‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව …

Continue Reading

අප්‍රිකාව කුඩා කළ මර්කේටර් සිතියම ඉවත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ බහුතර සහාය

අප්‍රිකාවේ ප්‍රමාණය වඩාත් නිවැරදිව පෙන්වන සිතියමක් සඳහා, සාම්ප්‍රදායික මර්කේටර් සිතියම විධිමත් ලෙස ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා ඡන්දය දී තිබේ. රටවල් 164ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජනපදය පමණක් ඡන්දය ප්‍රකාශ කළේ නැත. රටවල් හයක්ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නෛතික බලයක් නොමැති බැවින්, රටවල් සහ ආයතන නව ප්‍රක්ෂේපණය …

Continue Reading

U.N. Says Sri Lanka Risks Losing Its Chance to Break With a Past of Impunity

GENEVA — Nearly two years after Sri Lankans elected a government that promised to dismantle the machinery of impunity, the United Nations human rights office said Thursday that the opening for change was closing. In a report to the Human Rights Council, the office credited the government with moving against corruption and reopening several political killings and disappearances. But it found …

Continue Reading

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අවසන්

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසන් කළේය. ඒ අනුව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීරණය කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය නිවේදනය කළේය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දින දෙකක් පුරා පෙත්සම් සලකා බැලුවේය. ලබන සඳුදා දහවල් …

Continue Reading

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී …

Continue Reading

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ගැනේ

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට (04) දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (03) උදෑසන මෙම පෙත්සම් විභාගයට ගැනිණි. පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් …

Continue Reading

New Court of Appeal Judge Sajeewani Dilka Lakmali Sworn In

Ms Sajeewani Dilka Lakmali Karunannayake was sworn in as a Judge of the Court of Appeal before President Anura Kumara Dissanayake at the Presidential Secretariat this afternoon (03). She previously served as an Additional Solicitor General at the Attorney General’s Department. The appointment has been made to fill a vacancy on the Court of Appeal. Secretary to the President Dr …

Continue Reading

නව අභියාචනාධිකරණ විනිසුරු සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කළාය. දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

‘ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් නඩුවට අසුන් නොගත්තේ ඇයි ? වාචිකව පිළිතුරු දීමේ අයිතිය නොදීමත් අවාසනාවන්තයි’ – පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු

පෙත්සම් විභාගයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු (Steven Thiru) කණස්සල්ලෙන් කළ කතාව අපි නඩු විභාගයේ දී සිදු වූ දේවල් නිරීක්ෂණය කළා. මූලික නිරීක්ෂණ කිහිපයක් ඇතුළත් වාර්තාවක් පිළියෙළ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විනිසුරුවරුන් ඉතාම ඉවසීමකින් යුතුව කටයුතු කරමින් අද දවස පාලනය කළා. අද දිනයට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. කෙසේ වෙතත්, මම හිතන්නේ …

Continue Reading

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් 14ක් අද (3) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් මෙම විනිසුරු මඬුල්ල සමන්විත වේ. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ශ්වකරුවන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත. දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ජනතාවගේ ස්වෛරීභාවය ඇතුළුව ආණ්ඩුක්‍රම …

Continue Reading