The CBSL releases the key findings of the Systemic Risk Survey (SRS) – H1 2026

The Central Bank of Sri Lanka (CBSL) has released the key findings of the latest edition of the Systemic Risk Survey (SRS) conducted for the first half (H1) of 2026 capturing market participants’ perceptions of the financial system. This survey was conducted between 19 December 2025 and 16 January 2026, in the immediate aftermath of the Ditwah cyclone.

Continue Reading

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත.

Continue Reading

මිනිස් ජාවාරවේ අලුත්ම හෙළිදරව්ව: රුසියාව වෙනුවෙන් මරාගෙන මැරීමට ශ්‍රී ලාංකිකයින් සැපයීම

යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධයේ දී ශ්‍රී ලාංකික සටන්කරුවන් 275 දෙනකු මේ දක්වා ඝාතනයට ලක්ව ඇති බව යුක්රේනයේ යුද සිරකරුවන්ට සැලකීම සඳහා වූ සම්බන්ධීකරණ මූලස්ථානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පවසයි. නව දත්ත වලට අනුව දකුණු ආසියානු මරණ සංඛ්‍යාවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලාංකිකයන් වන අතර, යුක්රේන යුධ බිමේ දී ඝාතනයට ලක් වූ සටන්කරුවන් 455 දෙනාගෙන් 275 ක් ශ්‍රී ලාංකිකයන්ය. 2025 ජනවාරි …

Continue Reading

Revealed: At least 455 Southasians killed fighting for Russia in Ukraine war, Ukraine says

New data from Ukraine shows Sri Lankans top Southasian death toll, accounting for 275 of 455 killed, while Southasian fighters and their families report human trafficking and coercion in recruitment AT LEAST 455 Southasians have been killed fighting for Russia in the Russo-Ukrainian war, according to data provided to Himal Southasian and the Organised Crime and Corruption Reporting Project by Ukraine’s Coordination Headquarters …

Continue Reading

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර: මළවුන් අමතක කළ නොහැක – ජෙහාන් පෙරේරා

වත්මන් ආණ්ඩුව තේරී පත්වූයේ සත්‍යය, යුක්තිය සහ වගවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙමිනි. කතෝලික පල්ලිය විශේෂයෙන් ආණ්ඩුවට මෙම පොරොන්දුව මතක් කර දී ඇති අතර පිළිතුරු සඳහා දිගටම බලපෑම් කරයි. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් එකක් වන 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණවල නව ප්‍රගතියක් ඇත්තේ මේ නිසා විය හැකිය. 2019 පාස්කු ඉරිදා සිදුකරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් …

Continue Reading

‘Rebuilding Sri Lanka’ ஜனாதிபதி செயலணி கூடியது

இடம்பெயர்ந்து முகாம்களில் உள்ள மக்களுக்கு விரைவான தீர்வுகளை வழங்குங்கள் – பிரதமர் கலாநிதி ஹரினி அமரசூரிய “Rebuilding Sri Lanka” ஜனாதிபதி செயலணி, பிரதமர் கலாநிதி ஹரினி அமரசூரியவின் தலைமையில் நேற்று (05) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் கூடியது. ‘டித்வா’ சூறாவளியினால் ஏற்பட்ட அனர்த்த நிலைமையின் பின்னர், நாடு முழுவதும் முன்னெடுக்கப்படும் மீட்பு, புனர்வாழ்வு மற்றும் புனரமைப்புப் பணிகளை ஒருங்கிணைப்பதற்காக இந்த ‘Rebuilding Sri Lanka’ ஜனாதிபதி செயலணி நிறுவப்பட்டுள்ளது. அனர்த்தத்தினால் பாதிக்கப்பட்ட மக்களுக்கு விரைவான மற்றும் நிரந்தரமாக நிவாரணங்களை வழங்குதல், அத்தியாவசிய உட்கட்டமைப்பு …

Continue Reading

“Rebuilding Sri Lanka” Presidential Task Force Meets

The Presidential Task Force for Rebuilding Sri Lanka convened the Presidential Secretariat under the patronage of Prime Minister Dr. Harini Amarasuriya. The Presidential Task Force for Rebuilding Sri Lanka has been established to coordinate nationwide recovery, rehabilitation and reconstruction efforts following the disaster situation caused by Cyclone Ditwah. The Task Force is entrusted with overseeing the provision of swift and …

Continue Reading

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි

අවතැන් කඳවුරුවල සිටින ජනතාව වෙනුවෙන් කඩිනමින් විසඳුම් ලබා දෙන්න – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය “Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර තිබේ. ආපදාවෙන් පීඩාවට …

Continue Reading

සංවර්ධන ජාවාරම සහ පරිසරයේ හෙට දවස : පරිසරවේදී සජීව චාමිකර සමඟ විවෘත කතිකාවක්

වර්තමාන සමාජය තුළ පරිසරවේදීන් දෙස බලන ආකාරය පිළිබඳව ඇත්තේ විවිධ මතවාදයන්ය. බොහෝ දෙනෙක් පසන්නේ පරසරවේදීන් රටේ සංවර්ධනයට බාධාවක් බවයි. නමුත් සැබෑ තත්ත්වය එයද? ප්‍රවීණ පරිසවේදී සජීව චාමිකර මහතා සමඟ  MidPoint TV) නාලිකාව පැවැත්වූ සාකච්ඡාවකින් හෙළි වූයේ අප හඳුනාගත යුතු තිත්ත ඇත්තකි. ඔහුට අනුව පරිසරවේදය සහ සංවර්ධනය යනු දෙකක් නොව එකකි. සංවර්ධන ජාවාරම යනු කුමක්ද? පරිසරවේදීන් කිසිවිටෙකත් සංවර්ධනයට විරුද්ධ නොවන බවත්, ඔවුන් පෙනී සිටින්නේ ‘තිරසර සංවර්ධනය’ (Sustainable Development) වෙනුවෙන් බවත් සජීව මහතා පවසයි. තිරසර සංවර්ධනය යනු පරිසරය, සමාජය සහ ආර්ථිකය යන සාධක තුනම එකිනෙකට බද්ධ වූ ක්‍රියාවලියකි. මෙය වර්තමානය මෙන්ම අනාගතයද සුරක්ෂිත කරන යාන්ත්‍රණයකි. නමුත් වර්තමානයේ අප දකින්නේ සංවර්ධනය නොව ‘සංවර්ධන ජාවාරමකි’. මෙම ජාවාරම්කරුවන් තමන්ගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහා පරිසරවේදීන් සංවර්ධන විරෝධීන් ලෙස හංවඩු ගසමින් සමාජ මතවාදයක් ගොඩනැගීමට උත්සාහ කරයි. අපේ රටේ පරිසර සාක්ෂරතාවය ඉතා අඩු මට්ටමක පැවතීම නිසා ජනතාවට මෙම තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමට අපහසු වී ඇත. නව රජය සහ පැරණි ජාවාරමේ දිගුව වත්මන් රජය බලයට පත් වූයේ ‘මිහිකත පරිසර ප්‍රතිපත්තිය’ වැනි ඉතා ධනාත්මක පොරොන්දු සමඟිනි. එහෙත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් ක්‍රියාත්මක කරන්නේද පහුගිය රජයන් අනුගමනය කළ ‘සංවර්ධන ජාවාරමේම දිගුවක්’ බව සජීව මහතා චෝදනා කරයි. උදාහරණයක් ලෙස මණ්ඩයියු ක්‍රිකට් ක්‍රීඩාංගනය, නකල්ස් රක්ෂිතයේ කෝබට් ගැප් හරහා කැපෙන මාර්ගය සහ මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය කෙරෙහි එල්ල වන විවේචන ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සහ නිලධාරීන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජාතික භෞතික සැලැස්ම වැනි සමාගම් කේන්ද්‍රීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පුහුණු වී සිටීමයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ සංකල්පය මත පදනම්ව සකස් කළ ජාතික භෞතික සැලැස්ම අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. හම්බන්තොට වැනි මහා නගර ව්‍යාපෘතිවලින් සාමාන්‍ය ජනතාවට, ධීවරයින්ට හෝ ගොවීන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව ඔහු පෙන්වා දෙයි. බලශක්ති ස්වෛරීභාවය සහ සමාගම් ඒකාධිකාරය වර්තමාන රජය ‘හරිත බලශක්තිය’ (Green Energy) ගැන කතා කළද, සිදුවන්නේ සුළං සහ සූර්ය බලය මහා පරිමාණ සමාගම් කිහිපයක ඒකාධිකාරයකට පත් කිරීමයි. මන්නාරමේ අදානි ව්‍යාපෘතිය මෙයට හොඳම උදාහරණයකි. බලශක්ති ස්වෛරීභාවය රට තුළ තබා ගන්නවා වෙනුවට, විදේශීය සමාගම්වලට එම අයිතිය ලබා දීමෙන් රටේ ආර්ථිකය තවදුරටත් බිඳ වැටේ. නිවාස මත සවි කරන සූර්ය පැනල හරහා ජනතාවට විදුලිය ලබා ගැනීමට ඇති අවස්ථාවන් අහුරා, ජල විදුලිය වැනි ස්වභාවික ප්‍රභවයන් ක්‍රමානුකූලව බිඳවට්ටමින් සමාගම්වලට වාසි සැලසීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සජීව මහතා පවසයි. ජනතාව මෙම සමාගම්වල ගොදුරු බවට පත් වන්නේ නම් පරිසරවේදීන්ට කළ හැකි දෙයක් නොමැති බව ඔහු අවධාරණය.

Continue Reading

නව ව්‍යාවස්ථා සම්පාදන ක්‍රියාවලියට තරුණ ප්‍රජාවගේ වැදගත්ම

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට තරුණ ප්‍රජාවගේ වැදගත්කම අද විශේෂයෙන් කතා කළ යුතු කරුණක් ලෙස පෙනී යයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපේ රටට සැබෑ අවස්ථාවක් තිබේද යන්නත්, සමාජයේ මිනිසුන් ඒ පිළිබඳව කොතරම් උනන්දුවක් දක්වනවාද යන්නත් අද විමසා බැලිය යුතු වේ. මේ වනවිටත් ඇතැම් දේශපාලනික පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් ගැන සිතන බව පෙනී යන නමුත්, 2015–2016 කාලයේ තිබූ සමාජමය උනන්දුව හා සාකච්ඡා තත්ත්වය වර්තමානයේ අඩු වී ඇති බවක් ද දක්නට ලැබේ. ඇත්ත වශයෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික පාලන පද්ධතිය තීරණය කරන ලේඛනයකි. එබැවින් එය දේශපාලන නායකයින් අතර පමණක් සිදු වන සාකච්ඡාවක් නොව, සමාජයේ සියලුම පිරිස් සම්බන්ධ වන විවෘත සංවාදයක් විය යුතුය. විශේෂයෙන්ම සිවිල් සමාජය මෙම ක්‍රියාවලියේ වැදගත් භූමිකාවක් ඉටු කරයි. බොහෝ අවස්ථාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා සිදු වන්නේ ශ්‍රාස්ත්‍රීය හෝ විද්‍යාත්මක මට්ටමින්ය. නමුත් සමාජය තුළ සිටින සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳව කොතරම් අවබෝධයක් තිබේද, ඔවුන්ගේ දෛනික ජීවිතයට ඒක කෙසේ සම්බන්ධ වේද යන්න ගැන අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය. විශේෂයෙන්ම අලුත් රටක් ගොඩනගන්න අවශ්‍යය බවට තරුණයන් අතර ඇති උනන්දුව අද දක්නට ලැබේ. මෙය දකුණේ සිංහල තරුණයන් අතර පමණක් නොව, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ තරුණයන් අතරද පවතින අදහසක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව, නව ව්‍යවස්ථා සාකච්ඡාවක් ආරම්භ කළ යුතු නම් එය තරුණ ප්‍රජාවගේ අදහස් හා බලාපොරොත්තු වලින් ආරම්භ කිරීම වැදගත් වේ. බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කළ විට තරුණයන්ටද එහි සක්‍රීය භූමිකාවක් ලබා දීම වැදගත්ය. අද ශ්‍රී ලංකාවේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ බලය මධ්‍යගත වී තිබීමයි. එබැවින් බලය බිම් මට්ටමේ සිට ඉහළට ගෙන ඒම සහ ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ස්වෛරීභාවය පිළිබඳව කතා කරන විටද එය අවසානයේ ජනතාව අතේ ඇති බලයක් බව අවබෝධ කරගත යුතුය. එබැවින් යහපාලනයක් ගොඩනගා ගැනීම සඳහා සමාජයේ සියලුම පිරිස් සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ප්‍රජාවන් සම්බන්ධ කරගැනීම වැදගත් වේ. පසුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී මහජන විමසුම්දායක කමිටුව හරහා රට පුරා ජනතාවගෙන් අදහස් විමසීමක් සිදු කර තිබුණි. එම අදහස් වලින් සමහර පොදු මූලධර්ම හඳුනාගත හැකි වුවත්, එම ක්‍රියාවලියට සම්බන්ධ වූයේ දේශපාලනික හෝ නීතිමය අවබෝධයක් ඇති පිරිසක් බවද පෙනී යයි. එබැවින් එයට එහා සිටින සමාජයේ සාමාන්‍ය ජනතාවගේ සහ විශේෂයෙන්ම නව පරම්පරාවේ අදහස් දැනගැනීම අත්‍යවශ්‍ය වේ. Z පරම්පරාව ලෙස හඳුන්වන නව තරුණ පරම්පරාවගේ අවශ්‍යතා, අගයන් සහ අනාගත දැක්ම කුමක්ද යන්න වටහා ගැනීම නව ව්‍යවස්ථා ක්‍රියාවලියකට ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස, නේපාලය යුද්ධයෙන් පසු සහ බලය පරිවර්තනය වූ පසු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත් රටක් ලෙස සඳහන් කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ දකුණේ කැරැල්ල අවසන් වී දශක ගණනාවක් ගත වී ඇති අතර, උතුරු–නැගෙනහිර යුද්ධය අවසන් වීද වසර කිහිපයක් ගත වී ඇත. එහෙත් නව පරම්පරාවට ඒ ඉතිහාසය, ඒවායේ අයිතිවාසිකම් හා සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් බොහෝවිට නොමැත. එබැවින් නව ව්‍යවස්ථාවක් ගැන කතා කිරීමට පෙර මෙම ඉතිහාසය, ගැටලු සහ අයිතිවාසිකම් පිළිබඳ විවෘත සමාජ සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධ විවිධ වාර්තා සහ යෝජනා වසරින් වසර තිබුණද, ඒවා බොහෝවිට සමාජයෙන් වෙන් වූ ලේඛන ලෙස පවතී. එබැවින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ සැබෑ සමාජීය සම්බන්ධතාවයක් ඇති කිරීමට නම්, එම ක්‍රියාවලිය සමාජය අතරට ගෙන යාම අවශ්‍ය වේ. අවසන් වශයෙන් කිව යුතු වන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ක්‍රියාවලිය සාර්ථක වන්නේ එය ජනතාවගේ සහභාගීත්වය මත පදනම් වූ විවෘත සංවාදයක් බවට පත් වූ විටය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව දකුණ, උතුර සහ නැගෙනහිර ඇතුළු රට පුරා සියලුම ප්‍රදේශවලින් මෙම සංවාදයට සම්බන්ධ කර ගැනීම අනාගතයට වගකිව යුතු පියවරක් වේ. එවිට රටේ විවිධත්වය පිළිගන්නා, යහපාලනය ශක්තිමත් කරන සහ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රගතිශීලී ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමට හැකි වේ. ඒ අනුව, නව ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම පමණක් නොව, එයට සුදුසු සමාජ පරිසරයක් ගොඩනගා ගැනීමද අපගේ වගකීමකි. එම පරිසරය සකස් කරගැනීම සඳහා තරුණයන්ගේ අදහස්, ඔවුන්ගේ අවශ්‍යතා සහ අනාගත දැක්ම අවධානයට ගනිමින්, සමාජයම සම්බන්ධ කරගන්නා විවෘත සංවාදයක් ආරම්භ කිරීම අද කාලයේ අතිශය වැදගත් වේ. | නෙත්මා ප්‍රියමාලි හෙට්ටිආරච්චි

Continue Reading