ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට

රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා …

Continue Reading

2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළැඹි තීරණයට අනුව, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පවරා ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය සැපයීම සහ අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නම් කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. මෙම කමිටුවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය ඇමති සුනිල් …

Continue Reading

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ඒ …

Continue Reading

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා විසඳුම් කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට උපදෙස්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් …

Continue Reading

දරිද්‍රතාව, ආදායම් බෙදීයාම සහ ගෘහස්ථ සුබසාධනය පිළිබඳ වත්මන් තත්ත්වය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

දරිද්‍රතාව, ආදායම් බෙදීයාම, ගෘහස්ථ සුබසාධනය සහ ඊට අදාළ කරුණු පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (13) රැස් වූ මෙම කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව හා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රටේ සමාජ හා ආර්ථික දත්ත …

Continue Reading

ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් …

Continue Reading

රාජ්‍ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට

මෙරට රාජ්‍ය ආදායම් රැස් කරනු ලබන ප්‍රධාන ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මෙරට රාජ්‍ය ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා …

Continue Reading

වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිට ඇති ව්‍යවස්ථාපිත බලය සංවරණ හා තුලනයකට යටත් කළ යුතුයි  – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

වර්තමානය වන විට ලෝකය පුරා වර්ධනය වී තිබෙන නෛතික පූර්වා දර්ශයන් සහ ලංකාවේ තිබෙන තත්ත්වයක් සමඟ මෙම බලය කිසියම් ආකාරයක සංවරණ හා තුලන ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එහි අදහස වන්නේ හේතු දැක්වීමකින් තොරව, හේතු රහිතව ජනපති සමාව ප්‍රදානය කිරීම ගැටලු සහගතය. එනිසා ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමයක්  අවශ්‍ය වේ. ‘ජනාධිපති සමාව’ ලබාදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ සමාජය …

Continue Reading

කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය, ව්‍යාපාර සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ …

Continue Reading

සුදුසු පරිදි, ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් – IMF

“සුදුසු පරිදි, ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකින්,” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බව එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජේන්-චන්ද්‍ර / Sonali Jain-Chandra අද (15) පැවසුවාය. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය “බොහෝ දුරට දියුණු වී ඇති” අතර, එහි මූල්‍ය කාර්ය සාධනය ඉතා ශක්තිමත් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බව බැංකොක්හි පැවති IMF …

Continue Reading