නේ තරුණ ජනගහනය කොමපමණ ද, වැඩිහිටි ජනගහනය කොපමණ ද, සහ වැඩ කරන වයසේ ජනගහනය ආදි කාරණා වෙතයි. මෙහි දී ප්‍රශ්න තුනක් වෙත අවධානය යොමු වෙනවා. කොපමණ ළමුන් සිටිනවා ද (අවුරුදු 15ට අඩු), අවුරුදු 15ට වැඩි 60ට අඩු වැඩ කළ හැකි වයසේ ජනගහනය කොපමණ ද සහ වැඩිහිටි ජනගනය කොපමණ ද (ලංකාවට අනුව අවුරුදු 65ට වැඩි) යන්න ගැන අවධානය යොමු කළ යුතුයි” මහාචාර්ය සමරජීව ශ්‍රී ලංකාවේ ජනගහනය වයස් සංයුතිය අනුව වර්ග කොට ඇති ආකාරය පැහැදිලි කළේය.

ඔහුට අනුව 1990 දශකය වන විට ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය තුළ යම්කිසි ආකාරයක ‘පිරිමිඩාකාර හැඩයක්’ පැවතියේය. එම ආකෘතිය අනුව පිරිමිඩයේ පතුළ වැඩකරන වයසේ ජනගහනය නියෝජනය කරමින් පුළුල්ව පැති අතර ඉහළට යත්ම ජනගහනයේ පැහැදිලි අඩු වීමක් දැකගත හැකි විය.
2026 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය පිරිමිඩය සම්පූර්ණයෙන්ම වෙනස් හැඩයක් ගෙන ඇත. නව ප්‍රවණතාව තුළ ළමා ජනගහනය කුඩා වෙමින් පවතින අතර අවුරුදු 65ට වැඩි වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී. 2050 වන විට සිදුකර ඇති පුරෝකථනයට අනුව අවුරුදු 65ට වැඩි වැඩිහිටි ජනගහනය විශාල වශයෙන් වර්ධනය වන අතර තරුණ සහ ළමයි ලෙස සැලකෙන කොටස ක්‍රමයෙන් සංකෝචනය වන්නේය.
- ශ්‍රම බළකායේ වෙනසක් නෑ

“ අපි ගණන් බලා තිබෙන ආකාරයට ලංකාවේ ජනගහන සංයුතිය තුළ ශ්‍රම බළකායේ සැලකිය යුතු වෙනසක් 2040 පමණ වන තෙක් සිදුවෙන්නේ නැහැ” මහාචාර්ය සමරජීව තව දුරටත් සිය අදහස පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය.
ඉහත ප්‍රස්ථාර සටහනට අනුව 2012 සහ 2024 ජන සංගණනයේ ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකිය. (ලා නිල් සහ තද නිල් ලෙස). ඉහත ප්‍රස්ථාර සටහනට අනුව 2012 දී 25.2% සිට 20.7% දක්වා වයස අවුරුදු 15ට අඩු කාණ්ඩයේ පහළ යාමක් දැකගත හැකිය. නමුත් වැඩ කළ හැකි ජනගහනය, අවුරුදු 15ට වැඩි 65ට අඩු ජනගහනයේ සැලකිය යුතු පහළ යාමක් (0.2%ක) දැක ගත හැකි අතර එය ‘ස්ථායී’ තත්ත්වයක පවතී.
නමුත් 2012 දී 7.9% සිට 2024 දී 12.6% දක්වා අවුරුදු 65ට වඩා වැඩි ජනගහනය වේගයෙන් වර්ධනය වී ඇත.
ජනගහනයේ වයස් ව්‍යුහය ගැන සාකච්ඡාවකදී ඉස්මතු කරන ප්‍රධාන කරුණක් වන්නේ අවුරුදු 15ට අඩු ළමා ජනගහනය යම්කිසි කණ්ඩායමක් විසින් රැක බලා ගැනීම හෙවත් නඩුත්තු කිරීම කළ යුතු බවයි. එසේම අවුරුදු 65ට වැඩි වැඩිහිටි ජනගහනය සම්බන්ධ අදහස වන්නේ ඔවුන් ශ්‍රම බළකායට දායක නොවන නමුත් ඔවුන් ද රැකවරණය අවශ්‍ය ජනතාවක් ලෙස සැලකිය හැකි බවයි.

ඉහත ප්‍රස්ථාර සටහනට අනුව 60%ක පමණ ප්රතිශතයක පැවති රැකවරණය ලබාදිය යුතු ළමා ජනගහනය 1981 දී 60% සිට 2024 වන විට 30% දක්වා අඩු වී ඇත. නමුත් 1981 දී 9%ක පමණ අගයක තිබූ අවුරුදු 65ට වැඩි වැඩිහිටි ජනගහනය 2024 වන විට 20%කට ආසන්න ඉහළ අගයක් දක්වා වර්ධනය වී ඇත. 30%ක් වන ළමා ජනගහනය සහ 20%ක් පමණ වන වැඩිහිටි ජනගහනය එක්ව ගත් විට වැඩ කරන ජනගහනයට 50%ක පිරිසකගේ බර දැරීමට සිදුවී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙහි අදහස වන්නේ වැඩ කරන ජනගහනයට ළමයි රැක බලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද රැක බලා ගැනීමට සිදුව ඇති බවයි. ඒ බව පහත ප්‍රස්ථාර සටහන අනුව තව දුරටත් පැහැදිලි කරගත හැකිය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ ‘ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ වෙනස්වීම් තුළ මුහුණදිය යුතු අභියෝග’ යන තේමාව යටතේ පැවැති 291 වැනි කතිකාවේ ආරම්භක ප්‍රවේශය ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ

