තවත් ඝාතන රැල්ලක් ආරම්භ වෙලා – කරු ජයසූරිය

වවුනියාව ප්‍රදේශයෙන් හමු වන ශරීර කොටස් සහ කහවත්ත ප්‍රදේශයේ සිදුවූ ඝාතන ආකාරයේ මෙන්ම තවත් ඝාතන රැල්ලක් ආරම්භ වී තිබෙන බව හිටපු කතානායක  කරු ජයසූරිය මහතා X  පණිවුඩය් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අද (03) දින නිකුත් කළ මෙම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වූයේ ජන ජීවිතවල සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නීති විරෝධී ආයුධ සමාජයෙන් ඉවත් කිරීම සඳහා  දැඩි පියවරයන් ගත යුතු බව අපගේ විශ්වාසය බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

වවුනියාව ප්‍රදේශයෙන් හමු වන ශරීර කොටස් සහ කහවත්ත ප්‍රදේශයේ සිදුවූ ඝාතන ආකාරයේ මෙන්ම තවත් ඝාතන රැල්ලක් ආරම්භ වී තිබේ.

මෙය නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා දැඩි තර්ජනයක් ඇති කරයි. මේවා හුදෙකලා සිදුවීම් නොව සංවිධානාත්මක බරපතළ අපරාධ පිළිබඳ සංඥා වේ. ජන ජීවිත වල සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නීති විරෝධී ආයුධ සමාජයෙන් ඉවත් කිරීම සඳහා  දැඩි පියවර ගත යුතු බව අපගේ විශ්වාසයයි.

Leave A Comment