පාස්පෝට් සහ හැඳුනුම්පත් හොර පාර
මෙය Border Control System Software වල දුර්වලතාවයක් හා දූෂිත නිලධාරීන් තනාගෙන ඇති දූෂිත අධිරාජ්‍ය යේ තරම පෙන්වන්නකි. ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍යම කෙතරම් කුණු වී දුඟඳ හමන තත්වයකට පත්ව ඇත්ද යන්නට හැඳුනුම්පත් කාර්යාලයත්, ආගමන විගමන කාර්යාලයත් තවත් උදාරන දෙකක් පමණි. ජනාධිපතිගේ අවධානයට. ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිතා …
Continue Reading
‘ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා’
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, ඇය ඉතිරි කළ හිස්තැන …
Continue Reading
යෝජිත ආරෝග්‍යා වැඩසටහන යහපත් එකක් වුණත් ජයගත යුතු විසඳා ගත යුතු ගැටලු රැසක් තිබෙනවා – ඊෂා කප්පරගේ – හෙද නිලධාරිනී
-
Editor
-
September 18, 2026
-
මතවාද, විශේෂාංග
-
opinion
-
0 Comments
රජයේ රෝහල් සඳහා යෝජිත ප්‍රවේශ ආකෘතිය ප්‍රායෝගික ද? විශේෂයෙන් මහජන සෞඛ්‍ය සේවයේ අති විශාල මුදලක් නිකරුණේ නාස්ති වෙනවා, අපතේ යනවා. යම්කිසි තිරසාර, ඵලදායී වැඩපිළිවෙළක් තුළින් මේ නාස්තිය අවම කර ගැනීමට හැකි නම් ආරෝග්‍යා වැඩපිළිවෙළට අමතර මුදලක් වැය කළා කියලා අමතර බරක් දැරීමට සිදුවෙන්නේ නැහැ. ආරම්භක අවස්ථාවේ දී සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදු වුණත් දීර්ඝ කාලීනව එය ඵලදායී වෙයි කියලා …
Continue Reading
අප්‍රිකාව කුඩා කළ මර්කේටර් සිතියම ඉවත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ බහුතර සහාය
අප්‍රිකාවේ ප්‍රමාණය වඩාත් නිවැරදිව පෙන්වන සිතියමක් සඳහා, සාම්ප්‍රදායික මර්කේටර් සිතියම විධිමත් ලෙස ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා ඡන්දය දී තිබේ. රටවල් 164ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජනපදය පමණක් ඡන්දය ප්‍රකාශ කළේ නැත. රටවල් හයක්ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නෛතික බලයක් නොමැති බැවින්, රටවල් සහ ආයතන නව ප්‍රක්ෂේපණය …
Continue Reading
අපේ විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නේ කවුද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධානය මත 2022 වසරේදී විදුලි ගාස්තු 225%කින් ඉහළ දැමීමෙන් එල්ල වූ දැඩි බලපෑමේ සිට, අඛණ්ඩව ඉහළ යන විදුලි ගාස්තු ප්‍රවණතාව ලිහිල් වනු ඇතැයි ශ්‍රී ලාංකික විදුලි පාරිභෝගිකයෝ බලාපොරොත්තුවෙන් පසුවෙති. වරින් වර සිදු කෙරෙන සමාලෝචනවලදී සුළු අඩු කිරීම් කිහිපයක් සිදු වුවද, පහත දැක්වෙන පරිදි සමස්තයක් ලෙස ගත් කල ඔවුන් මුහුණ දී ඇත්තේ අඛණ්ඩව ගාස්තු ඉහළ යාමේ අවාසනාවන්ත …
Continue Reading
අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා – නාමල් කරුණාරත්න, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම සාකච්ඡාවේ දී ඔවුන් ද හෙළි කළේ මෙවර ඉතා හොඳ අස්වැන්නක් තිබෙන බවයි. ඔව්, අපි අපේක්ෂා කළ ආකාරයට 2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කළා. ඒ අනුව මුලතිව්, …
Continue Reading
දරුවාගේ අවසාන භාරකාරයා රාජ්‍යය කියන සංකල්පය අද බිඳ වැටිලා – වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපති, ළමා හිංසනයට තිත පදනම
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්‍යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර මේ පැමිණිලි තමයි වැඩි පුරම ලැබුණේ. නමුත් මේ වන විට (කිසියම් හේතුවක් නිසා) මේ වර්ගීකරණය කිරීමේ වෙනසක් කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම සහ ඉහළ අධිකරණවල පවතින …
Continue Reading
එල් නීනෝ (El Niño) සහ ලා නීනා (La Niña) ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට එල්ල වන නිහඬ අභියෝගය
දේශගුණික විපර්යාස පිළිබඳ කතාබහ අද ලෝකයේ වඩාත් වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. අධික උෂ්ණත්වය, නියඟ, ගංවතුර, කුණාටු සහ අසාමාන්‍ය වර්ෂාපතනය වැනි සිදුවීම් ලෝකයේ සෑම කලාපයකම පාහේ වර්ධනය වෙමින් පවතී. මෙම තත්ත්වයන් පිටුපස ඇති ස්වභාවික දේශගුණික ක්‍රියාවලීන් අතරින් වඩාත් ප්‍රබල සංසිද්ධි දෙකක් ලෙස එල් නීනෝ (El Niño) සහ ලා නීනා (La Niña) හැඳින්විය හැකිය. මෙම සංසිද්ධි පැසිෆික් සාගරයේ සිදුවුවද, ඒවායේ බලපෑම් …
Continue Reading
කාලගුණයේ අවිනිශ්චිතතාව හා එල් නිනෝ අවදානම හමුවේ ශ්‍රී ලංකාව
මෙම වසරේ මාර්තු මස ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසයේ අග භාගය වන විට සාමාන්‍ය අගයන් අභිබවා යමින් සැලකිය යුතු ලෙස ඉහළ නැගී ගියේය. සාමාන්‍යයෙන් මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී ශ්‍රී ලංකාවට උපරිම ලෙස හිරු එළිය ලැබෙන වකවානුවක් වුවද, මෙවර දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද පැවති දරාගත නොහැකි උෂ්ණත්වය හේතුවෙන් සමස්ත ප්‍රජාවම පත් වූයේ දැඩි …
Continue Reading
ශ්‍රී ලංකාවේ ජනගහනයේ ස්ත්‍රීකරණය
ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසයේ වඩාත්ම වැදගත් ජනවිකාස සංක්‍රාන්තියකට භාජනය වෙමින් පවතී. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2024 සංගණනයට අනුව, දැන් ජාතික ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වන අතර රට එකවර උපත් අනුපාත පහත වැටීම, වයස්ගත වන සමාජයක් සහ වැඩි වන ආර්ථික පීඩනයකට මුහුණ දෙයි. මෙම වෙනස්කම් හුදකලා වර්ධනයන් නොවේ. එක්ව, ඔවුන් ජනගහනයේ ස්ත්‍රීකරණය ලෙස විස්තර කළ හැකි දෙයකට යොමු …
Continue Reading